රාමනුජන්,
වියුක්තය, සංයුක්තය හා අනන්තය
ඊයේ ලිපියේ රාමනුජන් ගැන සඳහන් කිරීමේ දී කාලිඅම්මා යන දෙවඟන
නමක්කාල් යනුවෙන් කියැවෙන්න ඕන. නමක්කාල් යනුවෙන් තමිල්නාඩුවේ නගරයක් තියෙනවා.
නමක්කාල් දෙවඟන නාමගිරි යනුවෙන් ද හැඳින්වෙනවා. ඇය විෂ්ණු දෙවියන්ගේ භාර්යාවක්
යැයි ද කියැවෙනවා. නමක්කාල් නගරයේ විෂ්ණු දෙවියන් සිය හතරවැනි අවතාරය වූ නරසිංහ (
සිංහ හිසක් හා මිනිස් සිරුරක්) සිටි බවක් ද එතුමාගේ භාර්යාව වූ ලක්‍ෂමී සිටි බවක්
ද කියනවා. නාමගිරි දෙවඟන යනු ලක්‍ෂමී දෙවඟන ද කියා දන්නේ නැහැ.