Main Logo

Tuesday 29 November 2022

 රනිල්ගෙ පික් පොකට් ගැහිල්ල

 

පරගලය මූලික වශයෙන් බටහිරයන්ගෙ වැඩක්. ඔවුන් පසුගිය දශක කිහිපයක් තිස්සේ ප්‍රසාරණය වුණු මධ්‍යම පංතිය සඳහා යොදා ගත්තා. මෙහි දී මධ්‍යම පංතිය යනුවෙන් අදහස් වෙන්නේ මධ්‍යම පාංතික ආකල්ප ඇති පිරිස්. අද චීනයේත් මධ්‍යම පාංතික විරෝධයක් ඇති වෙලා. කොවිඩ් සම්බන්ධයෙන් කියා කියනවා. ඔවුන් අනුකරණය කරන්නෙත් බටහිර ආකල්ප. ඊනියා සංස්කෘතික විප්ලවයෙන් පසුව චීනයේත් මධ්‍යම පංතියක් ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

 

බටහිර මධ්‍යම පාංතික ආකල්පවල සීමාවක් නැහැ. තව තවත් ඊනියා නිදහස සැප සම්පත් සෙවීම තමයි එහි දර්ශනය කියන්නෙ ඔවුන්ගෙ දැක්ම, නැත්නම් දෘශ්ටිය. එහි පසුබිමේ ඇත්තේ ස්වර්ග සම්පත්. එහි එක් විශ්වාසයක් තමයි ස්වභාව ධර්මය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසාගේ සුඛ විහරණය සඳහා බව. ස්වභාව ධර්මය යන්නට සතා සිවුපාවා අයත් වෙනවා. සතුන් පවා මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසුන් සඳහා යන්න ආගමික කතාවක්.

 

බටහිර නොවන මධ්‍යම පංතිය ලංකාවේ වේවා වීනයේ වේවා දන්නේ අනුකරණය පමණයි. ඔවුන් බටහිර අනුකරණය කරනවා. බටහිර නම් ඔවුන්ගේ සංස්කෘතියෙහි අදහස් සංස්කරණය කෙරෙනවා. අප සංස්කෘතියේ නැහැ. අපට එහි අදහස් සංස්කරණය කරන්න බැහැ. සංස්කෘතික ආධිපත්‍යය අප බටහිර සංස්කෘතිකාංග අනුකරණයට පොළඹවනවා. අවසානයේ සිදුවන්නේ අනෙක් සංස්කෘතීන් විනාශ කෙරී බටහිර සංස්කෘතිය අනුකරණය කරන්නන් පිරිසක් ඉතිරිවීමයි. රුසියාව දැනුවත් මේ සංස්කෘතික ආධිපත්‍යයට එරෙහි කටයුතු කරනවා.

 

පරගලය බටහිරයන්ගෙ මෙහෙයවීමෙන් කෙරුණු ලංකාවේ මධ්‍යම පංතියේ වැඩක්. ණයට කකා සිටි මධ්‍යම පංතියට ආර්ථික අර්බුදයත් සමග ණයට කෑම කරගෙන යන්නේ කොහොම යන ප්‍රශ්නය ඇති වුණා. තවමත් ආණ්ඩුව කරන්නේ මේ මධ්‍යම පාංතික ආකල්ප සනසන්නෙ කොහොමද කියා සොයා බැලීමයි. කෙසේ වෙතත් බටහිරයන් මධ්‍යම පංතියේ අපේක්‍ෂා කඩා වැටීම රාජපක්‍ෂලා පිටින් යැවුවේ එක් පෑන් පහරකින්. එක ට්විටර් පණිවුඩයකින්.

 

රනිල් බලයට පත් කිරීම තමයි බටහිරයන්ට අවශ්‍ය වුණෙ. එහි දේශපාලන පක්‍ෂ නායකත්වයක් මුල දී දකින්න තිබුණෙ නැහැ. සකර්බර්ග් තමයි එය මෙහෙයවුයේ. සිංහල බෞද්ධ විරෝධි බලවේග එතැන නායකත්වයෙ හිටියා. පසුව සෙප්පන් එහි නායකත්වය ගන්න උත්සාහ කළා. එවිට ජෙප්පන් මැදිහත් වුණා. ජෙප්පන් නම් රනිල් වෙනුවෙන් හිටියෙ. රනිල් අගමෑති වීමෙන් පසු සෙප්පන් හැරෙන්න අනෙක් අයට සැලකුවා. සෙප්පන්ට වෙන විධියකට සැලකුවා. සමග පරගලය ඉවරයි. ඕන නම් හැම මාසයක නවවැනි දා ලොව නොසෙල් වූ දස දින සමරන්න පුළුවන්.

 

ගෝඨාභය අස්වීමෙන් පසු අගමෑති රනිල් ජනාධිපති වුණා. පසුව පාර්ලිමේන්තුව ඔහු ජනාධිපති ලෙස පත්කර ගත්තා. එහෙත් ඔහුට ගෝඨාභයගෙ ඉතිරි කාලය පමණයි තනතුරේ ඉන්න පුළුවන්. කියන්නෙ 2024 නොවැම්බර් වෙන කම් පමණයි. මේ තනතුරට ඔහු පත් කර ගත්තේ කරුණු දෙකක් සඳහා. පඬි නැට්ටකු කියන්න පුළුවන් අප තමයි රනිල් පත් කර ගත්තෙ කියල. ඔවුන්ගෙ ඊනියා කියවීම එබඳුයි. කරූණු දෙක නම් ආර්ථික අර්බුදය විසඳීම හා සෙප්පන් පරාජය කිරීම. නැහැ ජෙප්පන්ට මුකුත් වෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුව වටලන්න ගිය ලාල්කාන්ත හා හඳුන්නෙත්ති ඔය අගේට ඉන්නෙ.

 

රනිල් සෙප්පන් නම් පරාජය කළා. සෙප්පන් තව කෑ ගැහුවොත් කරන්න යන දේත් රනිල් කිවුවා. ජාතිකවාදීන්ටත් එක්ක. පඬි නැට්ටන්ගෙ නම් කිවුව ඔවුන්ට මොකුත් වෙන්නෙ නැහැ. දැන් සෙප්පන් වෙනුවෙන් අරගල කරන්නෙ කවුද? පඬි නැට්ටන්ට අනාථ කඳවුරෙ ඉඳන් ලියන්න කියන්න පුළුවන්. සම්මන්ත්‍රණ පවත්වන්න පුළුවන්. මොකුත් වෙන්නෙ නැහැ. පරගලය පඬි නැට්ටන්ගෙ වැඩක් නම් කෝ සෙප්පන් වෙනුවෙන් ඊනියා අරගලයක් දියත් කරනවා. එහෙම බැහැ. ඒකට බටහිරයන් සහාය දෙන්නෙ නැහැ.

 

රනිල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවනවා. ප්‍රජාවගේ කැමැත්ත අනුව ආණ්ඩු කිරීම. දැනට බලපවත්වන්නෙ 2019 ජනාධිපතිවරණය හා 2020 මැතිවරණය. මිනිසුන් එහි දී ඡන්දය දුන්නෙ, වැඩි කැමැත්ත දුන්නෙ යම් ප්‍රතිපත්තිවලට. නැහැ සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කරන්න නො වෙයි. අප කිසිවකුට එවැනි බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. අද ආණ්ඩු කරන්න ඕන අනුමත වෙච්ච ප්‍රතිපත්ති අනුව.

 

රනිල්ට ව්‍යවස්ථාවෙන් ජනාධිපති ලෙස කටයුතු කරන්න පුළුවන්. එහෙත් ඔහුට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැ. ඔහු හා ඔහුගෙ පක්‍ෂය මැතිවරණයෙන් පරාදයි. රනිල් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හදනව නම් සාමාන්‍යයෙන් කියන විධියට පික් පොකට් ගැහිල්ලක්. ඡන්දදායකයා පරාද කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කාගෙ ප්‍රජාතන්තරේ ? අන්තරේ ප්‍රජාතන්තරේ ? අන්තරේ තියෙන්නෙ සෙප්පන් යටතෙ. පොහොට්ටුව රනිල් ආරක්‍ෂා කරමින් රනිල්ගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඡන්දෙ දෙනව නම් ඒක 2025 දි බලා ගන්න පුළුවන්.

 

රනිල් සෙප්පන් පරාද කළා. ඒක මහා වැඩක් නො වෙයි. ඔහුට භාර දීල තියෙන ප්‍රධාන වැඩේ ආර්ථික අර්බුදය විසඳන එක. ඔහුට එය කරන්න බැහැ. ඇතැමුන් හිතන්නෙ ඔහුට ඊනියා ජාත්‍යන්තර  සම්බන්ධකම් තියෙනවා නිසා ආධාර ලබා ගන්න පුළුවන් කියල. ඔහුට ඇති මහා පිළිගැනීමක් නැහැ. ඔහුට දැනට කවුද ආධාර දීල තියෙන්නෙ. කියන්නෙ ණය දීල තියෙන්නෙ. ජමුලෙ කොන්දේසි එක්ක තමයි ණය දෙන්නෙ.  ඒකත් අවුරුදු හතරකට ඩොලර් බිලියන තුනක් පමණ. අපේ ණය කන්දරාව ඩොලර් බිලියන පනහට වැඩියි. ණය වැඩිය අරන් තියෙන්නෙ යමපාලන ආණ්ඩුව. ගමේ මළ ගෙවල්වල ගියාම ඡන්දෙ හම්බ වෙනවා. ජාත්‍යන්තර මළ ගෙවල්වල ගියාට  ණය හම්බ වෙන්නෙ නැහැ.

 

රනිල් තමන්ට භාර දුන්න වැඩේ නොකර බලය බෙදන්න යනවා. ඒක ඡන්දදායකයන් අනුමත කළ ප්‍රතිපත්තියක් ? රනිල්ට සඳහා ජන වරමක් ලැබිල තියෙනවා ? රනිල් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නම් තමන්ට වරමක් නැති වැඩ කරන්න කලින් වරමක් ලබා ගන්න ඕන. වත්මන් ව්‍යවස්ථාව අනුව ඔහු ඉල්ලා අස්වුණා කියල ජනාධිපතිවරණයක් තියන්නෙ නැහැ. ඔහුට කරන්න පුළුවන් කටයුතු දෙකක් තියෙනවා. එකක් තමන් බලය බෙදන්න යන්නෙ කොහොම කියල නිශ්චිතව සඳහන් කරල ජනමත විචාරණයක් පැවැත්වීම.   එහෙම නැත්නම් 2023 නොවැම්බරයේ ජනාධිපතිවරණයක් පවත්වා වරමක් ලබා ගැනීම.

 

දෙකෙන් එකක්වත් කරන්නෙ නැත්නම් ගෝඨාභයට ඡන්දය දුන් අයගෙ කැමැත්ත පරිදි 2024 වෙනකම් වැඩ කිරීම. රනිල් දෙමළ ජාතිවාදයට ඉඩම් දෙන්න යනවා ඊනියා දෙමළ ඩයස්පෝරාව සංවරධනයට සහභාගි කරව ගන්න හදනවා ඉතිහාසය පඬි නැට්ටන්ට ඕන විධියට ලියන්න හදනවා. මේ ජනමතය නෙලැබුණු අයකු ජනමතය පික්පොකට් ගැහීමක්.