දිව්‍යමය සිපගැනීම
පුරුතුගීසීන් ලන්දේසීන් ඉංගිරිසින් 
මගින් උරුම කරගත් 
මස් නහර හම සිඳ 
ඇට සොයා ගොස් 
ඇට තුළට වැද 
ඇට මිදුලු මත රඳා සිට  
සදාකල් වෛර බඳන්නේ 
රුවන්වැලි සෑ අබියස දිවුරුම් දීමෙන් පසු 
පාස්කු වින්දිතයන් 
දඩමීමා කර ගනිමින් 
මහා මොළකරුවකු මැවී.  
සමාව දීම දිව්ය ගතියක් යැයි අප සැමට පාසලේ දී දැන ගන්නට ලැබේ.
 
 

