කතානායක නිදි ද?
විනිසුරුවරුන් කිහිප දෙනකු තමන්ට නිසි උසස්වීම් (පත්වීම්) නොලැබුණු
බව දන්වමින් ව්‍යවස්ථා සභාවට විරුද්ධ ව ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවට
වාර්තා වෙනවා. වාර්තා වන අන්දමට විනිසුරුවරුන් තම මානව අයිතිවාසිකම් කඩවීමක්
පිලිබඳ පැමිණිලි කිරීමටයි සූදානම් වන්නෙ. තම ජ්‍යෙෂ්ඨත්වය නොසලකන්නේ නම් සලකන්නේ
කිනම් සුදුසුකමක් දැයි දැනගැනීමට ඔවුන් කැමති වෙනවා ඇති. එය තම අයිතිවාසිකමක්
ලෙසින් ද ඔවුන් සලකන බවයි පෙනී යන්නේ. මෙහෙමත් දේවල් රනිල්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී
පාරදෘශ්‍ය ආණ්ඩුවට පෙර අසන්න ලැබුණා ද?