Main Logo

Showing posts with label Sinhalathva. Show all posts
Showing posts with label Sinhalathva. Show all posts

Thursday, 13 February 2020

දේශපාලන අනාථයන්ගේ අම්බලම

     සිංහල ලිත් ඉලක්කම්

දේශපාලන අනාථයන්ගේ අම්බලම


අද මෙරට දේශපාලන අනාථයන් පිරිසක් ඉන්නවා. ඔවුන් ඉන්නෙ අම්බලමක. ඒ පිරිස තමන් වම ද දකුණ ද කියාවත් දන්නේ නැහැ. සුප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ වචනයෙන් කියනවා නම්, ඔවුන් හිටපු ගමන් අම්බලමෙන් පිටතට ඇවිත්, ඉව වැරදුණු බල්ලන් මෙන් එහාට දුවනවා, මෙහාට දුවනවා. බොරු පඬි කතා ඇද බානවා. 

Saturday, 23 November 2019

සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ



ඉතා පැහැදිලි ව සිංහල බෞද්ධ ජාතිකත්වය පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක කවදාටත් වඩා අද තහවුරු වෙලා. මේ ගැන විවිධ පඬියන් විවිධ කතා කියනවා. ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන අය කියන්නේ තම තමන් නිසා ඒ තත්වය ඇතිවෙලා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ජනමාධ්‍යයෙහිත් ප්‍රචාරය වන්නේ ඒ අයගෙ කතා. ඒ නිසා ජනතාවත් දන්නේ ඔවුන් ගැන. මා නම් මේ තත්වය ඇති වීමට කිසිම අයුරකින් දායක වී නැහැ. මගේ අදහස් ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය උපකාර කෙළේ නැහැ. උපකාර කරන්නෙත් නැහැ. ඔවුන් බටහිර දැනුමේ දාසයෙන්. මේ ලිපි පළවන්නේ කාලය බ්ලොග් අඩවියෙහි පමණයි. මා මේ ලිපි ලිවීම ඉක්මනින් ම නතර කරනවා. දැන් ජාතික ව්‍යාපරයෙහි ද විවිධ පඬියන් ඉන්නවා. ඔවුන්ට ප්‍රතිවාදීන්ට මුහුණ දෙන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔවුන් පඬියන්. කොහොමටත් දෙසීයකට කියවන්න ලියන එකේ තේරුමක් නැහැ.

Friday, 12 January 2018

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම


රටේ තත්වය එන්න එන්න ම නරක් වෙනවා. සුද්දන් සිංහල පිරිමින්ට මත්පැන් බීම පුරුදු කළා. අද මේ ආණ්ඩුව සිංහල ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කරනවා. බීර මිල අඩු කළේ මොන බොරු කතා කිව්වත් ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කිරීමට. දැන් ගැහැණුන්ට මත්පැන් ලබා ගැනීමට සුරාසල් ඉඩ දීමට යනවා. ඒ සඳහා නීති සකස් කරනවා. අප කුඩා කළ තැබෑරුමක් තිබූ පාරකින්වත් යෑමට අපේ දෙමව්පියන් ඉඩ දුන්නේ නැහැ. සමහරවිට තැබෑරුම කියන වචනය වත්මන් පරම්පරාවට නුහුරු වන්න පුළුවන්. එය ටැවර්න් හෝ වෙනත් එවැනි වචනයකින් බිඳුණු එකක් වෙන්න ඕන. කොහොමත් ඒ සඳහා සිංහලෙන් වචනයක් තිබී නැහැ. සුරාසල් අවන්හල් ආදිය පසුව එකතු වූ වචන. අද තැබෑරුම් උදේ සිට රැ වන තුරු විවෘත ව තැබීමට නීති හදනවා.