අවසාන දින කිහිපය
අද රටේ දේශපාලන තත්වය අවුල්. විදේශිකයන් ප්‍රසිද්ධියේ ම මෙරට
දේශපාලනයට අත දානවා. රනිල් විරෝධී දේශපාලනඥයන්
එක් එක් අය ඒ ඒ වෙලාවට එක් එක් දේ කියනවා. උදේට කියපු දේ නොවෙයි හවසට
කියන්නෙ. එ ජා ප තරමක ස්ථාවර බවකින් අදහස් ප්‍රකාශ කරනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය
හා මෛත්‍රිපාල කණ්ඩායම විවිධ දේ කියවනවා. සංගත බවක් නැහැ. ඔවුන්ට තවමත් එකිනෙකා
විශ්වාස නැහැ. එහෙත් සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද තියෙන්නෙ
එතැන. පළාත් පාලන මැතිවරණයෙ පොදුජන පෙරමුණට 45%ක් ඡන්ද ලැබුණා. මෛත්‍රිපාල කණ්ඩායමට 13%ක් ලැබුණා. එතැන එකතු කළාම 58%ක් තියෙනවා. එහෙත් සිංහල බෞද්ධයන්ගේ ලක්‍ෂණ විදහා පාමින් ඔවුන්
එකිනෙකාට නැහැ. උඩින් බොරු කියමින් ඉන්නවා.