දොස්තර ඒකාධිකාරය 4
බොහෝ දේ ගැන ලියන්න තියෙනවා. මූලාශ්‍ර, ඊනියා සමාජයීය විද්‍යා, න්‍යාය
(ලොජික්) ගණිතය හා බටහිර විද්‍යාව විශේෂයෙන් ම භෞතික විද්‍යාව, සයිටම්, මැතිවරණය, බොරු හා පට්ටපල් බොරු, සිංහල බෞද්ධ රාජ්‍යය, අපේ දැනුම හා බටහිර දැනුම් ආධිපත්‍යය, ආදී වශයෙන් මාතෘකා බොහෝමයි. එක් තරුණයකු, මා හිතන විධියට නුවර පදිංචි අයකු, අසා තිබුණා මේ කරුණු, දැනුම්
අවශෝෂණය, ඥානවිභාග ආදිය ගැන කතා කරන තැනක්
දන්නවා ද කියා. සමහරු මේ කරුණු ගැන ලියනවා,
එහෙත් මේ කරුණු අවුරුදු තිහක් පමණ කතා කළ අය
ගැන ලියන්නේ නැහැ.