Main Logo

Showing posts with label new year. Show all posts
Showing posts with label new year. Show all posts

Tuesday, 1 January 2019

ජනේරුව සුබ ද?


ජනේරුව සුබ ද?



ඊයේ රෑ අප පදිංචි ව ඉන්න පැත්තෙ මහා රතිඤ්ඤා තොගයක් පත්තු වුණා. මා කුඩා කල ජීවත් වූ ප්‍රදේශයේ ඒ විධියට රතිඤ්ඤ පත්තු වුණේ නැහැ. එදා ජනවාරි පළමුවැනි දා අවුරුද්දක් ලෙස සැලකුණෙත් නැහැ. අපට අවුරුද්ද ලැබුවෙ බක් මහේ. ජනවාරි පළමුවැනි දා අපට වැඩිම වුණොත් ජනේරුව වුණා. එය උත්සවයක් ලෙස සැලකුණෙ නැහැ. මා කුඩා කල ජීවත් වූයේ මුහුදුබඩ ප්‍රදේශයක. පෘතුගීසි කාලෙ ඉඳන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික බලපෑමක් තිබූ ප්‍රදේශයක. පෘතුගීසීන් පැමිණිලා අවුරුදු හාරසිය පනහක් පමණ වුවත් ජනේරුව අවුරුදු උත්සවයක් වුණෙ නැහැ. අපට බටහිර බලපෑම් නොතිබුණා නො වෙයි. අපේ ආච්චි අම්මලා කබාපොරොත්තු නමින් හැඳින්වුණු අත් දිග හැට්ට ඇන්ද. අපේ අම්මලා ගෙදරට දිග ගවුම් ඇන්ද. මේ ඇඳුම්වල නම් ඔක්කොම යුරෝපීය.

Saturday, 15 April 2017

Friday, 14 April 2017

අවුරුද්ද ගැන තවදුරටත්  


අවුරුද්ද ගැන තවදුරටත්



සිංහල අවුරුද්ද සිංහල අපට ඇති අවුරුදු දෙකෙන් එකක්. අනෙක් අවුරුද්ද වෙසක්. මේ දෙක ම බුදුන් වහන්සේ හා සම්බන්ධ කියලා හිතන්න පුළුවන්. වෙසක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එය බුදුන් වහන්සේ හා සම්බන්ධ බව කුඩා දරුවකු වුවත් දන්නවා. සිංහලයන්ගේ වර්ෂත් මාස ක්‍රමයත් පටන් ගන්නෙ වෙසක් සමග. අප වෙසක් පොසොන් ඇසළ ආදී වශයෙන් මාස ගණන් කරනවා. ඒ චන්ද්‍ර මාස. සූර්ය වර්ෂයකට, එනම් සෘතු පදනම් වන වසරකට, චන්ද්‍ර මාස දොළහකට වඩා තිබෙනවා. එබැවින් ඇතැම් විට අපට අධි මාස ගැන කතා කරන්න වෙනවා.

Thursday, 13 April 2017

අවුරුද්ද හා නැකැත් කෙළි  


අවුරුද්ද හා නැකැත් කෙළි



අද ද්‍රවිඩ දේශය යැයි හැඳින්වෙන ප්‍රාන්තවල අලුත් අවුරුද්ද එකම දිනයක ඇරඹෙන්නේ ද යන ප්‍රශ්නය සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්දක් ගැන කියන අයගෙන් ඇසුවහොත් ඔවුන් අමාරුවේ වැටෙනවා. එයට හේතුව ආන්ද්‍ර ප්‍රදේශය, කර්ණාටක හා තෙළඟනා ප්‍රාන්තවල එක් දිනයකත් තමිල් නාඩුවේ හා කේරළයේ තවත් දිනයකත් අලුත් අවුරුද්ද ඇරඹීම. ආන්ද්‍ර ප්‍රදේශය වැනි ප්‍රාන්තවල අලුත් අවුරුද්ද යුගාදි යනුවෙන් හැඳින්වෙයි. යුගාදි යන්නෙහි තේරුම යුගය (වසර) ඇරඹීම යන්න ය. එය යුග ආදි(මුල) වචනවලින් සකස් වී ඇත.  මේ යුගාදි අවුරුද්ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි ද එදින ම හෝ ආසන්නයේ හෝ  පැවැත්වෙයි.

Tuesday, 11 April 2017

රනිල් බන්දුල හා අවුරුද්ද  


රනිල් බන්දුල හා අවුරුද්ද



සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. රනිල් දන්නෙ චෙරි බ්ලොසම්ස් මිසක් සකුරා මල් නො වෙයි.

Monday, 10 April 2017

නාගදීපයට වැඩම කිරීම හා අවුරුද්ද  


නාගදීපයට වැඩම කිරීම හා අවුරුද්ද



අද බක් පුූර පසළොස්වක දිනය. බොහෝ පන්සල්වල බණට අද බුදුන් වහන්සේ ලක්දිවට දෙවැනි වරට වැඩම කළ දිනය ලෙස සඳහන් කරාවි. පුවත්පත්වල ද ඒ බව සඳහන් වේවි. රූපවාහිනි නාළිකාවල ප්‍රවෘත්ති ප්‍රචාරවල ද ඒ බව කියැවේවි. එහෙත් බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කෙළේ බක් මස අමාවක දිනයේ බවයි මහාවංසයේ සඳහන් වෙන්නේ. මේ කරුණ අවුරුදු දහසයකට පෙර සිංහල අවුරුද්ද  කෘතියට මා ලියූ පෙරවදනෙහි සඳහන් කර ඇති නමුත් එය කිසිවකුගේ අවධානයට ලක් වූ බවක් පෙනෙන්නේ නැහැ. මේ ලිපියටත් එවැනි ම ඉරණමක් අත්වීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි.

Saturday, 8 April 2017

සිංහල අවුරුද්ද


මෙය ඉරිදා රිවිර පත්‍රයට යවන ලද ලිපියකි









සිංහල අවුරුද්ද



මා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් ඒ කරුණු ඇත්තේ පොත්පත්වල පමණයි. මේ ලිපියටත් ඒ ඉරණම අත්වීමට ඇති ඉඩකඩ අධිකයි. එයට මූලික හේතුව විද්‍යුත් ජනමාධ්‍ය අවශ්‍ය ප්‍රචාරය නොදීමයි. ජනමාධ්‍යවේදීන්ගෙන් අති විශාල බහුතරය පඬියන් වීම සිංහලයන්ගේ කරුමයක් වී ඇත. අපි අවුරුද්ද ගැන කරුණු කිහිපයක් නැවත කියමු. ඒ අතර අලුත් කරුණක් දෙකක් ද පළමු වරට මෙහි සඳහන් කරමු. පළමුවෙන් ම කිව යුත්තේ ඊනියා විද්‍යාඥයන් කුමක් කීවත් ඉර පොළොව වටා ගමන් කරන්නේ යැයි කීමෙහි කිසිම වරදක් නැති බව ය. පොළොවේ සිට බැලූ විට පෙනෙන්නේ, නිරීක්‍ෂණය කෙරෙන්නේ ඉර යන බවයි. කිසිම චලිතයක් නිරපේක්‍ෂ නැත. සෑම චලිතයක් ම සාපේක්‍ෂ වෙයි. ඉරේ සිට නිරීක්‍ෂණය කළහොත් පොළොව ඉර වටේ යන බව පෙනෙයි. හඳේ සිට නිරීක්‍ෂණය කළහොත් ග්‍රහ වස්තුවල චලීිතය කෙසේ නිරීක්‍ෂණය වේ ද? පැරණි නාවිකයන් තාරකා නිරීක්‍ෂණය කෙළේ පොළොවේ සිට මිස ඉරේ සිටවත් හඳේ සිටවත් නොවන බව පඬියෝ ද දනිති. ඔවුන් යාත්‍රා කෙළේ පොළොවේ ඇති මුහුදුවල මිස ඉරෙ හෝ හඳේ හෝ ඇති මුහුදක නො වෙයි.

Friday, 7 April 2017

New Year

This is an interview published in te Daily Mirror






By Kelum Bandara





With the pulse and smell of New Year or Aluth Avurdu is in the air, people get nostalgic about celebrations, observation of rituals and all. It is noteworthy yet to throw some light on the origin   of this festival and its uniqueness with the Sinhala Buddhist culture.  According to Prof. Nalin de silva   who did extensive research into the astronomical and astrological aspect of Avurudu,   it is very much linked with Nekath system followed by people here from time immemorial.