දෙරණෙ රොහාන්ගෙ වික්‍රමය
දෙරණ ඊනියා යුද, ත්‍රස්තවාද විශේෂඥයකු වූ රොහාන් ගුණරත්නට සාකච්ඡාවක් ලබා දීලා. දෙරණ දැන් කටයුතු කරන්නේ රනිල් වෙනුවෙන් ද කියා මා අහන්නේ නැහැ. එහෙත් දෙරණට සම්බන්ධ ආයතනයක් රනිල් වෙනුවෙන් මැතිවරණ දැන්වීම් පළ කළ බව නම් ප්‍රසිද්ධ කරුණක්. එය හුදු ව්‍යාපාරික කටයුත්තක් කියා පිළිතුරක් දෙන්න පුළුවන්. එහෙත් මහින්ද නම් එවැනි පිළිතුරක් පිළිගන්නෙ නැති බව පැහැදිලියි.