Main Logo

Showing posts with label Chemical Components. Show all posts
Showing posts with label Chemical Components. Show all posts

Wednesday, 13 February 2019

කිරි පිටි කිරීම හා පිටි කිරි කිරීම


කිරි පිටි කිරීම හා පිටි කිරි කිරීම



වරක් මට හමු වූ ලංකාවට පැමිණ ඇති ඉන්දීය ජාතිකයකු පුදුමයෙන් මෙන් මා සමග පැවසුවේ ලංකාවේ මිනිසුන් කිරි නොව පිටිකිරි බොන බව ය. ඒ ඉන්දියානුවා ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක්. ඔහු මොකක්දෝ සම්මන්ත්‍රණයකට ලංකාව පැමිණ තිබෙනවා. ඒ සම්මන්ත්‍රණය සුපුරුදු පරිදි බටහිර මුදලින් සංවිධානය කෙරුණක්. මා මෙවැනි සම්මන්ත්‍රණ ගැනත් එහි ඉදිරිපත් කෙරෙන ඊනියා පත්‍රිකා ගැනත් හොඳහැටි දන්නවා. මේ සම්මන්ත්‍රණ අප වැනි රටවල උගතුනට පිටරට සවාරියක් ලබා දීම සඳහා සංවිධානය කෙරෙන දේ. එවැනි තෑගි ලබා දීමෙන් ඒ උගතුන් තම නාස්ලණුව යටතේ තබා ගැනීමටත් ඔවුන් ලවා තම දැනුම් ආධිපත්‍යය රැක ගැනීමටත් බටහිරයන් දන්නවා.