Main Logo

Thursday 19 January 2023

දහතුන ගැන මාලිමාව කොයි දිශාවට ද?

 දහතුන ගැන මාලිමාව කොයි දිශාවට ?

 

බටහිරයන් ඉන්දියාවේ සහාය ඇතිව පරගලය දියත් කෙළේ සිංහල ජාතිකත්වය හා සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට. රනිල් ජනාධිපති බවට පත් කර ගත්තේත් සැලසුමක් ඇතුව. ඔහුට කිසිම ජනවරමක් නැහැ. ඔහු හුදෙක් වැඩ බලන්නෙක් පමණයි. අප කිහිප වතාවක් කියා ඇති පරිදි ඔහුට කරන්න පුළුවන් ගෝඨාභයගේ ජනවරම ක්‍රියාත්මක කිරීම පමණයි. ඔහුට ඔහගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ඔහු ජනවරමක් ලබා ගත යුතුයි. එහෙත් වත්මන් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ඔහු සතු නැහැ. ඔහුට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බැරි නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි.

 

එසේ ඉල්ලා අස්වුණත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ. එවිටත් සිදුවන්නේ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමත් එසේ තෝරා ගන්නා තුරු අගමැති ජනාධිපති තනතුරේ වැඩ බැලීමත්. එසේ තෝරා ගනු ලබන ජනාධිපතිගේ වාරයත් 2024න් අවසන් වෙනවා. මෙයින් කියැවෙන්නේ 2024 වන තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි බවත් එතෙක් වැඩ බලන ජනාධිපති හෝ ජනාධිපතිවරු හෝ ජනාධිපති ධුරයේ වැඩ බලන බවත්. වෙනත් වචනවලින් කියනවා නම් කවුරු ජනාධිපති වුණත් 2024 වන තුරු ක්‍රියාත්මක කරන්න පුළුවන් 2019 දී ඡන්දදායකයන් දුන් ජනවරමයි.

 

ජනවරම අනුව නම් රජයට පොලිස් බලතල හා ඉඩම් බලතල අහිමි කර ගන්න බැහැ. අප කලිනුත් කියා ඇති මහින්ද රාජපක්‍ෂත් 13 ක්‍රියාත්මක කිරීම ගැන කතා කළත් එය නොකෙරුණු බව. එයට හේතුව ඡන්දදායකයන් එයට විරුද්ධ වීමයි. 2009 මැයි මස මෙහි පැමිණි ඉන්දීය ට්‍රොයිකාව හා මෙරට ට්‍රොයිකාව නන්දිකඩාල් ජයග්‍රහණය පාවා දෙමින් 13න් එහාට යෑමට ගිවිස ගත්තත් ආණ්ඩුවට එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ ඡනදදායකයන් එයට විරුද්ධ නිසයි. ට්‍රොයිකාව ගැන  අප කිහිිප වතාවක් කියා තියෙනවා.

 

2015 පත් වූ යමපාලන ආණ්ඩුවටත් ට්‍රොයිකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. රනිල් අගමැති සිටියදීත්. ආණ්ඩුව තුළ කුමන සාකච්ඡා තිබුණා කියා අප දන්නේ නැහැ. එහෙත් ජනාධිපති ලෙස මෛත්‍රිපාල සිරිසේනට 13 එහා යෑමට තබා 13 සම්පූර්ණයෙන් ක්‍රියත්මක කිරීමටවත් එකඟ වීමට හැකි කමක් තිබුණා කියා අප හිතන්නේ නැහැ.

 

එහෙත් අද රනිල් කරන්න හදන්නේ කල දුටු කළ වල ඉහ ගැනීමක්. දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති මොහොතක රනිල් කිසිදු දේශපාලන සදාචාරයක් නොමැතිව තම පක්‍ෂයෙන් එක එක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු පමණක් සිටිය දී තමාට නියමිිත ආර්ථික අර්බුදය විසඳීම පැත්තකට දමා දෙමළ ජාතිවාදයට රට පාවා දීමට සූදානම් වෙනවා. අද බැසිල් රාජපක්‍ෂ රනිල්ට සහාය දෙනවා. බැසිලුත් අර 2009 ට්‍රොයිකාවේ සාමාජිකයෙක්. අනෙක් සාමාජිකයන් වූයේ ගෝඨාභය රාජපක්‍ෂ හා ලලිත් වීරතුංග. එහෙත් අයටත් 2010 ආණ්ඩුව හරහාත් ට්‍රොයික් ගිවිසුම ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මා හිතන්නෙ නැහැ ගෝඨාභය රාජපක්‍ෂට එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් තිබුණා කියා. ඔහු ඉන්දියාව කියන දෙයක් ජනමතය ඉක්මවා ක්‍රියත්මක කරන්නකු නො වෙයි. ඔහුට පසුගිය වසරේ ඉන්දියාවට ගොඩ බැසීමට අවසර නොලැබුණු බව සඳහන් වෙනවා.

 

එහෙත් අද ඉන්දියාව හා එංගලන්තය නෝර්වේ ආදී රටවලට 13 සම්පූර්ණයෙන් ක්‍රියත්මක කර ගැනීමට උත්සාහ කිරීමට රටේ තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය යොදා ගන්න පුළුවන්කමක් ලැබී තියෙනවා. එසේ වුණත් සරත් වීරසේකර දැනටමත් එයට තම විරෝධය පා තියෙනවා. මා හිතන්නෙ නැහැ පෙරමුණ එයට පක්‍ෂ වේය කියා. රනිල් සොල්හයිම් ඊනියා උපදේශක තනතුරක තබා ගෙන විසුරුණු දෙමළ ජනයා (ඩයස්පෝරාව) රටේ සංවර්ධනයට කැන්දමින් කරන්න යන්නේ මාමයි බෑණයි වැඩක්. මාමා තමයි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙළේ.

 

එදා වි පෙරමුණ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වුණා. අද ඔවුන්ගේ ස්ථාවරය කුමක් ? රනිල්දාස ගැන මොකද කියන්නේ? ලාල්කාන්ත කියන්නේ මොකක් ද කියා මා අහන්න යන්නෙ නැහැ. වි පෙරමුණට අමතර මාලිමාවත් තියෙනවා. සීනුවේ මතය පමණක් නොව මාලිමාවේ මතයත් කියන්න ඕන. හරිණි අමරසූරිය මොකක් කියන්නෙ. විශේෂයෙන් පළාත් පලන ආයතන මැතිවරණයේ දී දැන ගැනීම අවශ්‍ය වෙනවා.

 

ඇතැම් වමාලා වි පෙරමුණට නැත්නම් මාලිමාවට ආධාර කිරීමට ඉදිරිපත් වීම පසුපස ඇත්තේ කුමන දේශපාලනයක් ? අද බොහෝ වමාලා කරන්නේ අනෙක් වමාලා පතුරු ගැහීම පමණයි. ඇතැම් වමාලා පමණක් මාලිමාව සමග උතුර දකුණ හොයනවා. මාලිමාවේ උතුර දකුණ වෙනස් වෙලා ? යටත්විජිත තවත් මීටර් සීයක් දුවන්නෙ නැති බව නම් පැහැදිලියි. මීටර් සීය කොයි දිශාවට දුවන්න කියා මාලිමාව කියනවා ? 

 

වමාලා හැමදාමත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පක්‍ෂයි. ඔවුන් සංස්කෘතිය සොයන්නේ බටහිර රටවල. ඔවුන් මූලික වශයෙන් සිංහල බෞද්ධ ගොවිගම නායකත්වයට විරුද්ධයි. එහි දී අයගේ කුල ප්‍රශ්න මතු වෙනවා. බටහිරයන් පරගලය දියත් කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ . එහෙත් පඬි නැට්ටන්ට ගොවිගම විරෝධයකුත් තිබුණා. ඔවුන් රාජපක්‍ෂලාට විරුද්ධ වුණේ සියල්ල සමගින්. ඔවුන්ට නන්දිකඩාල් ජයග්‍රහණය කොහොමටත් දිරව ගන්න බැහැ.

 

රනිල් සිංහල බෞද්ධ විරෝධියෙක්. අප අමතක නොකළ යුතු කාරණයක් නම් පැරණි ජා පක්‍ෂය කුලවාදී වුණත්  මාමයි බැණයි යටතේ කුලවාදී නොවන බව. කුල ප්‍රශ්න උඩ ශ්‍රී නි පක්‍ෂයෙන් කැඩී ගිය බොහෝ දෙනාට වත්මන් ජා පක්‍ෂය නිවහනක් වුණා. වමාලාට කෙලින් රනිල්ට පක්‍ෂ වෙන්න බැහැ. ඔවුන් නිසා රනිල්දාසට පක්‍ෂ වෙනවා. වි පෙ හරි මාලිමාව හරි වමාලාගේ පක්‍ෂ නොව ඊනියා වමාලාගේ පක්‍ෂ. වමාලා බොහෝ දෙනකු අද වන විට ඊනියා වමාලා වෙලා.

 

ඊනියා වමාලාත් ලිබරලනුත් අතර ලොකු වෙනසක් නැහැ. ඔවුන් සිංහල බෞද්ධ විරෝධි වීමෙන් එකතු වෙනවා. අද සියලු දෙනා එකතු වෙන්නේ සිංහල ජාතිකත්වයට එරෙහි දෙමළ ජාතිවාදය වෙනුවෙන්. දහතුන මුළුමනින් ක්‍රියාත්මක කිරීමට වමාලා හා ලිබරලුන් එකඟයි. මාලිමාව ගැන නිල ප්‍රකාශයක් කරන්න ඕන. 1987 ඉන්දු ලංකා ගිවිසුමට පෑ විරෝධය සෝමවංස අමරසිංහත් සමග මිය ගියා ?