ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව හා මහින්ද
Main Logo
Showing posts with label Supreme Court Determination. Show all posts
Showing posts with label Supreme Court Determination. Show all posts
Thursday, 13 December 2018
ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව හා මහින්ද
Labels:
.Maithripala,
1818,
2018,
Mahinda,
Supreme Court Determination
Thursday, 6 December 2018
ඕනෑම තීන්දුවකට ලැහැස්ති වෙමු.
ඕනෑම තීන්දුවකට ලැහැස්ති වෙමු.
සබැඳිය :
https://youtu.be/dO4CmLlr6Xo
Labels:
Supreme Court Determination
Wednesday, 14 November 2018
තීන්දුවක් නොවන අතුරු නියෝගය (නොවැම්බර් 14 පළමුවැනි ලිපිය)
තීන්දුවක් නොවන අතුරු නියෝගය
ජනාධිපති ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මූලික
අයිතිවාසිකම් කඩවී යැයි පවසා ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රෙෂ්ඨාධිකරණය
අතුරු නියෝගයක් දීලා. එය නඩුු තීන්දුව නොවන බව පළමුවෙන් ම පැහැදිලි කර ගත යුතුයි.
නඩුව දෙසැම්බර් 4, 5, 6 දිනවල අසා 7 වැනි දා තීන්දුව දේවි. දැනට සිදු වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා
හැරීම අත්හිටුවීමත් තීන්දුව දෙන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට පියවර
නොගැනීමටත් නියෝග කිරීම පමණයි.
Sunday, 19 August 2018
මහින්දාගමනය
මහින්දාගමනය
මහින්දට නැවතත් ජනාධිපතිධුරයට තරග කළ හැකි ද යන්න පිළිබඳ ප්‍රශ්නයක්
මතුවෙලා. මෙය කාගෙන් එන එකක් ද යන්න පැහැදිලි නැහැ. සමහරවිට එය නිහාල් ජයවික්‍රමගේ
තර්කයක් මත පදනම් වනවා විය හැකියි. මා නීතිඥයකු නො වෙයි. එහෙත් මට පෙනෙන විධියට මේ
තර්කය වලංගු වන්නේ 1977සම්මත වූ ව්‍යවස්ථාවෙන් පත් කළ
ජනාධිපති වෙනුවට දහනවවැනි සංශෝධනයෙන් වෙනත් ජනාධිපතිවරයකු පත් කෙරෙන්නේ නම් පමණයි.
ඒ කියන්නේ ජනාධිපති ධුරයේ පැහැදිලි ගුණාත්මක වෙනසක් ඇති වී තිබෙනවා නම් පමණයි.
හැත්තෑදෙකේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා හැත්තෑහතේ ව්‍යවස්ථාවෙන් මුළුමනින් ම වෙනස් වුණා.
නාමික ජනාධිපතිවරයකු වෙනුවට විධායක ජනාධිපතිවරයකු ලැබුණා. ජනාධිපති ධුරයේ එවැනි
ගුණාත්මක වෙනසක් දහනවවැනි සංශෝධනයෙන් සිදු වී ඇත් ද යන්න ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය
කරන්න ඕන. ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑම ජනවාරි
මාසයට කලින් කරගන්න වෙනවා. ඒ ඉන්පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ තිබෙන
නිසා.
Wednesday, 20 September 2017
වැදගත් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක්
වැදගත් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක්
නීතිය දේශපාලනයෙන් වෙන් කරන්න පුළුවන් කියලා හිතුවට එහෙම කරන්න බැහැ.
නීතිය විතරක් නොවෙයි අනෙක් හැම දේමත් දේශපාලනය එක්ක බැඳිලා. අපට දේශපාලනයෙන් වෙන්
වෙන්න බැහැ. අප සෘජුව දේශපාලනයේ නොයෙදෙනවා වෙන්න පුළුවන්. අප දේශපාලනඥයන්ට අකමැති
වෙන්න පුළුවන්. ඒත් අපට ජීවත් වන්න වෙලා තියෙන්නෙ දේශපාලනයත් එක්ක. අප ඒක අමතක
කරන්න හොඳ නැහැ. නීතිඥයන් නීතිය ගැන වගේ ම දේශපාලනය ගැනත් සැලකිලිමත් විය යුතුයි.
Subscribe to:
Posts (Atom)