තුප්පහි උගත් නයි හා කැලණි නයි
අද රටේ අනාගතය තීරණය කරන දවසක්. තීරණය කුමක් ද කියා අනාවැකි පළ කිරීමට නොනගත වෙලාවෙ දි මා උත්සාහ කරන්නේ නැහැ. මේ කාලය නිහඬ කාලය කියා තමයි මැතිවරණ කොමිසම කියන්නෙ. මෙය නිහඬ කාලයක් ම නො වෙයි. විවිධ පුද්ගලයන් විවිධ දේ කියනවා. මෙය නිහඬ කාලයක් නොව ප්‍රවර්ධන කටයුතු නොකරන කාලයක්. මා හිතන්නේ ඒ සඳහා සුදුසු ම වචනය නොනගත කාලය කියා. නොනගතය යන්න බටහිර සංකල්පයක් නො වෙයි. අප අපේ සංස්කෘතියෙන් වචන හොයනවා වෙනුවට කරන්නේ බටහිර සංකල්ප පරිවර්තනය කරන එක.