Main Logo

Tuesday 16 April 2024

රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්

 

රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්

 

X කණ්ඩායමේ ඛෙදවාචකය ගැන තවත් විස්තර ඇතැමුන්ට අවශ්‍ය වෙලා. මේ ලිපි ගැන පමණක් නොව පශ්චාත්නූතනවාදයෙ පශ්චාත්තාපය ගැනත්. එමෙන් මගේ X ඛෙදවාචකය ලිපියට මුල් වූ රොහාන් පෙරේරා ගැනත්. මේ ලිපි පසුව තවත් වර්ධනය කෙරෙනු ඇති. මගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් මින්පසු ලිපි ප්‍රතිචරවලට විවෘත කරන්නේ නැහැ. මගේ ළඟ අය කියන්නේ නම් ලිපි ලිවීමත් නවත්වන ලෙසයි. එබැවින් ලිපි ලියන්නේ කඩින් කඩයි.

 

අපි රොහාන් පෙරේරාගෙන් පටන් ගනිමු. ජාතික චින්තනවාදීන්ට ඔහු කිච කරන්න දෙයක් නැහැ. ඔහුගේ ඥාතීන් ඔහුත් පැරණි X සාමාජිකයනුත් කිච කර අවසන්. රොහාන් පෙරේරා මුස්ලිම් ජනකොටසට අයත් බව මා දැනගෙන ටිකක් කල්. මා ඔහු හඳුනන්නේ නැහැ. ඔහු හමුවී ඇති බවක්වත් මට මතක නැහැ. සමහරවිට හමු වී ඇති. ඔහු මුස්ලිම් බව මා දැනගත්තේ සාමාජිකයකුගෙන්මයි. මා X සාමාජිකයකු ලෙස හඳුන්වන්නේ X කණ්ඩායමේ අනුගාමිකයකු සිටි අයකුයි. අද X කණ්ඩායම  Y Z වෙලා. Z වලට පසු ඉංගිරිසි (රෝම) අකුරක් නැති නිසා මිස කල්ලි නැති නිසා නොවෙයි.

 

රොහාන් පෙරාරාගේ නම ෆස්ලි නිසාර්. මොහොමඩ් කෑල්ලක් ඇතැයි සමහරු කියනවා. ඔහුගේ පවුල් පසුබිම වැදගත්. අප කවුරුත් අපේ හැදියාවේ ඵල. හැමට එල පවුල් පසුබිමක් නැහැ. ෆස්ලිගේ පියා ෆස්ලි කුඩා කළ මව අත්හැර ගොස්. ලැබෙන තොරතුරු අනුව ඔහුට බාප්පා කෙනෙකු ලැබී තියෙනවා. ඔහුට කුඩම්මාගේ සැලකිලි ලැබුණා කියා මා කියන්නේ නැහැ. අපේ සංස්කෘතියේ බාප්පාගේ සැලකිලි ගැන කියැවෙන්නේ නැහැ. මා පදනම් වන්නේ මට ලැබෙන ලැබුණු තොරතුරු මතයි.

 

ඔහු පසු කලෙක එනම් වි පෙ භීෂණ කාලයේ එහි සාමාජිකයකු ඉඳ තියෙනවා. 87 -89 භීෂණ කාලයේ ලලිත් ඇතුළත්මුදලිට වි පෙ තහනම ඉවත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. සාකච්ඡාවලට ෆස්ලි සහභාගි වී තියෙනවා. ඊනියා සාමයික කේන්ද්‍රයේ තිස්ස බාලසූරිය පූජකතුමා සාකච්ඡා සංවිධානයෙහි ඉඳ තියෙනවා. වි පෙ ඇතුළත්මුදලි කෙරෙහි විශ්වාසයක් නොතිබූ හෙයින් සාකච්ඡා සාර්ථක වී නැහැ. නව සමසමාජ පක්‍ෂයට සම්බන්ධ වී සිටි කාලයෙහි මා ඊනියා සාමයික කේන්ද්‍රයට ගිය කෙනෙක්. එය බුදුසමයට හිතවත් වූ සාමයික කේන්ද්‍රයක් නොවන බව මට වැටහී ගියා. මා එහි යෑම් ඊම් නැවැත්තුවා. කොහොමටත් මට බුද්ධිමතුන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය වුණේ නැහැ.

 

මගේ ජීවිතයේ මට විවිධ කතෝලික/ ක්‍රිස්තියානි පූජකවරුන් හමු වී තියෙනවා. තිස්ස බාලසූරිය ඉන් එක් අයකු. තවත් අයකු ඉබ්බාගමුව දේවසරණ ආයතනයේ යොහාන් දේවානන්ද. ඔහු තමන් හඳුන්වා ගත්තේ සේවක යොහාන් දේවානන්ද කියා. අපේ ගෙදරට විවිධ අය පැමිණ තියෙනවා. විවිධ අය හැංගී ඉඳලත් තියෙනවා. රාජ්‍ය සේවා ලිපිකරු සංගමයේ ගුණසේන මහානාම එක් අයෙක්. එංගලන්ත මිලිටන්ට් කණ්ඩායමේ ටෙඩ් ග්‍රාන්ට් තවත් අයෙක්.  මා ඔවුන් පාවා දීත් නැහැ. එළවා ගෙනත් නැහැ. එහෙත් සේවක යොහාන් දේවානන්දට නම් සුහද පිළිගැනීමක් ලැබුණේ නැහැ.

 

ඇතැමුන් කියන්නේ ලලිත් ඇතුළත්මුදලි ෆස්ලි සමග සම්බන්ධකම් පැවැත් වූ බවයි. වි පෙ සාමාජිකයන් අතර විවිධ අය ඉඳ තියෙනවා. කුමක් වුණත් ෆස්ලි විධිමත් අධ්‍යාපනයක් නොලබා ගෙදරින් පිටව ගිය කෙනෙක්. පසුව ඔහු දේශපාලනයට ඇදී ඇවිත්.

 

ඔහු තම මුස්ලිම්කම නැතිකරගත්තේ ඇයි? මෙරට දේශපාලනයේ යෙදෙන මුස්ලිමුන් තම අනන්‍යතාව අත්හැර නැහැ. වි පෙරමුණට පසුව සම්බන්ධ සිටි පාස්කු ප්‍රහාරය ගැනත් කියැවෙන අයත් මුස්ලිම් අනන්‍යතාව අත්හැරියේ නැහැ. ෆස්ලි රොහාන් පෙරේරා නමින් පෙනී හිටියේ ඇයි. ප්‍රශ්නයට ඔහු ජීවත් සිටියත් පිළිතුරු දෙන එකක් නැහැ.  ඔහු කාට  හරි එයට පිළිතුරක් දී ඇති බවක් මේ වන තුරු දැන ගැනීමටත් නැහැ.   

 

මේ ඡායාරූපයේ අයට නම් එතරම් කණගාටුවක් නැති පාටයි.