Main Logo

Showing posts with label Self Discipline. Show all posts
Showing posts with label Self Discipline. Show all posts

Tuesday, 31 March 2020

අපටත් ලෝකයටත් පිහිට වෙමු

   සිංහල ලිත් ඉලක්කම් 


අපටත් ලෝකයටත් පිහිට වෙමු 



තවමත් අපේ සමහරුන්ට කොවිඩ් 19 බරපතළකම ගැන හැඟීමක් නැහැ. පොලීසියේ ඇස්වලට වැලි ගසා බයිසිකලයකින් හෝ පයින් හෝ රවුම් ගැසීම ඔවුන් වීර ක්‍රියාවක් ලෙස සලකන බවක් පේනවා. මිතුරකු එසේ කළහොත් ඔහට අවවාද කරනු වෙනුවට තමන් ඊටත් එහා යන සෙල්ලමක් කිරීමට සමහරු උත්සාහ කරනවා. මේ අය සමහර විට සිංහල බෞද්ධ දෙමව්පියන්ගෙ දරුවන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ විනයක් නැති බව පැහැදිලියි. අධ්‍යාපනය විසින් ඒ අයගේ සිංහල බෞද්ධ විනය නැති කෙරී තිබෙනවා. 

Saturday, 21 March 2020

කොවිඩ් 19 ඉදිරියේ බටහිරයන් චීනුන් හා සිංහලයන්

      සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 ඉදිරියේ බටහිරයන්  චීනුන් හා සිංහලයන්



මා හිතන්නේ කොවිඩ් 19ට යම් ප්‍රමාණයකට හරි සාර්ථක ව මුහුණ දෙන්නේ ආසියාතික රටවල් කියා. බටහිර රටවලට එයට මුහුණ දෙන්නේ කොහොම ද කියන එක ගැන එතරම් අදහසක් නැහැ. අදහස් නැති නිසා අදහස් නිර්මාණය කරන්නේ යැයි කියන අය දැන් මරණය සැපක් කියල හිතනවා වෙන්න පුළුවන්. ඒත් අපට (ගුණදාස අමරසේකරට නොව) අනුව නම් ඔවුන්ට පුනබ්භවයක් තියෙනවා. අපට නම් අදහස් තියෙනවා.