රටක නම
මෙරට වත්මන් නිල නාමය ශ්‍රී ලංකාව ය. එහෙත් බොහෝ සිංහලයන් කියන්නේ
ලංකාව කියා ය. ශ්‍රී ලංකාව නිල වශයෙන් ම භාෂා තුනකින් හැඳින්වෙනවා. එසේ කිරීමේ දී
මට තේරෙන හැටියට, වෙනත් අය කියන පරිදි ද (මා දෙමළ දන්නේ
නැහැ. මා ඒ ගැන සමාව යදින්නෙත් නැහැ.) නිල වශයෙන් රටවල් තුනක් කියැවෙනවා. සිංහලෙන්
ශ්‍රී ලංකාව, දෙමලෙන් ඉලංකෙයි, ඉංගිරිසියෙන් ස්‍රී ලංකා. ඒ එසේ වන්න බැහැ.
මෛත්‍රිපාලගේ නම ඉංගිරිසියෙන් ලියන්නේ කොහොම ද? දෙමළෙන් ලියන විට මෛත්‍රිපාල යන්න දෙමළ උච්චාරණය අනුව වෙනස් කර
ලියනවා ද?