Main Logo

Showing posts with label Arulanandan. Show all posts
Showing posts with label Arulanandan. Show all posts

Thursday, 21 February 2019

කවුද ෆ්ස්ට් ජඩමාධ්‍ය


කවුද ෆ්ස්ට් ජඩමාධ්‍ය



සේනා දළඹුවාට මොකද වුණේ. ඌ සලබයෙක් වුණා ද? බිත්තර දැම්ම ද? තවත් දළඹුවො ඇති වුණා ද? මාලදිවයිනට පියාඹලා ගියා ද? බඩඉරිඟු ගොවීන්ගෙ පාඩුව කොපමණ ද? මට තවත් ප්‍රශ්න කිහිපයක් තිබුණා. දළඹුවා හරි සලබයා හරි අත්ලන්තික් සාගරය තරණය කෙළේ කොහොම ද? උගේ මුළු ජීවිත කාලෙට ම පියාඹන්න පුළුවන් කිලෝ මීටර පන්සීයක් කියලයි ඒ දවස්වල විද්‍යාඥයන් යැයි කියන අය කිව්වෙ. තවත් ප්‍රශ්නයක් වුණෙ සේනා දළඹුව ඇති වුණෙ කොහොම ද කියන එක. ඌ ඩාවින්ගෙ පරිණාමවාදයට එකඟ ව බිහි වුණ එකෙක් ද? කෘත්‍රිම ව බිහි කරපු එකෙක් ද?  එහෙම කෘත්‍රීම ව පරීක්‍ෂණාගරයක දී බිහි කරපු එකෙක් නම් ඒකෙ අරමුණ මොකක් ද?

Wednesday, 20 February 2019

අරුල්ට ඇති ප්‍රශ්න


අරුල්ට ඇති ප්‍රශ්න



මෙරට ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය අයිතිකරුවන් විධායක නිලධාරීන් ඉතා ඉහළ බුද්ධි මට්ටමක් ඇති විදග්ධ උගත් පිරිසක්. මට ඔවුන්ගේ මට්ටමට කිසි දිනෙක ළඟා වීමට බැහැ. ඔවුන් කිහිප දෙනකුට මා මේ ලිපි විද්‍යුත් තැපෑලෙන් යැවුවා. ඔවුන් ඒ කිසිවක් තුට්ටුවකටවත් ගණන් ගෙන නැහැ. සමහරුන් ඒවා කියවාවත් නැහැ. ඩේලි මිරර් පුවත්පතෙන් හැරෙන්න මට ප්‍රතිචාරයක් ලැබෙන්නේත් නැහැ. ඒත් මගේ ඉතාමත් සීමිත දැනුම අනුවත් මා දැන සිටියා ඉලංකෙයි තමිල් අරසු කච්චි කියන්නෙ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය කියලා.