Main Logo

Saturday 21 January 2023

ජෝන් කොතලාවල හා රනිල් වික්‍රමසිංහ

 ජෝන් කොතලාවල හා රනිල් වික්‍රමසිංහ              

 

මෙරට විදේශ ඇමතිට ඉන්දියාවට ගොස් ඉන්දියාවේ කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් දෙන්න පුළුවන් ? ඉන්දියාවේ මැතිවරණ පැවැත්වීම ගැන ප්‍රාන්තවලට හිමි විය යුතු බලතල ගැන සහ තවත් දේ ගැන කතා කරන්න පුළුවන් ? අලි සබ්‍රි මේ ලිපි කියවන්නේ නැහැ. ඉන්දියාවේ මුස්ලිමුන්ට හිමි තැන ක්‍රිස්තියානින්ට හිමි තැන ගැන නොව බෞද්ධයනට හිමි තැන ගැන අලි සබ්‍රිට නොව රනිල් වික්‍රමසිංටවත් කතා කරන්න පුළුවන් ? මා කගෙන්වත් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. 

 

මට නිතිපතා UCA News ලිපිය ලැබෙනවා. Union of Catholic Asian News ලිපිය. එහි ආසියාවේ කතෝලික ප්‍රවෘත්ති සඳහන් වෙනවා. කලාතුරකින් තමයි ලංකාවේ කතෝලිකයන්ගේ ප්‍රවෘත්ති සඳහන් වෙන්නෙ. පසුගිය දා පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.  පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් කවුදැයි මෙරට අධිකරණය තවමත් තීන්දු කර නැහැ. පසුගිය තීන්දුවෙන් කියැවෙන්නේ වළක්වා නොගැනීම ගැනයි. අර මහා මොළකරු තාම සොයා ගෙන නැහැ. එකක්වත් ලිපියේ සඳහන් වුණේ නැහැ. මෛත්‍රිපාල සිරිසේනට රුපියල් කෝටි දහයක් ගෙවීමට සිදු වී ඇති බවයි කියැවුණේ. අප කලින් සඳහන් කළාක් මෙන් නඩු තීන්දුව ඉදිරියට මහත් සේ බලපාවි. නිලධාරීන්ට නිලධාරීන් පත් කරන්නන්ට විවිධ ආකාරයේ ගෙවීම් කරන්න සිද්ධ වේවි.

 

හැරෙන්න අදාළ ප්‍රවෘත්ති ලිපියේ ලංකාවේ කතෝලිකයන් ගැන කලකින් සඳහන් වුණේ නැහැ. එහෙත් ඉන්දියාවේ කතෝලිකයන්ගේ දුක් ගැනවිලි පිළිබඳ නිතර එහි කතා කෙරෙනවා. අනෙක් ආසියාතික රටවල් ගැනත් සඳහන් වෙනවා. අඩුවෙන් සඳහන් වෙන්නේ ලංකාව ගැන කියායි මට හිතෙන්නෙ. මා ගැන විධිමත් අධ්‍යනයක් කර නැහැ. කෙසේ වුණත් ලංකාවේ කතෝලික ජනයාට ආසියාවේ බොහෝ රටවල් සමග සන්සන්දනය කරන විට නරකක් නැහැ කියායි ලිපි කියවන විට හැඟෙන්නේ.

 

පඬි නැට්ටන් කියන විධියට නම් සිංහල බෞද්ධයන් අනෙක් ජනයා පාගා ගෙන ඉන්න පිරිසක්. පඬි නැට්ටන් සිංහල නිරාගමිකයන් බවයි කියැවෙන්නෙ. පඬි නැට්ටන්ට ඇත්තේ වෙන ප්‍රශ්නයක්. ඔවුන්ගේ විවිධ හීනමාන ගැන තව කතා කරන්න තියෙනවා. එය පසුවට තබා අද අප කතා කරන්නේ වෙනත් රටවල් අපේ රට පාගා ගෙන ඉන්න අන්දම. හිතන්න එපා ඉන්දියාවේ බෞද්ධයන්ගේ ජීවිතය තෘප්තිමත් කියා. ඉන්දීය බෞද්ධයන්ගේ අති විශාල පිරිසක් කුල හීනයන් කියන අය. අම්බෙඩ්කාර් ඇමතිවරයකු වුණාට බෞද්ධයන්ට ඉන්දියාවේ සැලකිල්ලක් නැහැ.

 

අපට පුළුවන් ඉන්දියාවේ බෞද්ධයන්ගේ ප්‍රශ්න ගැන ඉනදීය අගමැති සමග සාකච්ඡා කරන්න. සුබ්‍රමනියම් ජයශංකර් අතේ ගැන මෝදිට පණිවුඩයක් යවන්න. බිහාර් ප්‍රාන්තයේ සංවර්ධනය ගැන ඉන්දියාව සමග සාකච්ඡාවක් ඉල්ලන්න පුළුවන් ? අපට ඔවුන්ට ආධාර කිරීමට මුදල් නැහැ. ඒක ඇත්ත. එහෙත් මෝදි ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡාවක් දේවි ? අසල්වැසි ඉන්දියාව.

 

බටහිර රටවල තානාපතිවරු තානාපතිනියන් අපට රට පාලනය කිරීම ගැන විවිධ දේ කියනවා. ඔවුන්ගේ රටවල පිරිසක් මෙරට පදිංචි කරුවන් නොවීත්. ඔවුන් කතා කරන්නේ මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නයක් ගැන. අප තවමත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් සිදු වී ඇති අසාධාරණය දන්නේ නැහැ. පඬි නැට්ටන් කියන්නෙත් නැහැ. බටහිර තානාපතිවරුන් තානාපතිනියන් කියන්නෙත් නැහැ. ජනාධිපති උපදේශක සොල්හයිම් කියන්නෙත් නැහැ. ජනාධිපති කියන්නෙත් නැහැ. ජනාධිපති දැන් සිංහලයන් හැර අනෙක් සියල්ලන් ගැන කතා කරනවා. 

 

හෙට අනිද්දා අප නිදහසේ හැත්තෑපස්වැනි සංවත්සරය පවත්වනවා. අප ජනරජයක් වෙලත් අවුරුදු පනහක් වෙනවා. ජනරජයක් වූ දිනයවත් කිසිවකුට මතක නැහැ. එය සමරන්නේ නැහැ.  ඒත් අප තවමත් බිරිතානි මහා කොමසාරිස්වරියට අප ගැන අපට කියන්න ඉඩ දී තියෙනවා. බිරිතානියේ ඉන්න අපේ මහා කොමසාරිස්වරියට ප්‍රශ්නයක් නැතුව ඇති. ප්‍රශ්නයක් තිබුණත් කියන්න බැහැ. අඩු ගණනේ අපේ ප්‍රශ්නවලට හොට දාන්න එපා කියන්න ඇයට බැහැ. ඇයට තබා ජනාධිපතිටවත් බැහැ. අපට තවමත් වැදගත් වෙන්නෙ මහා රජතුමා සමග තේ කෝප්පයක රස විඳින එක නැත්නම් මහා රැජන අත්වැසුම් නැතුව අපට අත අත දෙන එක.

 

අපට බටහිර රටවල් හරි ඉන්දියාව හරි ජපානය හරි එක්ක එක සමාන හිට ගන්න බැහැ. ඒක තමයි ඔවුන් කියන විධියට අවුරුදු හැත්තෑපහක නිදහසේ ශේෂ පත්‍රය. පනස් ගණන්වල ජෝන් කොතලාවල අගමැති කාලෙ ඔහු තනිකර හිටියෙ එංගලන්තෙ නියෝජිතයා ලෙස. ඔහු එංගලන්තෙ පැත්තෙ සිට කතා කළෙ වැඩ කෙළෙ. වරක් ඔහු සම්මේලනයක දී කතා කළාට පස්සෙ නේරු අහල ඇයි කතාව තමන්ට කලින් පෙන්නුවෙ නැත්තෙ වගේ ප්‍රශ්නයක්. ජෝන් කොතලාවල නේරුගෙන් අහල නේරුගෙ කතා කලින් තමන්ට පෙන්නනවද කියලා. එදා එංගලන්තය හා ඉන්දියාව එකට හිටියෙ නැහැ. එදා ඉන්දියාවට චීන ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. අද එහෙම නො වෙයි.

 

අද ඉන්දියාවත් එංගලන්තයත් අපට විරුද්ධ එක පැත්තෙ. අද ජෝන් කොතලාවල හිටිය නම් ක්‍රියා කරන්නෙ කොහොම ? මා හිතන්නෙ රනිල් ක්‍රියා කරන විධියට කියා. ඉංගිරිසින් අපට හොඳ අධ්‍යාපනයක් ලබා දීල තියෙනවා. අපි ගැන ආඩම්බර වෙනවා.