මන්ත්‍රීවරු 113 ඇතත් නැතත් රනිල් ඉවත් කරමු
බොහෝ දෙනා මට රනිල් ඉවත් කිරීම පිළිබඳ ව කියනවා. එක් තරුණයකු කිව්වේ
අගවිනිසුරු අස්කළ අන්දමට එක් නිවේදනයකින් අගමැති අස් කරන්න පුළුවන් කියා. මෙරට
බොහෝ දෙනකු කතා කරන්නේ යම් දැනුමක් (නීතියක්
ඇතුළු) වලංගු වන්නේ කිනම් පරාසයක ද කියා සෙවිල්ලක් නැතිව. එනම් දැනුමක් වලංගු
වන හතරමායිම ගැන නොදැන. දහනවවැනි සංශෝධනයට පෙර හා පසු යන වෙනසත් ඇතැමුනට තේරෙන්නේ
නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර අගවිනිසුරු ඉවත් කළ ආකාරය හා දහනවවැනි ව්‍යවස්ථා
සංශෝධනයෙන් පසු අගමැති වෙනස් කරන ආකාරය දෙකක්. අතන එහෙම කළා නම් මෙතන මෙහෙම කරන්න
පුළුවන් කියා කියන්න බැහැ.