Main Logo

Showing posts with label Royal College. Show all posts
Showing posts with label Royal College. Show all posts

Sunday, 15 September 2019

ජීවිතයෙන් වියෝ වූ රැකියා අධ්‍යාපනය

      සිංහල ලිත් ඉලක්කම් 


ජීවිතයෙන් වියෝ වූ රැකියා අධ්‍යාපනය

ආසියාවේ අප්‍රිකාවේ රටවලින් බටහිර රටවලට ගොස් සිටින සියල්ලන් ම පාහේ තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල උනන්දුවක් දක්වනවා. ඇතැමුන් බටහිර රටවලට යන්නේ ම තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ලංකාවේ පමණක් නොව දියුණු යැයි කියන ජපානයේ ද තත්වය එයයි. මේ දෙමවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ, බොහෝ විට කැපවෙන්නේ ඇයි? 

Friday, 2 August 2019

වම දකුණ හා ජාතිකත්වය

වම දකුණ හා ජාතිකත්වය 



බේරීම් කමිටුවේ තේරුමක් ඇති ප්‍රශ්න අසන්නේ සරත් ෆොන්සේකා පමණයි. අනෙක් අය එක්කෝ රනිල් ඔහුගේ ගෝලයන් බටහිරයන් හා සෞදි අරාබිය බේරා ගැනීමේ ව්‍යායාමයක යෙදී ඉන්නවා නැත්නම් තම පඬිබව පෙන්නන්න හදනවා. මා පදනම් වන්නේ ජනමාධ්‍ය වාර්තා මත පමණක් වන බැවින් මා වැරදි වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම තම පක්‍ෂපාතීත්ව අනුව ඒ ඒ දේශපාලනඥයන් නිලධාරීන් බේරා ගැනීමට සාක්කි දෙන ආකාරය පැහැදිලි වෙනවා.

Thursday, 1 August 2019

රනිල් විපක්‍ෂය හා අරාබිය

රනිල් විපක්‍ෂය හා අරාබිය 

රනිල් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණක් පිහිටුවා ගන්නේ කුමකට ද යන්න පැහැදිලියි. ඔහුට දැන් එක්සත් ජාතික පක්‍ෂයේ බලය නැති වී ගෙන යනවා. එහි පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ඔහු සමග නැති බවයි පේන්න තියෙන්නෙ. ඒ සම්බන්ධ ව කිසිවකුගෙන් මට තොරතුරු ලැබී නැහැ. ජනමාධ්‍ය වාර්තා අනුවයි මා එලෙස කියන්නේ. මා වැරදි වන්න පුළුවන්. එ ජා ප ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එකතුවෙන්.