භාරකාර ආණ්ඩුවක් කුමකට ද?
භාරකාර ආණ්ඩුවක් ගැන අප කියා ටික දවසක්. අද බොහෝ දෙනා ඒ ගැන කතා
කරනවා. එහෙත් සුපුරුදු පරිදි භාරකාර ආණ්ඩුවක් කියන්නෙ කුමක් දැයි දන්නේ නැහැ. මෙරට
ප්රධාන ප්රශ්නයක් වන්නේ සාක්ෂතාරව වැඩිවීම තරමට විචාරශීලී බව වැඩි නො වීම. අද පාර්ලිමේන්තුව
වහාම විසුරුවා හරින ලෙස ජනාධිපතිට බලකරන කී දෙනකු ඒ සම්බන්ධ ව ආණ්ඩුක්රම ව්යවස්ථාව
කියවා තියෙනවා ද? අප බටහිරයන් අනුකරණය කරනවා පමණයි.
ඔවුන්ගේ පිළිවෙළ අප ළඟ නැහැ. අපේ තිබූ පිළිවෙළත් අප නැති කර ගෙන. ජනාධිතිට 2020 ජනවාරි වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
බැහැ. ඒ වන විට මෛත්රිපාල ජනාධිපති ද නැද්ද කියා කියන්න බැහැ. අද පාර්ලිමේන්තුව
විසුරුවා හරින්න නම් මන්ත්රීවරුන්ගෙන් තුනෙන් දෙකක කැමැත්ත අවශ්ය වෙනවා. නාමල්
රාජපක්ෂ වැන්නන් කෑ ගහන්නේ ඒ බව දැනගෙන ද? භාරකාර ආණ්ඩුවක් පිහිටෙව්වත් අවශ්ය තුනෙන් දෙක ලබා ගැනීමට හැකි වේ
යැයි සිතන්න බැහැ.