Main Logo

Saturday 20 April 2024

ෆස්ලි නිසාර 2

 

ෆස්ලි නිසාර 2

 

බොහෝ දෙනා යමක් හරිහැටි නොකියවන බව පැහැදිලියි. මා ඇසු ප්‍රශ්නයට තවමත් පිළිතුරු නැහැ. ප්‍රශ්නය ෆස්ලි නිසාර්ගේ මුස්ලිම් අනන්‍යතාව ගැන නොවෙයි. මා ඇූසුවේ ඔහු තම මුස්ලිම් අනන්‍යතාව නැති කරගත්තේ ඇයි යන්නයි. වෙනස තේරුම් ගැනීමට නොහැකි අය පශ්චාත් උපාධිධාරීන් අතරත් ඉන්නවා. උපාධියක් ලැබීම නිසා පුද්ගලයකුට සිතීමේ ශක්තියක් ලැබෙන්නේ නැහැ.

 

එස් අබේවික්‍රම නමැත්තෙක් ෆස්ලි නිසාර්ගේ ජෛවීය මව හේවාවිතාරණ කෙනකු බවක් කියා තියෙනවා. එසේ වුවත් නිසා ෆස්ලි නිසාර් සිංහල වන්නේ නැහැ. මා  මගේ ප්‍රශ්නය අත්හැර දමන්නේත් නැහැ. ෆස්ලි නිසාර් තම මුස්ලිම් අනන්‍යතාව නැති කර ගත්තේ ඇයි?

 

අර පශ්චාත් උපාධිධාරීන්ගේ දැන ගැනීම පිණිස මා කලින් ලියූ ලිපියේ කොටස් කිහිපයක් පහත උපුටා දක්වනවා.

“මා ඇසූ ප්රශ්නයට තවමත් පිළිතුරක් නැහැ. මගේ ප්රශ්නය මෙයයි. “ඔහු (ෆස්ලි නිසාර්) තම මුස්ලිම්කම නැතිකරගත්තේ ඇයි? මෙරට දේශපාලනයේ යෙදෙන මුස්ලිමුන් තම අනන්යතාව අත්හැර නැහැ. වි පෙරමුණට පසුව සම්බන්ධ සිටි පාස්කු ප්රහාරය ගැනත් කියැවෙන අයත් මුස්ලිම් අනන්යතාව අත්හැරියේ නැහැ. ෆස්ලි රොහාන් පෙරේරා නමින් පෙනී හිටියේ ඇයි. ප්රශ්නයට ඔහු ජීවත් සිටියත් පිළිතුරු දෙන එකක් නැහැ. ඔහු කාට හරි එයට පිළිතුරක් දී ඇති බවක් මේ වන තුරු දැන ගැනීමටත් නැහැ.”

 

“මා පිළිගන්නවා මිනිසකු යම් ජාතියකට අයත්වන්නේ සංස්කෘතිය මත මිස ඊනියා ජාන මත නොවේ කියා. ඇතැමුන්ට හැමදාමත් මගේ නම ප්‍රශ්නයක්. දොන් ඩේවිඩ් හේවාවිතාරණ තම නම වෙනස් කළා. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ නොවූ නිසා නොව ඉංගිරිසි සංස්කෘතික නෂ්ඨාවශේෂවලින් මිදීම සඳහා. ඇල්බට් පෙරේරා අමරදේව වුණා. එහෙත් එඩ්වඩ් ජයකොඩි වෙනත් නමක් ගත්තේ නැහැ. මට පියාගේ සිල්වා නම වෙනස් කිරීමට අවශ්‍ය වුණේ නෑහැ. මගේ පියාගේ නම ඩැනියෙල් සිල්වා. ඔහු ඉංගිරිසිවත් පෘතුගීසිවත් සංස්කෘතියේ නොවෙයි. මා ඇතැම් අවස්ථාවල නලින් සිල්වා දේවාදිත්‍ය නමින් පෙනී සිටිනවා. එහෙත් නම වෙනස් කිරීම සිංහල සංස්කෘතියට අවශෝෂණය වීම සඳහා අනිවාර්ය හරි ප්‍රමාණවත් හරි අවශ්‍යතාවක් නොවන බව අවධාරණය කළ යුතුයි.”

 

“රොහාන් පෙරෙරා සමග එකට සිටියේ යැයි කියන එස් අබේවික්‍රම නමැත්තෙක් ලියා තිබුණා රොහාන්ගේ ජෛවීය මව සිංහල කියා. එයින් ඔහු සිංහල වන්නේ නැහැ. මා නැවතත් කියනවා පුද්ගලයකුගේ ජාතිය තීරණය වන්නේ ජාන මගින් නොවන බව. රොහාන් පෙරේරා හැදී වැඩී ඇත්තේ මුස්ලිම් පවුලක. ඔහු මුස්ලිම් සංස්කෘතියේ මිස සිංහල බෞද්ධ සංස්කෘතියේ නොවෙයි. ප්‍රශ්නය ඔහු තම මුස්ලිම් අනන්‍යතාව අත්හැර සිංහල අනන්‍යතාවක් ලබාගත්තේ ඇයි යන්නයි. එය දිල්ශාන් සිංහල අනන්‍යතාවක් ඇති කර ගැනීම වැන්නක් නොවෙයි. දිල්ශාන්ගේ විවාහය එයට බලපාන්න ඇති. නළුවන් ක්‍රීඩකයන් කලාකරුවන් විවිධ හේතු නිසා තම අනන්‍යතාව වෙනස් කරගන්නවා. ඔවුන් තමන් අලුත් අනන්‍යතාවක් ලබාගත් සංස්කෘතියට අනුගත වනු මිසක් වෙනත් අයගේ අදහස් උඩ අලුත් සංස්කෘතියේ අදහස් වෙනස් කරන්න යන්නේ නැහැ. රොහාන් පෙරේරා බටහිර අදහස් අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් කරන්න උත්සාහ ගත්තා. ඔහු හා නිරාගමිකයන් අසාර්ථක වීම වෙන ප්‍රශ්නයක්”

 

 මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. බලධාරීන් ෆස්ලි නිසාර්ගේ මුස්ලිම් නොවන  මිතුරන් කිහිප දෙනකුට වාලච්චේනයේ දී හරි වෙනත් තැනක දී හරි මිනිය භාරදුන්නේ කෙසේ ? මිනී භාරදීම් පිළිබඳ නීීිති රීති රෙගුලාසි එහි දී අනුගමනය කෙරුණා ? එහි දී රාජ්‍ය මැදිහත්වීමක් සිිදුවුණා ?  ප්‍රශ්න දෙකට හරි එකකට හරි පිළිතුරු දීමට තව දින දෙකක් ලබා දෙනවා.

 

පිළිතුරු ප්‍රතිචාර ලෙස වුවත් දක්වන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා ලියන්නේ තම තම නැණ පමණින් බවත් මා දන්නවා.