Main Logo

Showing posts with label Theasavalamai. Show all posts
Showing posts with label Theasavalamai. Show all posts

Wednesday, 4 December 2019

වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න

      සිංහල ලිත් ඉලක්කම්





වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න




දෙමළ කතා කරන ජනයාට (ඔවුන් ජාතියක් තබා ජනවර්ගයක්වත් නො වෙයි. ඔවුන් අඩුම තරමෙන් උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හා කඳුකරයේ යනුවෙන් ජන කොටස් තුනක් ලෙස ඉන්නවා. ඔවුන්ට පොදු නායකයන්වත් නැහැ) තමන් දෙමළ කතා කිරීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ පිළිතුරක් දීමට නොහැකි ව සිංහල විරෝධීන් ගැඩවිලුන් මෙන් දඟලනවා. ජනාධිපති හා ආරක්‍ෂක ලේකම් දෙමළ කතා කරන ජනයාගේ ප්‍රශ්න විසඳන බව කී විට ඔවුන් දැඟලිල්ල නවත්තලා උඩ පනින්න හදනවා. එහෙත් ගැඩවිලුන්ට උඩ පනින්න බැහැ.