Main Logo

Showing posts with label Individual. Show all posts
Showing posts with label Individual. Show all posts

Friday, 2 February 2018

පුද්ගලයා හා පක්‍ෂය



පුද්ගලයා හා පක්‍ෂය


බොහෝ දේ ලිවීමට තියෙනවා. ඒත් ඒ කිසිවක් අනෙක් අයට වැදගත් නොවන බව පැහැදිලියි. මුහුණු පොතේ අයට මා ඩීල්කාරයකු. දෙරණේ දිලිත් ජයවීරට මා ගේම්කාරයකු. එහෙත් මේ කිසිවකුවත් මගේ ඩීල් ගැන ගේම් ගැන කියන්නේ නැහැ. අඩු ගණනේ මට දැන ගැනීමටවත් කියනවා නම් හොඳයි.  අද දිලිත් අධ්‍යක්‍ෂ ධුරය දරණ සමාගමකට එ ජා ප මැතිවරණ ප්‍රචාරක දැන්වීම් භාරදීලා. දෙරණ ඇලෝෂියස්ගේ ජනයුගය මිළ දී ගැනීමට යන බවට ආරංචියක් තියෙනවා. ඒ සියල්ල ව්‍යාපාරික කටයුතු වෙන්න ඇති. එහෙත් අපේ දේ රැකගන්නවා යැයි කියන දෙරණ අපේ දේ නොරකින බව නම් පැහැදිලියි. දෙරණ ගැන මට සැකයක් ඇති වෙලා ටිකක් කල්. ඒ ගැන අපි පසුව තවදුරටත් කතා කරමු.