රනිල් ඉවත් කිරීම තීරණය කිරීම නීතිපතිට
නොපැවරිය යුතුයි
පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා සතියකට වඩා කල් ගත වෙලා. ඒත් තාමත්
ආයතනවල මන්ත්‍රීන් මන්ත්‍රිනියන් තෝරා ගෙන නැහැ. එයට එක් හේතුවක් වී ඇත්තේ පළාත්
පාලන මැතිවරණ ආඥා පනතේ ඇති නොපැහැදිලි තැන්. පනත අනුව සමානුපාතික ක්‍රමය යටතේ 40%ක් නොව 100% ක්ම මන්ත්‍රීවරු පත්වෙලා. මනාපත් නැහැ. ඒ නිසා පක්‍ෂ ලේකම්ලාට
කණ්ඩායම් නායකයන්ට මන්ත්‍රීවරුන් බොහෝ ගණනක් නම් කිරීමේ අවස්ථාව හිමිවෙලා. කාන්තා
නියෝජනය ගණනය කරන්නේ කෙසේ ද යන්න ආඥා පනතේ සඳහන් වන්නේ නැහැ. 25%ක් කාන්තා නියෝජනය තිබිය යුතු ය කී පමණින් ප්‍රශ්නය
විසඳෙන්නේ නැහැ.