Main Logo

Showing posts with label Mano Tittawella. Show all posts
Showing posts with label Mano Tittawella. Show all posts

Friday, 5 April 2019

ඛෙමාගේ කොලුවාගේ අයවැය


ඛෙමාගේ කොලුවාගේ අයවැය


අද උදේ දහයට ශ්‍රී ල නි පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අයවැය සම්බන්ධයෙන් කිනම් තීරණයක් ගනීවි දැයි  කියන්න බැහැ. මා නම් කැමති ඔවුන් අයවැයට විරුද්ධ වීමට තීරණයක් ගන්නවා දැකීමට. ඒත් ඔවුන් කිනම් තීරණයක් ගත්තත් ඔවුන් අපේ කඳවුරෙන් පන්නා දැමීමට මා කතා කරන්නේ නැහැ. ඔවුන් කඳවුරෙන් ඉවත් වනු දැකීමට මා අකමැතියි. ඒ ඔවුන් නැතිව ජනාධිපතිවරණය දිනන්න බැරි වීම නිසා ම නො වෙයි. ඔවුන් සිටිය යුත්තේ අපේ කඳවුරේ. මෛත්‍රිපාල එ ජා ප විරෝධි කඳවුරේ අයෙක්. ඔහු වරදක් කළ බව සැබෑවක්. ඒත් එය ඔහු අතින් පමණක් සිදු වූ දෙයක් නො වෙයි. එයට වරදකරුවන් කවුද කියා මා දැන් කතා කරන්නේ නැහැ. ඒත් කඳවුරේ සමගිය හා ශක්තිය වෙනුවෙන්.

Wednesday, 20 March 2019

රනිල් කාගේ අගමැති ද?


රනිල් කාගේ අගමැති ද?



තවත් ජිනීවා වාරයක් ගෙවී ගෙන යනවා. මේ ඉලව් ජාත්‍යන්තරයට අප කියන්න ඕනෙ අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ඔවුන්ට අයිතියක් නැත යන්නත් මෙරට යුද්ධයක් සිදු වී  නැත යන්නත් පමණයි. නේස්බි වාර්තා ගැන අප සඳහන් කරල අවුරුදු පහළොවක් පමණ වෙනවා. එකල ඒ ගැන උනන්දුවක් තිබුණෙ නැහැ. ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තා ආදිය අප නිසියාකාරව ඉදිරිපත් කෙළේ නැහැ.