Main Logo

Showing posts with label University Service. Show all posts
Showing posts with label University Service. Show all posts

Monday, 11 November 2019

අවසන් දින කිහිපය

   සිංහල ලිත් ඉලක්කම්


අවසන් දින කිහිපය



අප ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයට ඇවිල්ලා. මේ ජනාධිතිවරණයෙන් මා හුඟක් දේ ඉගෙන ගත්තා. මගේ කාලය අවසන් වී හුඟක් කල් බව මා දැන ගත්තේ ජනාධිපතිවරණයෙන්. මා විශ්වවිද්‍යාලයෙන් නික්ම ගොස් (එය විශ්‍රාම යෑමක්වත් ඉල්ලා අස්වීමක්වත් වූයේ නැහැ) අවුරුදු අටක් වෙනවා. අවශ්‍ය නම් මට තවත් අවුරුද්දක් විශ්වවිද්‍යාලයේ රැඳී ඉන්න තිබුණා. එහෙත් ආසනික් පර්යේෂණ නිමවීමත් පීඨාධිපතිධුර කාලය අවසන් වීමත් සමග තවදුරටත් මට විශ්වවිද්‍යාලයේ කාර්යයක් නැති බව මා තේරුම් ගත්තා. මා විශ්වවිද්‍යාලයෙන් නික්ම ගියා. කිසිවකු මට බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන්න කියා ඉල්ලා සිටියේත් නැහැ (ඉල්ලා සිටියත් මා කැමති වන්නෙත් නැහැ). විශ්වවිද්‍යාලයත් බලන් හිටියේ මා නික්ම යන තුරු. විශේෂයෙන් ම ආචාර්යවරු.