උසස් පෙළ ද බුර්කාව ද
මුස්ලිම් ශිෂ්‍යාවන් පිරිසක් උසස් පෙළ පරීක්‍ෂණයට බුර්කා හෙවත් හිසේ සිට පතුළ දක්වා වැසෙන ලෙස වූ ඇඳුමක් ඇඳ ගෙන ඇවිත්. ඒක ඇන්දම ඇස් විතරයි පේන්න තියෙන්නෙ. ඇතැම් මුස්ලිම් රටවල බුර්කාව ඇඳීම අනිවාර්යයි. ඇතැමුන්ට අනුව බුර්කාව ඇඳීම ෂර්යා නීතියේ කොටසක් බවට පත්කළ යුතුයි. ඔවුන් කියන්නේ ස්ත්‍රීන්ගේ මුහුණ පෙන්වීම වෑරදිවලට තුඩු දිය හැකි බැවින් මුහුණ වසාගෙන ගමන් බිමන් යා යුතු බවයි. ඒත් ගෙදරදි බුර්කාව ඇඳීම අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් මුස්ලිම් රටවල බුර්කාව වෙනුවට හිජාබ් නම් හිස්වැස්මක් පළඳිනවා. එයින් මුහුණ වැසෙන්නේ නැහැ.