Main Logo

Showing posts with label Bellanwila Thero. Show all posts
Showing posts with label Bellanwila Thero. Show all posts

Sunday, 4 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2



අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2

අප වෙල්ලස්සෙ ගියෙ බෙංගමුවෙ නාලක හාමුදුරුවොත් එක්ක. උන්වහන්සේත් ඕමාරේ කස්සප හාමුදුරුවොත් පැකේජය පරද්දවන්න කළුතර සිට කතරගමට පයින් වැඩියා. දෙපාවල දිය පට්ටා මතු වුණා. කමලදාස චර්මරෝග වෛද්‍යතුමා උන්වහන්සේලාගේ සෞඛ්‍යය ගැන පමණක් නොව වෙනත් අවශ්‍යතා ගැන ද සොයා බැලුවා. උන්වහන්සේලා පසුව රිය පෙරහැරක වැඩියා කැලණියේ සිට කතරගමට ඒ සමග තුරුවිල හාමුදුරුවො මුහුදු මගින් කිරින්දට වැඩම කළා. ඒ හාමුදුරුවරුන්ගේ උත්සාහය නොතිබෙන්න පැකේජය පරාද කරන්න බැහැ. එහෙත් පැකේජය පරාද කිරීමේ ගෞරවය ලැබෙන්නේ වෙනත් හාමුදුරුවරු දෙනමකට. ඉන් එක් නමක් කළේ ඉඳහිට ප්‍රකාශ නිකුත් කිරීම පමණයි. එයත් තරමක ප්‍රමාදයකින්.