Main Logo

Saturday 12 November 2016

මුහුණු පොතෙන් ඉවත්වීම

                            මුහුණු පොතෙන් ඉවත්වීම

මේ ලිපි මාස හතක අටක පමණ සිට මුහුණු පොතේත් පළවෙනවා. එහි ඉතාමත් ඉහළ ගණයේ බුද්ධිමතුන් ඉන්නවා. ඔවුන් මගේ ලිපි නිර්දය ලෙස විවේචනය කරනවා. මා ඔවුන්ගේ ප්‍රතිචාර කියවීම නතර කළා. පෘථග්ජනයකු වූ මා කැමතිවුනේ නැහැ මා මෝඩයකු යැයි සිතීමට.

පසුගිය දා පැවති මගේ ලෝකය පිළිබඳ සම්මන්ත්‍රණයේ දී මා කළ කතාව ජනමාධ්‍යයේ පළවූයේ නැහැ. දෙරණ පමණක් හයයි තිහේ ප්‍රවෘත්තිවලට මගේ කතාවෙන් ට්‍රම්ප් ගැන කී කොටසක් ඉතා කෙටියෙන් ප්‍රචාරය කළා. ඔවුන් වැදගත් තැනක් දුන්නේ ඇල්ලේ හිමියන්ගේ කතාවට. ජනමාධ්‍ය මගේ ලෝකය සම්මන්ත්‍රණය ඇල්ලේ හිමියන්ගේ ලෝකය පිළිබඳ සම්මන්ත්‍රණයක් බවට පත්කළා.

මගේ කතාව ගැන චතුෂ නමැත්තෙක් ප්‍රතිචාර දක්වා ඇති බව සැළවීමෙන් පසු මා එය කියෙවුවා. ඒ  සම්බන්ධයෙන් මුහුණු පොතේ දැනට පළ වී ඇති ප්‍රතිචාර මෙහි පළවෙනවා. ඔබේ කාලය මේ සම්බන්ධයෙන් ගැනීමට සිදුවීම ගැන මා කණහාටුවෙනවා.

චතුෂ තුෂර කුමාර පලමුවෙන්ම කිව යුතු දේ තමයි සම්මණ්ත්‍රණයට මිනිසුන් පැමිණියේ මහින්ද රාජපක්ෂ ආව නිසාදැයි කල්පනා කිරීම වැරදි අදහසක් බවයි. එහෙම පිරිසකුත් නැහැමයි කියන්න බැහැ... ඒත් බහුතරය එහෙමයි කියලා හිතන්න අපිට හැකියාවක් නැහැ...
මමත් සම්මණ්ත්‍රණයට ආව කෙනෙක්... ඇත්තම කිව්
වොත් මහින්ද එනවා කියලා මම දැනුවත් වෙලා හිටියෙත් නැහැ... (කලින්ම කල දැන්මවීම් වල ඒ බව තිබුනද කියලා මට මතකයක් නැහැ මම ඒවා ඒ හැටි වෙලා අරං කියවන්න ගියෙත් නැහැ මගේ ඔළුවේ තිබුනේ පොතට තිස් වසරක් පිරීම නිමිත්තෙන් දේශනයක් තියෙනවා කියලා විතරයි. කවුරු එනවද කවුරු කතා කරනවද කියලා කිසිම අදහසක් තිබුනේ නැහැ.) ආවේ ටිකක් පරක්කු වෙලා... ඒ එනකොට ගේට්ටුව ගාව ආරක්ෂක අංශයෙන් හිටියා... රථවාහන කිහිපයක් තිබුනා... මම දඩි බිඩියේ ඇතුලට යන්න යනකොට ආරක්ෂක අංශයේ කෙනෙක් සුහදව කතා කරලා පරීක්ෂා කරනකොට තමා හිතුනේ කවුරු හරි දේශපාලකයෙක් ඇවිත් ඇති කියලා... ඇතුලට ගියාම තමා දැන ගත්තේ මහින්ද බව... ඊටත් පසුව කතා වලදි අවසර ගන්නකොට තමා දන්නේ ගෝඨාභයත් ඇවිත් බව (හැබැයි මම දැක්කේ නැහැ)

ඊ ළගට සම්මණ්ත්‍රණයේ මට පෙනුන අඩුපාඩු ගැන කියන්න කලින් කියන්න ඕන හැම එකටම එහෙයි කියන සහ කුමක් හෝ මැදිහත් අදහසක් දක්වන අයට කඩා පනින මට්ටමේ අන්තේවාසිකයින් පිරිසක් හැම ප්‍රසිද්ධ අයකුටම ඉන්නවා. ඔබතුමාටත් එහෙම පිරිසක් ඉන්න බව මම කාලයක් තිස්සේ දැකලා හුරු පුරුදු හින්දා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ අය මා කෙරෙහි උරණ නොවී සිටිනා ලෙස...

සම්මණ්ත්‍රණයේ අඩුපාඩුව තිබුනේ මම හිතන්නේ පැමිණි පිරිසගේ නෙවෙයි. වේදිකාව මතයි. විශේෂයෙන්ම හරි අරමුණකට කාලය කලමණාකරණය කරමින් කතා කරන්න කථිකයින් අසමත්වීම කියන දේ මටනං පැහැදිලිව පෙනුනා... ඇල්ලේ හාමුදුරුවන්ගේ කතාව අවධානයට ලක් වීමේ හේතුව ඒක කෙටියි වේගවත්..අසන්නන්ගේ අවධානය ඉතාමත් හොදින් ලබා ගැනීමේ හැකියාවක් තිබුන එකක් වීම නිසා... ඒක කථීකයාගේ දක්ෂතාවය. එහෙත් අනිකුත් කථිකයින් සියල්ලම වාගේ සුළු කාලයක් තුල මහා පරාසයක් ආවරණය කරන්න ගිහින් ඒ එකක්වත් හරියට කරගන්න අසමත් උනා කියන දේ තමා මමනං දැක්කේ.
LikeReplyMessage921 hrs
චතුෂ තුෂර කුමාර මේ වගේ තැනකදී අතීත වග විස්තර ඉදිරිපත් කිරීම වැදගත් කාර්යයක්... ඒත් හැම කෙනාම ඒ දේ කල යුතු නැහැ...
ඒ වගේම පොත ගැන.. පොතට පසුබිම් වූ කාරණා ගැන... පොතෙන් අරමුණු උන දේ ගැන... පොතේ අන්තර්ගතය ගැන ඒ ටික කතා කරීම තවත් වැදගත් දෙයක්... හැබැයි ඒකත් හැම කෙනාම කරන
්න ගියාම හරියන්නේ නැහැ...
ඔය ආදී වශයෙන් වෙන් වෙන් වශයෙන් ආවරණය කරන්න ඕන කරුණු හැම කෙනාම වගේ කරන් ගියාම වෙන්නේ ඒ එකක්වත් හරියකට කෙරෙන්නේ නැහැ. හැමෝම වගේ ඉතිහාසය කියනවා පොත ගැන කියනවා දෙවියන් ගැන කියනවා ජාතිකත්වය ගැන කියනවා... ද්‍රවිඩ ප්‍රශ්නය ගැන කියනවා කෙලවරක් නැහැ...
මීට වඩා පිලිවෙලකට කථිකයින් අතර කතා කල යුතු මාතෘකා බෙදා හදාගෙන කතා කලා නම් අසන්නන්ට මෙයිට වඩා කරුණු පැහැදිලි විය හැකිව තිබුනා.
මේ හරහා පොදුවේ මම කල්පනා කලේ මේ සම්මණ්ත්‍රණය ගැන නෙවෙයි... ඔබතුමාගේ මත වාද ඇයි සමාජය තුල සාකච්ඡාවට භාජනය වෙනවා අඩු කියන කාරණය ගැන... මේ දේශනයට අනුව කල්පනා කලොත්නං මට ඒක ගැන තරමක අවබෝධයක් ලැබුනා... මේ පණිවිඩය සාමාන්‍ය මහ ජනයා අතරට ගෙනියන්න සමත් වන තරමේ කථිකයින්ගේ ඇති අඩුව...
කථිකත්වයට දක්ෂතාවය තිබූ පමණින් එය කරන්නටත් බැහැ... ඔබතුමා ඇතුළු පිරිසගේ මතවාදය හරියට අවබෝධ කරගෙන සිටිය යුතු අයකු විය යුතු වෙනවා... (අවබෝධ වී ඇතැයි සිතා සිටින පිරිස ඇත්තටම අවබෝධ කරගෙන සිටින්නේ කුමක්ද කියන එක ගැනත් ගැටළු තියෙනවා... )
මතවාදය හරියට අවබෝධ කරගෙන සිටි අයකු වූවත් වැඩක් නැහැ කථිකත්වය හරියට නැතිනම්...
ඔය දෙකම තිබෙන පිරිසක් ඇතිකර ඔවුන් සම්මණ්ත්‍රණ ශාලාවලින් පිටතට යවන්න පුළුවන් උනා නම් මේ පොතට ගත වූ වසර තිහ ඇතුලත... අද ලංකාව මෙයිට වඩා සෑහෙන්න වෙනස් එකක් විය හැකිව තිබුනා. ඒත් ඇත්තටම ඒක වෙලා නැහැ.

මේ මගේ අවංක අදහස... සම්මන්ත්‍රණය අසාර්ථකයි කියලා ඔබතුමාම කියනවනං අපි බොරුවට පැත්තකට වෙලා ප්‍රශස්ති ගැයීමෙන් ඇති තේරුමක් නැහැ... හැබැයි සම්මණ්ත්‍රණයේ සංවිධානය බොහෝම හොඳින් කෙරිලා තිබුනා කියලත් දැනුනා... ඒ ගැනත් කිව යුතුයි. ස්තූතියි.
LikeReplyMessage721 hrs
Nalin de Silva මා අදක්‍ෂ කථිකයකු බව ඔබ ඉතා නිරවුල් ව කියනවා. මගේ ඊනියා අන්තේවාසිකයන් ද ඒ බව පිළිගන්නවා. ඔවුන් ඔබට පිළිතුරු නොදෙන්නේ එබැවිනුයි. ඔබ වැනි අය සිටින තැනක මා වැනි කාලය කළමනාකරණය කිරීමට නොහැකි අය ඉන්න එක ඔබට කරන අගෞරවයක්. ඕන අයකු ඔන දෙයක් හිතාගන්න. ජනමාධ්‍යය මා අයින් කෙළේ මා අදක්‍ෂයකු නිසායි. රුපියල් අස්සේ අලුක්කාල්ගහන්න ඕන නැහැ. මා මුහුණු පොතෙන් ද ඉවත් වෙනවා.
LikeReplyCommented on by Nalin de Silva9 hrs
චතුෂ තුෂර කුමාර ඔබතුමා අදක්ෂ කථිකයකු නම් මේ තරමට ශිෂ්‍ය පිරිසක්... අනුගාමිකයින් පිරිසක් මේ තරං දීර්ඝ කාලයක් රැඳී ඉන්න හැටියක් නැහැනේ. ඔබතුමා අදක්ෂ කථිකයකු හැටියට මම දකින්නේ නැහැ. ඒත් යම් යම් අවස්ථාවලදී ඔබතුමාත් අසාර්ථක වෙන්න හැකියාව තියෙනවා. ඇතැම් විට දීර්ඝකාලයක් තිස්සේ එකම ටික කියන්න වීම නිසා වෙච්ච අවුලක් වෙන්න පුළුවන් මේක. ඒක මහා බරපතල දෙයක් නෙවෙයි. ඔබතුමා කතාවෙදි කිව්ව වටිනාම දෙයක් තමා අර උගන්වන්න යනකල් කවුරුවත් හරියට දෙයක් ඉගෙනගෙන නැති විත්තිය. ඒ වගේ තමයි මේකත්... ටිකක් කාලය අරගෙන.. කල්පනා කරලා... දේකට සූදානම් වෙන්න ඕන තරම් හැකියාව තියෙනවා. මම ඉහත අදහස් දක්වන්න හේතු උනේ අවුලක් තියෙනවා කියලා අපිටත් පෙනි පෙනී ඒක නොකියා ඉදීමෙන් වෙන්නේ තවත් ලොකු අවුලක් නිසයි. ඒ හින්දා අපේ අඩුපාඩු තැන් හදාගෙන තවත් සවිමත්ව ඉදිරියට යනවා මිස තැනකදී වැරදුනා කියලා දාලා යන්න ගියොත් මෙතෙක් කාලයක් ඔබතුමාව විශ්වාස කල... විශේෂයෙන්ම ඔබතුමාගේ අදහස් විශ්වාස කල අය මොකක්ද එයින් පස්සේ කරන්න ඕන කරන්නේ...?
ඒ නිසා මුහුණු පොතෙන් ඉවත් වීම කියන දේ අමතක කර දමන්න. පොඩ්ඩක් අපි කල්පනා කරමු ඔය සම්මන්ත්‍රණ ශාලාවේ නැතිව අපි පාසලක අවුරුදු දහ අටක විතර ළමයි පිරිසකට... එහෙමත් නැත්නං ගමක පන්සලක බණ මඩුවකට එක්කාසු උන සිංහල බෞද්ධ විවිධ වයස් හා තරාතිරම්වල පිරිසකට... එහෙමත් නැති නම් නිතරම අන් අයව ප්‍රශ්න කරන පිරිසක් ඉන්න තැනක ඔය අදහස් ටික කියන්න උනොත්... ඒ අහන අය ඔබතුමා මේ තාක් කාලයක් කිව්ව කිසිම දෙයක් ගැන හාන්කවිසියක්වත් දන්නේ නැති අය නම්... කොහොමද මුල සිට පිලිවෙලට ඔවුන්ට මේ අදහස් බෙදා දෙන්නේ කියන දේ... ඒ අනුව කල්පනා කරලා විධිමත් කතා පෙලක් සකස් කිරීම... ඒ කතා ඉදිරිපත් කිරීම සදහා ඔබතුමාගේ ඇසුරේ වෙසෙන දක්ෂයින් තෝරා ඒ අය පුහුණු කිරීම... වැනි දේ ගැන... මොකද මේ දේවල් ඔබතුමාගෙන් පස්සෙත් තියෙන්න ඕන නම්... ඒ දේවල් මේ පොලවේ හැම අතම දුවන්න ඕනනං මෙයිට වඩා ඉදිරියට අපි යා යුතු වෙනවා...
LikeReplyMessage29 hrs
නන්දන වඩුතන්තිරි ඔබ කියන ඒවාගේ ගත යුතු ගොඩාක් දේවල් තියෙනවා මේ මතවාද මිනිසුන් අතරට ගෙනියන කල හැකි. නමුත් මගේ නම් අදහස ඔය එකක්වත් නලින් මහතාගේ කාර්‍යය විය යුතු නෑ. එතුමා එතුමාගේ කාර්‍යය කරලා තියෙන්නේ. ඒවා කල යුත්තේ ඔය මතවාද මත පිහිටා කටයුතු කරන චින්තන පර්ශදය වගේ කණ්ඩායම්..
LikeReplyMessage39 hrsEdited
Nalin de Silva නන්දන, ඔබ එදා සිටියේ නැහැ. එදා සිටි අය හිතන්නේ මා කතාව අවුල්කර ගත් බවයි. ඒ ගැන මට සමාව දීමට බැහැ. අවුරුදු තිස් ගණනකට පසුවත් අවුලක් නැතිව කතාවක් කර ගැනීමට මට බැරි බව එදා සම්මන්ත්‍රණයට පැමිණි අය දැනගෙන ඉන්නවා. ජනමාධ්‍ය මගේ කතාවලට තැනක් නොදෙන්නේ මගේ අවුල්් බව නිසා විය හැකියි.

මගේ ලේඛන ශෛලිය ද අවුල් බව බොහෝ දෙනා කියනවා.
LikeReplyCommented on by Nalin de Silva8 hrs
Nalin de Silva නන්දන, මගේ එදා කතාවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටය ලබාගත හැකි වුවොත් එහි අවුල් බව ඔබට ද වටහා ගැනීමට මේ පිටුවේ පළකරන්නම්. මා වෙනත් ලිපි නම් පළ කරන්නේ නැහැ. දුර්වලයකු වූ මා ඔබ සැම අනාථ කර පැන යනවා.
LikeReplyCommented on by Nalin de Silva8 hrs
නන්දන වඩුතන්තිරි සර්ට තමන්ව මාර්කට් කරන හැටි එච්චර පුරුදු නෑ. මම නම් කියන්නේ සර් එහෙම කිරීම අවශ්‍යත් නෑ. ඔය චින්තන පර්ශදය වගේ සර් එක්ක වැඩ කරන අය ඒ වගකීම බාර අරන් කරයි. ඒ නිසා ඒක ගැන කනගාටු වෙන්න අවශ්‍ය නෑ.
සර් එදා දෙරන 360 හොදට කාලය කලමනාකරණය කරන් කතා කලා. අනික අදහස්
දක්වන විෂය පතය පොඩි එකක් නෙමෙයි ඔය කියන විදියට කෙටියෙන් කරන්න. එහෙම සංවිදානාත්මකව දේවල් කරන එක සර්ගේ ගෝලයෝ කරයි ඉදිරියෙදි ඒ වගකීම් බාර අරන්. ඒ නිසා සර්ගේ පුරුදු වෙනස් කල යුතු නෑ කියලයි මගේ නම් අදහස..
LikeReplyMessage18 hrs
Nalin de Silva චින්තන පර්ෂදයේ අය එසේ කරන්නේ නැහැ. ඔවුන් මේ වන තුරුත් කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ.
LikeReplyCommented on by Nalin de Silva8 hrs
Nalin de Silva සමහරවිට ඔවුන් තමන් චින්තන පර්ෂදයේ සාමාජිකයන් නොවන බව කියාවි!
LikeReplyCommented on by Nalin de Silva8 hrs
චරිත කාරියවසම් මට හිතෙන්නෙ චතූෂ මෙතන කියල තියෙන්නෙ සර්ගෙ කතාව අසාර්ථකයි කියන එක නෙමෙයි. කරුණු එක එක අය බෙදාගෙන කලා නන් හොඳයි කියන එක වගේ. ඒක හොඳ යෝජනාවක් නේද? නන්දන අයිය කියල තියෙනව වගේ එතන චතූෂ මතු කරල තියෙන අඩු පාඩුව අපේ. සර්ගෙ මතවාද මුලින්ම සර්ගෙන් අහන කෙනෙක්ට තේරෙන පසුබිම සකස් කරන එක අපේ යුතුකම. ඒක අපෙන් වෙලා නැහැ. ඒ නිසා මම කැමති චතූෂගෙ යෝජනාව නලින් සර් ලියන ඒව කියවන අපේ අඩුඔආඩුවක් පෙන්නීමක් විදියට දකින්න. එතන නලින් සර්ගෙ අඩුපාඩුවක් නෑ.

මම නන් හිතන්නෙ නෑ සර්ගෙ කතා අසාර්ථකයි කියල කවුරුවත් කියයි කියලා. මට එහෙම දැනිලත් නෑ අපේ විරුද්ධවාදියොවත් එහෙම කියලත් නෑ. මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්නබුනේ නැහැ රටේ නොහිටපු නිසා. නමුත් කලින් සම්මන්ත්‍රණ වල හන්න්ඪ පට අනුව ගත්තම මේක අසාර්ථක එකක් කියල නන් කොහොමටවත් හිතෙන්නෙ නෑ.
LikeReplyMessage18 hrs
නන්දන වඩුතන්තිරි සර් එහෙම ලිපි ලියන එක නවත්තන්න එපා. චින්තන පර්ශදයේ නොසිටියාට සර්ගේ ලිපි කියවන එමට දේවල් ඉගෙන ගන්න බොහෝ අය ඉන්නවා මා වගේම. මා අතුලු ඒ අයගේ දැනුම වර්දනය කිරීමට කරුණාවෙන් දිගටම ලියන ලෙස ඉලා සිටිනවා.
LikeReplyMessage38 hrs
චරිත කාරියවසම් මෙතන කමෙන්ට් කරල තියන අනිත් අයගෙ කමෙන්ට් බැලුවමත් මට නන් පේන්නෙ සර් කියන දේ අහල තේරුම් ගන්න අවශ්‍ය පසුබිම අපි සකස් කරල නැති කමේ අඩුවයි තියෙන්නෙ කියලයි. සමහර විට ෆේස්බුක් එක වෙන්න පුලුවන් ඒකට හොඳම තැන. මේක සර්ට නෙමෙයි අපිට ආපු සාධාරණ විවේචනයක් කියල හිතල අපි තව ටිකක් මේ ගැන අවධානය යොමු කලා නන් හරි කියල හිතෙනවා. මෙතන සර්ගෙ ලිවීමේ හෝ කතාවේ අඩු පාඩුවක් නෑ.
LikeReplyMessage18 hrs
Shirantha Chamara චතුෂ කියන දේවල් චින්තන පර්ෂදයේ හෝ අනෙක් සංවිධාන වල වගකීම්. නලින් ද සිල්වා මහතාගෙන් බලාපොරොත්තු විය යුතු දේ සිදුවෙලා තියෙනවා. වෙලා නැත්තේ නලින් ද සිල්වා මහතාගෙන් බිහිවූ අයගෙන් විය යුතු දේ. චතුෂ නලින් ද සිල්වා මහතාගේ කතාව ගැන කියනවා කියා මම හිතුවේ නැහැ. සාමාන්යෙන් නලින් ද සිල්වා මහතා හැමදාමත් කතාකරන ශෛලියෙන් මයි එදත් කතා කලේ ( මම කතාව ඉවරවෙනකල් හිටියේ නැතත් අහන හිටපු ටිකෙන් ) . සාමාන්යෙන් එතුමාගේ ලිපි ශෛලියත් එයමයි. එයින් සැහෙන ඉගෙනීමට පුළුවන් මම දන්නා හැටියට නම්. ලංකාවේ ඉන්න හැම වර්ගෙම පිරිසට ඒ ශෛලිය දිරවනවා වෙන්න කීයටවත් බැහැ. එහෙත් එහෙම දිරවන විධියට ශෛලිය වෙනස් කරන්න කීමේ අමානුශිකත්වයක් තිබෙනවා. එය දිරවන කොටසක් සිටිනවා. විවිධ වර්ග වල මිනිසුන්ට මේවා කියාදීම අන්න ඒ පිරිසගේ වැඩක් විය යුතුයි.

ඊළඟට සම්මන්ත්‍රණ දේශනා ගැනත් යමක් කිව යුතුයි. ඇල්ලේ හිමියන්ගේ දේශනාව 'නැගල යනවා' තමා. එහෙත් මට මෙය බොහෝ කලක සිට ලොකු ප්‍රශ්නයක්. දේශපාලන රැලි කමක් නැහැ. එහෙත් මිනිසුන් සම්මන්ත්‍රණ වලට ආ යුත්තේ 'නැගල යන' කතා ඇසීමට ද කියන එක. සම්මන්ත්‍රණයට පැමිණි හැමෝම දිගින් දිගට අත්පොලසන් දෙමින් හිනා වෙමින් ඉඳල යනවා නම් මට හිතෙන්නේ ම සම්මන්ත්‍රණය අසාර්ථකයි කියල. සම්මන්ත්‍රනයක අරමුණ විය යුත්තේ අලුත් යමක් ඉගෙනීම. දේශපාලන රැලි සහ සම්මන්ත්‍රණ වල ඒ වෙනස තිබිය යුතුයි. උදාහරණයකට ජානක වන්සපුර මහතාගේ කතාව් නැගල යන්නේ නැහැ. එහෙත් බොහොම වැදගත් දෙයක් ඔහු කිව. පක්ෂ විපක්ෂ සැමට ම නලින් ද සිල්වා පිස්සෙක් වුයේ නාථ දෙවියන් සමග බව. ඊට කලිනුත් නලින් පිස්සා කියූ පිරිස සිටියත් එය තරහට කියුවක්. එහෙත් දැන් කියන්නේ ඇත්තට. නාථ දෙවියන් ගේ ප්‍රශ්නෙන් පස්සේ. මේකෙන් අපේ සමාජය ගැන වැදගත් දෙයක් කියවෙනවා.

ඒ වගේ ම අල්ලේ හිමි කල එක කතාවක් බොහොම වැරදියි. සංවිධාන හැදීම ගැන. ප්‍රයෝගිකව තියෙන තත්වය තුල මේ බොහෝ දෙනාට එකට වැඩකරන්න බැහැ. දන්නෝ දනිති ඒ ගැන. කවුරුවත් කාටවත් එරෙහිව නෙමේ සංවිධාන හදන්නේ.
LikeReplyMessage18 hrs
චරිත කාරියවසම් මට හිතෙන්නෙත් එහෙමයි. සර් දිගටම ලියන්න. අපේ අඩු පාඩු ටික හදාගෙන අපි මේක ඉස්සරහට අරන් යන්නන්. සර් ෆේස්බුක් එකේ ලියන එක ඒ හැමෝටම ලොකු හයියක්.
LikeReplyMessage18 hrs
Medhananda Himi මම මේ අතර මැද සංවාදය දැන් දුටුවේ. මම මේ සංවාදය කියව්වා. මටත් පොඩි අදහසක් පළ කරන්න අවශ්‍යයි. සර් චතුෂ තුෂර කුමාර ගේ කමෙන්ට් එකින් අදහස් වෙන්නේ නැහැ සර් ගේ කතාව අසාර්ථක වූ බවක්. ඔහු කියා ඇත්තේ අනෙක් කතා ගැන. ඇත්ත වශයෙන්ම උත්සවයේ සාර්ථකම කතාව කලේ ඔබතුමා. එක මම විතරක් නෙමෙයි ඊට සහබාගි වූ හැමෝමටම තේරුණ දෙයක්. මටත් පෞද්ගලික හිතුන කාරණයක් තමයි සර්ගේ කතාව තව පැය බාගයක් වත් තිබුනා නම් කියලා. එක මට විතරක් නෙමේ තවත් අයට දැනුනා. සර් හොදින්ම දන්නවා ගෝලීය ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ සභාපතිතුමා ඩුබායිවල ඉන්න. හදිසියේ ලංකාවට ආව වෙලාවේ මේ උත්සවයටත් සහබාගි වුණා. මම ඉන්න තැනම සර් එක්කත් ආ ගමන් කතා කළා. මම උත්සවය ඉවර වෙලා ආවේ එතුමා එක්ක. ඒ එනගමන් එතුමා කිව්වෙත් අනෙක් දේශන දෙකට විනාඩි 10 ක් 15 ක් දීලා තිබුනා නම් සර්ට තව ටිකක් කතා කරන්න වෙලාව ඉතුරු වෙන බව. වර්තමාන දේශපාලන තත්වයන් ගැන සාකච්ඡා කරගෙන එනකොටම තමයි වෙලාව හරස් උනේ . මුල් දෙසුම් කෙටි වුනානම් ඒක වෙන්නෙත් නැහැ . චතුෂ තුෂර කුමාරගේ කමෙන්ට් එකේ සමස්ත අදහසත් මෙය වෙන්න ඕන. කොහොම උනත් මට කියන්න ඕන වුනේ සර්ගේ කතාව තවත් දිගට අපේක්ෂා කළ අය සිටියා කියන්න මාද ඇතුළුව. සර් ගේ කතාව අසාර්ථක නම් මිනිස්සු තවත් වෙලා තිබුණානම් කියා බලාපොරොත්තු වෙයි ද ? අපි විතරක් කියන කතාවක් නම් හිතන්න පුළුවන් බටර් ගෑමක් කියලා .ඒත් සර්රුත් හොදින්ම දන්නා සුනිල් චන්ද්‍ර කුමාර මහතාගේ අදහසත් කිවේ මේක අතිශයෝක්තියක් වර්ණනාවක් නොවන බව දන්නන්න. හැමෝගෙම වාගේ පොදු අදහස සාර්ථකම දේශනය කලේ සර් බව.
LikeReplyMessage17 hrs
Janaka Attygalle Shirantha Chamara ආචාර්ය නලින් ද සිල්වා මහතා 360දි කිව්වා අංශක 720 කතාවක්. සාවදානව එතුමාට සවන් දෙනවානම් තේරෙනව එතුමා එක තැනක සිට එක තැනකට රේඛාවක් දිගේ යනවට වඩ තැන් කිහිපයකින් සමස්ත කතාවක් නිර්මාණය කරන කෙනෙක් බව. මට තේරෙන විදිහට සමස්තය දකින්න කියලයි එතුමා අපිට කියන්නෙ.
බටහිර ආධිපත්‍ය්යට නතුවෙලා සිටින අපගේ වහල් බව අපිට පෙන්වාදීම සහ එයින් මිදීමේ එතුමාගෙ මාර්ගය අපිට පෙන්වා දීමටයි එතුමාගේ ජීවිතය කැප කරල තියෙන්නෙ. එහෙව් එකේ එතුමාගේ ශෛලිය වෙනස් කිරීමට කතා කිරීම ශිරන්ත කියනව වගේ අමානුෂික කතාවක්. ඒ වගේම මෝඩ කතාවක්. ඒක හරියට බුදුහාමුදුරුවන්ට (ආචාර්යතුමාව බුදුහාමුදුරුවන්ට සැසඳීමක් නොවේ ) බමුණන් පැරදවීමට නම් දේශන ශෛලිය වෙනස් කරන්න කියල අමු පෘතග්ජනයෙක් යෝජනා කරනව වගේ වැඩක්.
LikeReplyMessage23 hrsEdited
Nalin de Silva ඔබ සියළු දෙනා ම චතුස නිදොස් කිරීමට කරන වෑයමෙන් ම පැහැදිලි වන්නේ ඔහු නිවැරදි කියා. ඔහු කියන්නේ අනෙක් අයගේ කතාවලට වඩා මගේ කතාව ගැන. ඔහු ඉතා පැහැදිලිව කියනවා මා හැමදාමත් කීියන දේ එදත් කී නිසාත් කරුණු රාශියක් කළමනාකරණයකින් තොරව කී නිසාත් අවුලක් ඇති වුනා කියා. මා එදා කිසිවක් අලුතෙන් නොකී බව ඔහු කෙළින් ම නැතිවුවත් කියනවා. ජාත්‍යන්තරවාදයට එරෙහිව ජාතිකත්වය මතුවීම, ඊනියා නූතනත්වයේ ලෝකය කඩාවැටීම ආදිය චතුස කලින් ම දන්නවා ඇති. ඔබ ඒ කිසිවක් නොකීමෙන් පැහැදිලි වන්නේ චතුස කියන දේ ඇත්ත බවයි. චතුස අනෙක් අයගේ කතා විවේචනය කරනු මිස මට දොසක් නොකියන බව කියා මා සතුටු කිරීමට සූදානම් වන්න එපා. ඔබ චතුස මා ගැන කියන කතා වැරදි යැයි නොකීමෙන් ඔහු නිවැරදි බව පිළිගැනීමට සිිදුවෙනවා. චතුස ඉතා ම ඉහළ ගණයේ බුද්ධිමතකු විය යුතුයි.

මා ලිපි නොලියා අත්හරින්නේ නැහැ. මගේ ලිපි කාලය වෙබ් අඩවියේ පළවේවි. එහෙත් මුහුණු පොතේ සිටින පඬිවරුන් සමග මට හැප්පෙන්න බැහැ. ඔවුන් ඉතා බුද්ධිමත්, නිර්මාණශීලී නිතිපතා අලුත් කතා කියන අය. ඔවුන්ට හොඳ ශෛලියක් තිබෙනවා. මා ඇල්ලේ හිමි තරම් දක්‍ෂයකු නොවෙයි. ජනමාධ්‍ය (දෙරණ හා හිරු) එදා සම්මන්ත්‍රණය මගේ ලෝකය ගැන නොව ඇල්ලේ හිමියන්ගේ ලෝකය ගැන වූ සම්මන්ත්‍රණයක් බවට පත්කෙළේ උන්වහන්සේ මට වඩා බෙහෙවින් ද’ක්‍ෂ දේශප්‍රේමී නිසා විය යුතුයි. ඔබ කිසිවකු ජනමාධ්‍යය විවේචනය නොකිරීමෙන් පැහැදිළි වන්නේත් ජනමාධ්‍යයෙහි නොව මගේ වරදක් තිබෙන බවයි. ඔබ තීන්දුවක් දී තිබෙනවා. මා ඒ තීන්දුව පිලිගන්නවා.
LikeReplyCommented on by Nalin de Silva1 hr
Nalin de Silva //ඒත් යම් යම් අවස්ථාවලදී ඔබතුමාත් අසාර්ථක වෙන්න හැකියාව තියෙනවා. ඇතැම් විට දීර්ඝකාලයක් තිස්සේ එකම ටික කියන්න වීම නිසා වෙච්ච අවුලක් වෙන්න පුළුවන් මේක. ඒක මහා බරපතල දෙයක් නෙවෙයි. ඔබතුමා කතාවෙදි කිව්ව වටිනාම දෙයක් තමා අර උගන්වන්න යනකල් කවුරුවත් හරියට දෙයක් ඉගෙනගෙන නැති විත්තිය. ඒ වගේ තමයි මේකත්... ටිකක් කාලය අරගෙන.. කල්පනා කරලා... දේකට සූදානම් වෙන්න ඕන තරම් හැකියාව තියෙනවා. මම ඉහත අදහස් දක්වන්න හේතු උනේ අවුලක් තියෙනවා කියලා අපිටත් පෙනි පෙනී ඒක නොකියා ඉදීමෙන් වෙන්නේ තවත් ලොකු අවුලක් නිසයි. ඒ හින්දා අපේ අඩුපාඩු තැන් හදාගෙන තවත් සවිමත්ව ඉදිරියට යනවා මිස තැනකදී වැරදුනා කියලා දාලා යන්න ගියොත් මෙතෙක් කාලයක් ඔබතුමාව විශ්වාස කල... විශේෂයෙන්ම ඔබතුමාගේ අදහස් විශ්වාස කල අය මොකක්ද එයින් පස්සේ කරන්න ඕන කරන්නේ...?// චතුෂ.

ඔබ මේ කියමන සමග එකඟ වන බව පැහැදිළියි. මා ශෛලිය දියුණු කරගත් පසු මුහුණු පොතට එන්නම් ඒත් මා දැන් මහළු නිසා ඒ සඳහා මට කාලයක් නොලැබේවි.