Main Logo

Tuesday 22 November 2016

1915 මුස්ලිම් ප්‍රහාරය

1915 මුස්ලිම් ප්‍රහාරය

මේ ආණ්ඩුව ඉතා පැහැදිලිව ම තමන්ට අවශ්‍ය අන්දමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට උත්සාහ කරනවා. ඒ කියන්නෙ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා කියන එකයි ඒ සඳහා මාධ්‍ය මර්දනය කිරීමටත් ආණ්ඩුවට හිතෙන විධියට ලිපි වැඩසටහන් ආදිය ජාතිවාදී ලේබලය අලවා තහනම් කිරීමටත් සූදානම් වන බව පැහැදිලියි. විජයදාස රාජපක්‍ෂට ඉහළින් රනිල් ඉන්නවා. එපමණක් නොවෙයි මෛත්‍රීපාලටත් ඉහළින් බටහිරයන් වෙනුවෙන් රනිල් ඉන්නවා. සිංහලයන්ට හිමි විය තැන අහිමි වීමට යන බව පෙනෙනවා. මේ ලිපි පෙළෙන් උත්සාහ කරන්නේ මුස්ලිම් ආගමිකවාදයක් මේ රටේ ඉස්මතු වූ ආකාරය පෙන්නුම් කිරීමයි. ඇතැම් විට ආණ්ඩුව පත් කරන කසිකබල් නිලධාරියකුට මේ ලිපිත් ජාතිවාදී වෙන්න පුළුවන්.

අප දැන් දන්නා කරුණු අනුව මලබාර් ප්‍රදේශයෙන් විශාල පිරිසක් දහහතරවැනි සියවසේ දී පමණ ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන්ගෙන් සමහරු සිංහල සංස්කෘතියට අවශෝෂණය වුනා. යාපනයට ගිය පිරිසක් තම දෙමළ කතාකරන අනන්‍යතාව රැකගත්තා. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එකල යාපනයේ ආර්ය චක්‍රවර්තී පාලනයක් තිබීම. ය්‍රාපනයේ සිංහලයන්  බහුතරය වී ඇති නමුත් පාලකයන් දෙමළ කතාකිරීම නිසා මේ පිරිස සිංහල සංස්කෘතියට අවශෝෂණය නොවී යැයි සිතීමට පුළුවන්. මුස්ලිම් පිරිස තම මුස්ලිම් අනන්‍යතාව දිගට ම රැකගත්තා. එය මුස්ලිම් සංස්කෘතික ලක්‍ෂණයක්. ඔවුන් බටහිරයන් විසින් මුවර් යනුවෙන් හඳුන්වනු ලැබුවා. මලබාර් ෙුදමළ කතාකරන පිරිස මලබාර් යනුවෙන් හඳුන්වනු ලැබුවා. පසුව කෝරමණ්ඩල ප්‍රදේශයෙන් පැමිණි දෙමළ කතාකරන වෙල්ලාලයන් පිරිස ද මලබාර් නමින් ම හඳුන්වනු ලැබුවා. මේ මලබාර්වරුන්ට ලාංකික දෙමළ අනන්‍යතාවක් ලැබණේ් දහනවවැනි සියවසේ අගභාගයේ දී.

ඒ සමග මුස්ලිම්වරුන්ට ද දෙමළ කතාකරන පිරිසෙන් වෙන් කෙරී මුස්ලිම් ජනවාර්ගික අනන්‍යතාවක් ඉංගිරිසින් විසින් දෙනු ලැබුවා. මුස්ලිම්වරුන් වෙනුවෙන් ද ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නියෝජිතයකු පත් කෙරුණා. විසිවැනි සියවසේ මුල මෙරට පහතරට සිංහල, උඩරට සිංහල, ලාංකික දෙමළ, මුස්ලිම්, මැලේ බර්ගර් ආදී වශයන් ජනවර්ග ඉංගිරිසින් විසින් පිළිගනු ලැබුනා. ඉංගිරිසින් ජනවර්ග සියල්ල සිංහලයන්ට එරෙහිව යොදාගත්තා. සිංහලයන් ජාතියක් බව අමතක කළා.

1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් බුද්ධාගම හා දේවාගම සුරක්‍ෂිත කර පෝෂණය කිරීමට ඉංගිරිස්ින් පොරොන්දු වූ නමුත් ඔවුන්  ගිවිසුම කඩා දැම්මා. 1848 වන විට ඔවුන් දළදා මාළිගාවේ භාරකාරත්වය දියවඩන නිලමේට භාරකර තම වගකීමෙන් ඈත්වුවා. එහෙත් ඉංගිරිසි ආණ්ඩුකාරයාට බෞද්ධ සිද්ධස්ථානවලට විශේෂත්වයක් හිමි කිරීමට සිද්ධ වුනා. ඉංගිරිසින් විසින් පනවන ලද නීතියකට අනුව බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඉදිකරන විට ආණ්ඩුකාරයාගෙන් අවසර ගත යුතුයි. නීතිය දන්නා අයකුට මා ආරාධනා කරනවා මේ නීතිය පිළිබඳ විස්තර සපයන ලෙස. දහනවවැනි සියවසේ අග (වසර නිශ්චිත නැහැ) පනවන ලද මේ නීතිය අදටත් වලංගුයි. ඒ අනුව අද ලංකවේ තිබෙන බොහෝ බෞද්ධ නොවන සිද්ධස්ථාන අනවසර ඉදිකිරීම්.

මෙරට  සිංහල දේශපාලනඥයන්ට හා ජාතික ව්‍යාපාරයේ බොහෝ ප්‍රධානීන්ට මේ කරුණු ගැන දැනගැනීමට වුවමනාවක් නැහැ. සිංහල බොහෝ දෙනා සිතන්නේ එළාර කාලයේ එහෙමත් නැත්නම් එයටත් කලින් ඉඳන් මෙරට දෙමළ ජනයා සිටි බවයි. අනෙක් අතට ඇතැම් දෙමළ අය සිතන්නේත් සිංහලයන්ට පෙර සිට ම මෙරට දෙමළ ජනයා සිටි බවයි. ඉතිහාසය නිශ්චිත නැතැයි කියමින් සිංහල මෙන් ම දෙමළ දේශපාලනඥයන් වර්තමානයෙන් පටන් ගත යුතු ය කියනවා. එහෙත් වර්තමානය මොකක් ද කියලා පැහැදිලි නැහැ. තම තමන්ට අවශ්‍ය ආකාරයට වර්තමානය පටන් ගන්නවා. 1956, 1972, 1980 ආදී වශයෙන් ඒ ඒ අය වර්තමානය පටන් ගන්නා වසර ලෙස සලකනවා. කිසිම අයකු 1956ට එහා යන්න කැමති නැහැ. මුස්ලිම් ප්‍රශ්නය ගැන සියල්ලන් ම වගේ හිතන්නේ ඉතා ඈත අතීතයේ මුස්ලිමුන් අරාබියෙන් පැමිණි බවයි. ඉතිහාසය නොසෙවීම අවසාන වශයෙන් සිංහලයන්ට එරෙහිව යනවා.  ඉතිහාසය නොදන්නා ඉතිහාසය ගැන සෙවීමට  හැකියාවක් නැති ඇතැම් හාමදුරුවරුන් ද කැමති ඊනියා වර්තමානයෙන් පටන් ගැනීමට.

ඉංගිරිසින් කටයුතු කෙළේ සිංහල බෞද්ධයන්ට විරුද්ධව. 1815 ගිවිසුම කඩා දැමීමෙන් පසු ඔවුන් මෙරට ජනවර්ගවලට අනුග්‍රහය දැක්වූවා. මුස්ලිමුන්ටත් ඒ අනුග්‍රහය ලැබුණා. 1915 මුස්ලිම් ප්‍රහාරය ඇතිවුනේ ඒ නිසයි. ගම්පොළ පැවැත්වුණු වාර්ෂික බෞද්ධ පෙරහැරට මුස්ලිමුන් විරුද්ධ වූවා. පෙරහැරේ ශබ්ද නැතිව ගමන් කළ යුතු යැයි ඔවුන් කියා සිටියා. එයට ඉංගිරිසින්ගේ සහාය ලැබී ඇති බව පසුව සිදු වූ දෙයින් පැහැදිලි වෙනවා. සිංහල බෞද්ධ පෙරහැර හේවිසි නැතිව පවත්වන්නේ නැහැ. අදත් කසිකබල් දේශපාලනඥයන් කැඳවා ගෙන ඒමේදීත් හේවිසි යොදා ගැනෙනවා. අනෙක් අතට බෞද්ධ පෙරහැරකට වෙනත් සිද්ධස්ථානයක් අසළින් යෑමේ දී නිහඬ වීමට අණ කරන්න බැහැ. එය මෙරට සංස්කෘතිය ගොඩ නැගූ සිංහලයන්ට විරුද්ධ වීමක් හා සිංහල සංස්කෘතියට මෙරට හිමි විය යුතු විශේෂත්වය නැති කිරීමක්. අදත් බටහිරින් නඩත්තු වෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිවල් සමාජ පෙරහැරවල අලි ඇතුන් ගෙන යෑමට විරුද්ධ වන්නේ සත්ව කරුණාවකින් නොව බෞද්ධ විරෝධයකින්. සත්ව කරුණාවක් ඇත්නම් පළමුවෙන් ම කළ යුත්තේ ඊනියා සත්වෝද්‍යාන විසුරුවා හැර ඒ සතුන් කැලේට මුදා හැරීමයි.

1915 ගම්පොළ පෙරහැර මුල් කරගෙන මුස්ලිමුන් සිංහලයන්ට පහර එල්ල කළා. සිංහලයන් කෙළේ තම අයිතියක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම පමණයි. එහෙත් ඉංගිරිසින් දඬුවම් කෙළේ සිංහල බෞද්ධයන්ට පමණයි. රටේ ම සිටි සිංහල බෞද්ධ ප්‍රභූන් සිරභාරයට ගැණුනා. පේද්‍රිස් විරයා මරා දැමුණා.රට පාලනය කෙරුණේ මාෂල් ලෝ හෙවත් යුද්ධ නීතිය යටතේ. ඒ තමයි ඉංගිරිසින්ගේ මානව අයිතිවාසිකම් රැකීම, ප්‍රජාතන්ත්‍රවාදය රැකීම. ජෙනීවාහි රාජපක්‍ෂලාට විරුද්ධව යෝජනා ගෙනෙන ඉංගිරිසින්ට හා යහපාලන ආණ්ඩුවට මේවා මතක නැද්ද?  මේ 1915 දී ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් සිදු වූ මුස්ලිම් ප්‍රහාරයෙන් පසු සිංහල නායකයන් පසු බස්සා දෙමළ නායකයන්, විශේෂයෙන් රාමනාදන් තවදුරටත් තහවුරු වුනා. ඒ ගැන පසුව කතා කරමු.  
      

2016 11 22