හින්දු විද්‍යාව හා අපේ විද්‍යාව
මේ සතියේ (පෙබරවාරි 15) සයන්ස්
සඟරාවේ හින්දු විද්‍යාව ගැන පළ වී තිබුණා. එය පළ වී ඇත්තේ බටහිර විද්‍යාව පැත්තෙන්
විවේචනයක් ලෙස. හින්දු විද්‍යාව යනු ව්‍යාජයක් බවයි ඉන් කියැවෙන්නේ. මේ හින්දු
විද්‍යාව අප කියන අපේ දැනුම සමග පටලවා ගැනීමට ඇතැමුන් උත්සාහ කරාවි. ඒ ඔවුන්ට අපේ
විද්‍යාවක් ගැන කිසිම අවබෝධයක් නැති නිසයි.
අදාළ ප්රශ්නය පටන් ගැණුනේ ජනවාරි මස පැවැත්වුණු ඉන්දීය විද්‍යා කොංග්‍රසයේ සමුළුවේ දී. එහි දී
කතා කළ ඉන්දීය විද්‍යාඥයන් කිහිප දෙනකු ම කියා ඇත්තේ බටහිරයන් අභ්‍යාවකාශ පරීක්ෂණ,
තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය, න්‍යෂ්ටික අවි ආදිය ගැන කතා කරන්න
අවුරුදු දහස් ගණනකට පෙර භාරතයේ ඒ දැන සිටි බවයි. ඔවුන් දඬුමොණරය ගැනත් කියා
තිබෙනවා. ඔවුන්ගෙන් අයකුට අනුව මහාභාරතයේ ඇති කතාවක එක් කාන්තාවක් දරු ප්‍රසූත
සියයක් කළ බව කියැවෙනවා. එයින් කියැවෙන්නේ එකල හින්දු විද්‍යාඥයන් ප්‍රජනන තාක්ෂණයෙහි
මහත් දියුණුවක් අත්කර ගෙන ඇති බව යැයි ඔවුන් පවසනවා.