ජූලි කලබල හා පාස්කු ප්‍රහාරය
පළාත් සභා හා ඉන්දියාව ගැන ලියු ලිපියේ මා සඳහන් කෙළේ ඉන්දියාව පළාත් සභා හා දහතුන් වැනි සංශෝධනය වෙනුවෙන් බලපෑම් නොකළ බව නොව බලපෑම් කළ බවට සාක්‍ෂි නැත යන්න ය. ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභා පිහිටුවීමක් ගැන නොකියැවෙයි. ඒ කියන්නෙ අප ලිඛිත ව ඉන්දියාවට දහතුන ගැන හරි පළාත් සභා ගැන හරි පොරොන්දුවක් දී නැති බවයි. ඒ පොරොන්දු වාචික ව දෙන්න ඇති. එහෙත් ඒ අය එනම් ජේ ආර්, ගාමිණි දිසානායක පමණක් නොව සාක්‍ෂි වශයෙන් සිටි ප්‍රේමදාස ඇතුළත්මුදලි ආදීන් ද මිය ගිහින්. මිය ගිහින් හා මැරිල අතර ඇති වෙනස මොකක් ද? ටිකක් හිතන්න. ඒ හිතන්න බැරි පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට නො වෙයි.
අප පළාත් සභා ගැන ඉන්දියාවට ලිඛිත පොරොන්දුවක් දී නැති නිසා පළාත් සභා ඉවත් කරන්න ඉන්දියාවෙන් අහන්න ඕන නැහැ. අර මිය ගිය අය ආපහු එන්නෙත් නැහැ. දහතුනට එහා යන විසඳුම් දෙනව කියල කවුරු හරි පොරොන්දු වෙලා තියෙනව නම් දහතුනෙන් පළාත් සභාවලට දී ඇති බලය වෙනස්කම්වලට භාජනය කර දිස්ත්‍රික් සභාවලට දෙන එකත් දහතුනෙන් එහා යන විසඳුමක් කියල කියන්න පුළුවන්. දිස්ත්‍රික්කවලට බලය දෙන එක වඩා ප්‍රජාතන්ත්‍රවාදී කියලත් කියන්න පුළුවන්. එයින් වියදම වැඩි වෙන එක ඇත්ත. ඒත් පළාත් සභා මන්ත්‍රිලට හා තවත් අයට දිස්ත්‍රික් සභා මන්ත්‍රීල වෙන්න පුළුවන්. ඒකෙ තවත් හොඳ තියෙනවා. ඒ පස්සෙ කියන්නම්. අවශ්‍ය නම් දිස්ත්‍රික්ක විසිපහ වෙනුවට දේශගුණය භුගෝලීය සම්පත් දුර ප්‍රමාණය ආදිය අනුව දිස්ත්‍රික්ක පහළොවකට විතර කඩන්නත් පුළුවන්. දැනටත් මැතිවරණ දිස්ත්‍රික්ක තියෙන්නෙ විසිදෙකයි.
පළාත් සභාවලට ආසන්න වශයෙන් මුල් වුණෙ 1983. එහි අතීතය දහනවවැනි සියවසේ මුලට යනවා. මේ කතාවට එච්චර දුර යන්න ඕන නැහැ. අසූතුන කාගෙ නිර්මාණයක් ද කියන එක තවම විසඳිලා නැහැ. දැනට දන්නෙ, ප්‍රචාරය කරල තියෙන්නෙ කොටි හමුදා සෙබළුන් දහතුන් දෙනකු ඝාතනය කළ බව ඒ සම්බන්ධයෙන් සිංහලයන්ගෙන් ඇති වූ ප්‍රතිචාරය ජේ ආර් ඒ මැඩලීමට උත්සාහයක් නොගෙනීම, ඇතැමුන් ලැයිස්තු ඇතිව දෙමළ වැසියන් සොයා යාම, ජාත්‍යන්තර ප්‍රතිචාරය, එංගලන්තය ඒ ආසන්නයේ දෙමළ ත්‍රස්තවාදය සම්බන්ධ තම ප්‍රතිපත්තිය වෙනස් කිරීම, පරතසාරතී ආගමනය ආදී මතුපිටින් පේන කරුණුයි. ඉනුත් එංගලන්තය තම ප්‍රතිපත්තිය වෙනස් කිරීම ගැන එතරම් කතාවක් කෙරී නැහැ.
ඉංගිරිසින් තරම් ශූර පාලකයන් මා හිතන විධියට ඉතිහාසයේ තවත් ඉඳල නැහැ. ඔවුන් හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩ නැගීම පුදුමයක් නො වෙයි. ඇතැමුන් කියන්නේ හිරු ඉංගිරිසින් තමාටත් විදීවිය කියා හිතුන බැවින් බැස නොගිය බවයි. ඒ කොහොම වුණත් යුද්ධ හා ආරවුල් ඇති කිරීමටත් ඉන්පසු එය වර්ධනය කරන්නත් ඒ අතර සාමය වෙනුවන් කටයුතු කිරීමටත් ඉංගිරිසින්ට ඇත්තේ පුදුම දක්‍ෂතාවක්. එය ඇමරිකාව නමින් හැඳින්වෙන එක්සත් රාජ්‍යවලටත් නැහැ. ලෝක පාලනය සම්බන්ධයෙන් ඇමරිකාවට එංගලන්තයේ අහලකටවත් එන්න බැහැ.
එංගලන්තය 1983ට පමණ පෙර දෙමළ ජාතිවාදය සම්බන්ධ ලියා ඇති ලිපි සොයා ගන්න පුළුවන් ද? මේ සිදුවීම්වලට දැන් අවුරුදු තිස්පහකටත් වැඩි නිසා මේ රහස්‍ය වෙන්න බැහැ. එහෙත් ඒ ලිපි විනාශ කරල හරි අස්ථානගත කරල හරි නම් ඒ හොයා ගන්න බැහැ. අසූතුන සැලැස්මක් ඇතිව කෙරුණක්. ඉන්දියාව දහතුන සම්බන්ධයෙන් අප මත කළ බලපෑම් පෙන්නන්න, සාධනය කරන්න බැරුව වගේ අසූතුන නිර්මාණය කළ අයත් සාක්‍ෂි සහිත ව පෙන්නන්න බැහැ. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දික්වෙන්නේ එක් පැත්තකට පමණයි. ඕන නම් මාලිමාව දික්වෙන්නෙ කියන්න. ඒත් කුමාර් ඩේවිඩ් නදීක ගුරුගේ වැන්නන් අනුර සමග පරිහරණය කළ මාලිමාවට නම් දැන් උතුර දකුණ මාරුවෙලා පමණක් නොව මාලිමාව නිරන්තර භ්‍රමණයක යෙදෙනවා. මැක්ස්වෙල් මොනව කියාවි ද? බිමල් අනුර යටත්විජිත හේරත් මැක්ස්වෙල් ගැන මොනව කියාවි ද?
මට පේන තවත් දෙයක් තියෙනවා. අසූතුන සම්බන්ධයෙන් ඔවුන් (අසාර්ථක මාලිමාව නොවෙයි. ජේ ආර් අසූතුනේ ජ වි පෙරමුණත් නව සමසමාජ පක්‍ෂයත් කොමියුනිස්ට් පක්‍ෂයත් තහනම් කර ඒ පක්‍ෂවලට තැනක් ලබා දුන්නා. අසූතුනේ මා නව සමසමාජ පක්‍ෂයේ නැහැ. ඒ මගේ සංක්‍රමණීය අවධිය) සාර්ථක වුණත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාර්ථක වුණෙ නැහැ. සිංහලයන් ලවා මුස්ලිමුන්ට හිරිහැර කරවීමට ඔවුන් අසමත් වුණා. නෝර්වේ අත්තිවාරමක් දමා තිබූ නමුත් එයත් වැඩ කෙළේ නැහැ. බැරිවෙලාවත් සිංහලයන් මුස්ලිමුන්ට හිරිහැර කළා නම් අද පඬි නැට්ටන් කොහොමට හිටීවි ද? එංගලන්තය ඇතුළු බටහිර රටවල් මොනව නොකියාවි ද? සිංහලයන් අන්දන්න බැරි වුණා. ඔවුන් ඉවසුවා. ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයන කොමිසම ඉදිරියේ මේවා කතා වෙන එකක් නැහැ. සමහර විට හිස්බුල්ලාට සෞදි අරාබියෙන් ලැබුණු මුදල් ගැන කතා කරාවි. ඒ වැඩිම වුණොත්. එතැනින් එහාට යන්නේ නැහැ. සෞදි අරාබිය කාගේ නිර්මාණයක් ද? මා කලින් දවසක බදුල්ලේ උපන් ෆිල්බි ගැන කිවුවා. වහාබ්වාදය මුස්ලිමුන් අතර පැන නැගුණ එකක් වුණත් එය යොදා ගත්තේත් යොදා ගන්නේත් එංගලන්තය. පළමුව ඔටෝමාන් අධිරාජ්‍යයට විරුද්ධ ව.
අද මා දි අයිලන්ඩ් පත්‍රයේ පුවතක් දැක්කා. මා හිතන්නේ මේ ප්‍රශ්න ගැන ලියන හොඳ ම ජනමාධ්‍යවේදියා ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කියා. ඒ පුවත අනුව එංගලන්තයේ මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර තානාපතිනිය වූ රීටා ෆ්‍රෙන්ච් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරු නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම හෙළා දැකලා. ඇය තවත් චෝදනා කර තියෙනවා. එංගලන්තයේත් ෆ්‍රෙන්ච්ලා ඉන්නවා. ක්‍රිකට් ඇති වුණෙ ප්‍රංසෙ කියලත් කියනවා. ඉස්සර පාසල් සිසුන් අතර ෆ්‍රෙන්ච් ක්‍රිකට් කියා සෙල්ලමක් තිබුණා.
මේ සම්බන්ධයෙන් හා තවත් කරුණු සම්බන්ධයෙන් රජය ඔය ජෙනීවාහි මානව හිමිකම් කවුනසිලයෙන් ඉවත්වීම ගැන සාකච්ඡා කර තියෙනවා. මා නම් හිතන්නේ ඉවත් වීම නොව අවශ්‍ය වන්නේ ප්‍රතිප්‍රහාර දීමයි. ඒ සඳහා සුදුස්සන් ජෙනීවා යවන්න ඕන. පසමිතුරන්ට ජාතිකත්ව හැඟීමෙන් හා ඉවසීමෙන් ප්‍රතිප්‍රහාර දිය හැකි පුද්ගලයන් ගැන හිතන්න ඕන. එංගලන්තය ලංකාවට පහර දීමට කැනඩාව වැනි බටහිර ප්‍රධාන රටවල් මෙන් ම ජනගහනය විසිඑක්ලක්‍ෂයක් පමණක් වූ උතුරු මැසිඩෝනියාව වැනි රටවල් ද යොදා ගන්නවා. මැසිඩෝනියාව කිව්ව ම මතක් වෙන්නෙ ඇලෙක්සැන්ඩර්. ඒ එදා.
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හොයන්න කල් යාවි.
කොමිසමෙන් කෙරෙන්නේ එහි එක් පැත්තක් ගැන පමණක් සොයා බැලීමයි. එහෙත් අප පාස්කු ප්‍රහාරය
ගැන පමණක් නොව අර ඊනියා කළු ජූලිය ගැනත් සොයන්න ඕන.