සිංහල ලිත් ඉලක්කම්
මැකොස හා සම්ප්‍රදාය
මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් කියල කියනවා. ඒක එහෙමයි කියමුකො. ඒත් අපි ස්වාධීන නොයෙකුත් දේ දැකලා තියෙනවා. ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ තිබුණ සුවාදීන කණ්ඩායමක්. ඒක කාලයක් විජය කුමාරතුංග එක්ක. තවත් කාලයක් රාජිත සේනාරත්නත් එක්ක. සමහරු ප්‍රා සංවිධානයෙත් හිටියා. ඒ කණ්ඩායම දැනුත් ක්‍රියාත්මක ද කියල දන්නෙ නැහැ.
මේ ලෝකයෙහි ස්වාධීන මිනිසුන් ස්වාධීන කොමිසන් සභා නැහැ. ඊනියා ස්වාධීන කොමිසන් සභාවලත් ඉන්නෙ මිනිසුන්. ඔවුන්ට මතවාද දේශපාලන ඇගයීම් තියෙනවා. ස්වාධීන කියන එකේ තේරුම සියළු මතවාදවලින් දෘෂ්ඨිවලින් නිදහස් වීම ද? ඔය ස්වාධීනයන් රහත් බවට පත් වෙලා ද?
මැතිවරණ කොමිසම කියන්නෙ ඒකෙ සභාපතිට ද? එහෙමත් නැත්නම් අර හූල්ට ද? එහෙම වෙන්න බැරි බව අප දන්නවා. කොමිසන් සභා ක්‍රියාත්මක වෙන විට තම පෞද්ගලික මතිමතාන්තර, දැනහැඳුනුකම් මතු වෙන්නෙ ම නැත් ද? මැතිවරණ කොමිසමේ සභාපති කියනවා ජනාධිපතිවරණය පාලනය වෙන්නෙ ඒ හා සම්බන්ධ පනතකින් කියලා. අපි නැහැයි කියන්නෙ නැහැ. ඒ පනත සම්මත වෙලා දැන් අවුරුදු කීයක් වෙනවා ද? මා හිතන විධියට සියළු ජනාධිපතිවරණ පවත්වා ඇත්තේ ඒ පනත යටතේ.
ඒත් ඒ කිසිම අවස්ථාවක පන්සලේ දේශපාලනය කරන්න එපා කිව්වෙ නැහැ. පල්ලියෙත් දේශපාලනය කරන්න එපා කිව්වෙ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිට හදිසියේ ම අර පනත මතක් වෙලා. පන්සල්වල පල්ලිවල දේශපාලනය කතා කරන්න බැහැලු. එහෙම රැස්වීමක අපේක්‍ෂකයකු සිටියොත් ඔහු ජයග්‍රහණය කළොත් ඔහුගේ ජයග්‍රහණය අවලංගු කරනවාලු. එතකොට ඒ අයගෙ ඇප මදලට මොකක් ද වෙන්නෙ. ඇප මුදල රාජසන්තක කරනවා ද? නැත්නම් ජනතාකරණය කරනවා ද?
මැතිවරණ කොමිසමේ සභාපති තද පාටයි. ඔහු නෙ වරක් අර ඔළුවට වෙඩි තියන්න කිව්වෙ. මේ වතාවෙත් එහෙම කියනවා ද? මෙතෙක් හිටිය මැතිවරණ කොමසාරිස්වරු මේ පන්සල් ප්‍රශ්නය ගැන සොයා බැලුව ද? මට තියෙන ප්‍රශ්නය කලින් මැකොලා ඒ පනත ක්‍රියාත්මක කළෙ නැත්තෙ ඇයි කියන එක. මැතිවරණ කොමිසමේ සභාපති ගත් කටට ම කියන්න බැරි නැහැ කලින් කරපු වැරදි දිගට ම පවත්වා ගෙන යන්න තමා බැඳිලා නැහැ කියලා. බලං ගියාම ඒකත් ඇත්ත තමයි.
ඒත් කවුරු හරි තර්ක කාරයකු කියන්න බැරි නැහැ ඒ කලින් මැකොලා අදාළ පනත කියවලා නැහැ කියලා. ඒකත් එහෙම වෙන්න බැරි නැහැ. අනෙක් අතට ඒ මැකොලා පනත මොකක් වුනත් ඒකෙ මොනව තිබුණත් රටේ සම්ප්‍රදායට ගරු කරමින් භික්‍ෂූන් වහන්සේ නමකට පන්සලේ දේශපාලනය කරන්න බැහැ කියල කිව්වෙ නැති බවත් කියන්න පුළුවන්.
මේ රටේ සම්ප්‍රදාය අනුව භික්‍ෂූන් වහන්සේ තමයි රජුන් තැනුවෙ. රජුන් වෙනස් කෙළෙ. අවස්ථා කිහිපයක දී වරදින්න ඇති. එත් සමස්තයක් ලෙස ගත්ත ම රට හොඳින් පැවතුනා. භික්‍ෂූන් වහන්සේ රජුන් තැනුවෙ පන්සලෙන් පිටතට වැඩම කරලා නො වෙයි. පන්සලේ ම තමයි අවශ්‍ය අවවාද අනුශාසනා කෙළෙ. භික්‍ෂුන් වහන්සේ මෙරට සම්ප්‍රදාය අනුව රජුන්ට මෙන් ම ජනතාවටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා.
අද කාලෙ රජුන් තනනවා කියන්නෙ ජනාධිපති මැති ඇමතිවරු පත් කිරීම. එහි දී ජනතාවට අර්ථයෙන් උපදෙස් දෙන්නත් පුළුවන්. අර්ථයෙන් උපදෙස් දෙන විට භික්‍ෂූන් වහන්සේ පන්සලෙන් පිටතට වඩින්නෙ නැහැ. ඒ කරන්නෙත් පන්සලේ දි ම තමයි. මැතිවරණ කොමිසමේ සභාපති කියනවා එහෙම අර්ථයෙන් උපදෙස් දෙන එක අනුශාසනා කරන එක තහනම් කියලා.
මැතිවරණ කොමිසමේ සභාපති පනතකට මුවා වෙලා මෙරට සම්ප්‍රදායට විරුද්ධ ව යනවා. කවුරුන් හරි අහන්න පුළුවන් පනත හෑදුව අය සම්ප්‍රදායට විරුද්ධ ව ගිහින් නැද්ද කියල. ඔවුන් යන්න ඇති. එහෙත් මෙතෙක් එවැන්නක් ක්‍රියාත්මක වුනෙ නැහැ. මේ සභාපතිට මේ ගැන මෙතරම් කැක්කුමක් හැදුනෙ ඇයි? මෙවර භික්‍ෂුන් වහන්සේ ඉතා වැඩි නමක් ගෝඨාභය ජනාධිපති කරන්න පක්‍ෂ නිසා ද?
මෙරට සම්ප්‍රදාය නොදන්නා කෙනෙකුට මැතිවරණ කොමිසමේ සභාපති විය හැකි ද? මැතිවරණ කොමිසමේ සභාපති නොවෙයි කිසිම තනතුරක් දැරීමට මෙරට සම්ප්‍රදාය නොදන්නා අයකු සුදුසු ද? රජයේ නිලධාරීන් දැන ගත යුත්තේ ඉංගිරිසි සම්ප්‍රදාය පමණක් ද? මේ ඉංගිරිසින් ඇති කළ ඊනියා රජයේ සේවය නිසා ඇති වන්නක් ද? මේ සියල්ල ගැන අපේ අවධානය යොමු කරන්න ඕන.
මා හිතන්නේ නැහැ භික්‍ෂූන් වහන්සේ මැතිවරණ කොමිසමේ සභාපතිට සවන් දිය යුතු ය කියා. ගෝඨාභය ඉන්න තැනක වුවත් ධර්මශාලාවෙ දි ගෝඨාභය ජනාධිපති කිරීමට ජනතාවට අනුශාසනා කිරීමට උන්වහන්සේට පුළුවන්. මැතිවරණ කොමිසම මොනවා කිව්වත් ජනාධිපතිකම අහිමි කිරීමට බැහැ. පුළුවන් නම් කරල බලන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිට කියමු.