Main Logo

Showing posts with label !7 Parties. Show all posts
Showing posts with label !7 Parties. Show all posts

Wednesday, 25 December 2019

හාල් මිල පාලනය කරන්න බැරි ඇයි?

    සිංහල ලිත් ඉලක්කම්



හාල් මිල පාලනය කරන්න බැරි ඇයි?


අද හාල් ප්‍රශ්නය උග්‍ර වෙලා. මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු යැයි කීවත් රජවරු මෝල් හිමියන් පමණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඒ මෝල් හිමියන් කවුදැයි නොදන්නවා වෙන්න බැහැ. එහෙත් ජනාධිපතිට එක් දුරකතන ඇමතුමකින් ප්‍රශ්නය විසඳන්න බැහැ. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය තියෙනවා. ඉන් ජනාධිපති බලතල එතරම් කැපී නැති වුවත් අද තිබෙන දේශපාලන පක්‍ෂ ක්‍රමය යටතේ අගමැතිට නෛතික බලයකට වඩා පාක්‍ෂික බලයක් තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජාතික ජනාධිපති වුවත් ඔහු බලයට පත් වුනේ පොහොට්ටුවක් නිසා නොවුනත් කොටි පරාජය කිරීමේ දී ස්ථිර අධිෂ්ඨානයකින් ක්‍රියා කෙළේ එකල ආරක්‍ෂක ලේකම් වුවත් ජනමතයක් ගොඩ නගා ඇත්තේ වෙනත් ආකාරයකට සිතවන ලෙසයි. අප සිතන්නේ නැහැ. අප සිතවනවා පමණයි. පස්වැනි සියවසෙන් පසු තත්වය ඒකයි.