සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ
ඉතා පැහැදිලි ව සිංහල බෞද්ධ ජාතිකත්වය පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක කවදාටත් වඩා අද තහවුරු වෙලා. මේ ගැන විවිධ පඬියන් විවිධ කතා කියනවා. ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන අය කියන්නේ තම තමන් නිසා ඒ තත්වය ඇතිවෙලා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ජනමාධ්‍යයෙහිත් ප්‍රචාරය වන්නේ ඒ අයගෙ කතා. ඒ නිසා ජනතාවත් දන්නේ ඔවුන් ගැන. මා නම් මේ තත්වය ඇති වීමට කිසිම අයුරකින් දායක වී නැහැ. මගේ අදහස් ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය උපකාර කෙළේ නැහැ. උපකාර කරන්නෙත් නැහැ. ඔවුන් බටහිර දැනුමේ දාසයෙන්. මේ ලිපි පළවන්නේ කාලය බ්ලොග් අඩවියෙහි පමණයි. මා මේ ලිපි ලිවීම ඉක්මනින් ම නතර කරනවා. දැන් ජාතික ව්‍යාපරයෙහි ද විවිධ පඬියන් ඉන්නවා. ඔවුන්ට ප්‍රතිවාදීන්ට මුහුණ දෙන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔවුන් පඬියන්. කොහොමටත් දෙසීයකට කියවන්න ලියන එකේ තේරුමක් නැහැ.