සිංහල ලිත් ඉලක්කම්
කොවිඩ් 19 ඉදිරියේ බටහිරයන් චීනුන් හා සිංහලයන්
මා හිතන්නේ කොවිඩ් 19ට යම් ප්‍රමාණයකට හරි සාර්ථක ව මුහුණ දෙන්නේ ආසියාතික රටවල් කියා. බටහිර රටවලට එයට මුහුණ දෙන්නේ කොහොම ද කියන එක ගැන එතරම් අදහසක් නැහැ. අදහස් නැති නිසා අදහස් නිර්මාණය කරන්නේ යැයි කියන අය දැන් මරණය සැපක් කියල හිතනවා වෙන්න පුළුවන්. ඒත් අපට (ගුණදාස අමරසේකරට නොව) අනුව නම් ඔවුන්ට පුනබ්භවයක් තියෙනවා. අපට නම් අදහස් තියෙනවා.
බටහිර රටවල විද්‍යාව හා තාක්‍ෂණයක් වූ බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු යැයි කිවුවත් කොවිඩ් 19 හමුවේ ඔවුන් අකර්මණ්‍ය වෙලා. ඕස්ත්‍රේලියාවේ පාසල් නොවැසීමට තීරණය කරලා. එහි අගමැතිට අනුව කොවිඩ් 19 දීර්ඝ කාලීන දෙයක් නිසා කෙටි කාලීන ව පාසල් වැසීමේ තේරුමක් නැහැ. ඒකත් හොඳ තර්කයක් තමයි. තර්ක හොඳයි. එහෙත් වැඩක් නැහැ. තර්කයෙන් පමණක් අපට නිගමනවලට එන්න බැහැ. තර්කත් අපේ නිර්මාණ. තර්කය හරි න්‍යාය හරි (logic) අපෙන් ස්වායත්ත ව තියෙන දෙයක් නො වෙයි.
බටහිර තර්කය හා ඒ පදනම් වූ න්‍යාය අපේ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක් පදනම් ව මිනිසුන් නිර්මාණය කරගත් බොරුවක්. මා කලිනුත් කියා ඇති A=A කියන එක ම බොරුවක් කියා. අනෙක් දේ ගැන කියනුම කවරේ ද? බටහිරයන් ඒ ගැන කතා කරන්නේ නැහැ. බටහිර විරුද්ධාභාසවලට (paradoxes) මුල මේ A=A සමානත්වය. බටහිරයන් කාලයේ ආරම්භයක් ගැන හිතනවා. එයත් විරුද්ධාභාසයක්. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලට පමණක් ලෝකය සීමා වන්නෙ නැහැ.
ඕස්ත්‍රේලියාවෙ අගමැතිගෙන් අහන්න තියෙන ප්‍රශ්නය දිර්ඝ කාලීන වැඩවලට කෙටි කාලීන ක්‍රියා නැත් ද කියන එක. අද උදේ චතුර අල්විස් අපට පෙන්නුවා ඉතාලියේ අනිවාර්ය සේවයේ යෙදී සිටින සිංහලයන්. ප්‍රශ්නය අනිවාර්ය සේවය නොවෙයි. අනිවාර්ය සේවයේ යෙදෙන්නන් ගැන සොයා නොබැලීම. අයකු ඇහුවේ කාට කියන්න ද කියා. ඔය රටවල දාර්ශනිකයො කියන අයට දැන් මරණය හැරෙන්න වෙනත් පිහිටක් නැද් ද? බොරු දාර්ශනික කතාවලින් මේ ඊනියා දාර්ශනිකයන්ගෙ කඩා වැටීම වහන්න බැහැ. අද බටහිර ලෝකයේ අදහස්වල ම කඩා වැටීමක් සිදු වෙලා.
චීනයට කොවිඩ් 19 සෑහෙන දුරකට පාලනය කර තිබිය දී ඉතාලියට බැහැ. ඉහළ සංස්කෘතියක් ඇතැයි කියන රටක් වූ ප්‍රංශයට අදහසක් නැහැ. ප්‍රංශ විප්ලවයේ අදහස්වලට මොක ද වුණේ. ලොක්ඩවුන් ගැන තමයි අද කතාව. අපේ අනුකාරකයන් ද ලොක්ඩවුන් ගැන කියවනවා. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ලොක්ඩවුන් ගැන කියද්දී එහි සභාපති පාදෙණිය ලොක්ඩවුන්වලට විරුද්ධ වෙනවා. ඒක දවල් දනියෙල් රැ මිගෙල් කතාවක්. ලොක්අප් ගැන කතා කරන්න කවුරුන්වත් නැද් ද?
දැන් ධනවාදයට මොකක් ද වෙන්නෙ. ඒක කඩා වැටෙයි ද? කම්කරු පංතිය බලය ගැනීමට සූදානම් ද? අර කම්කරු පංති නායකත්ව ප්‍රශ්නෙ විසඳ ගත්ත ද? ඉස්සෙල්ල ම කම්කරු පංතිය හොයා ගන්න පුළුවන් ද? නිෂ්පාදන සම්බන්ධතා මත කම්කරු පංතියක් ලංකාවෙ නම් හොයා ගන්න බැහැ. බටහිර රටවල හොයා ගන්න පුළුවන් ද? මාක්ස්ගෙ සිහිනය කිසි දා සැබෑ වන්නක් නො වෙයි. මාක්ස් හීන දැක දැක හයිගේට් කනත්තෙ නිදා ගත්තාවෙ. මෙරට වම්මුන් ට නිදා ගන්න තේරෙන්නෙත් නැහැ. ඔවුන් දවල් හීන දකිනවා.
චීනයෙ සංස්කෘතිය තමයි ඔවුන්ට පිහිටට හිටියෙ. එය ඊනියා සමාජවාදයක් නො වෙයි. කොන්ෆියුෂියස් ධුරාවලිය තවමත් එහෙ ක්‍රියාත්මක වෙනවා. ලාඕට්සේත් ප්‍රයෝජනවත්. යිං යැං කතාව වැදගත්. එය සුදු කළු වෙන් කරන කතාවක් නො වෙයි. මේ ඇඳිරි නීති කාලයේ චතුස්කෝටිකයත් එක්ක යිං යැං සංසන්දනය කරන්න. ඒකට ඔය බටහිර දර්ශනවලින් නම් වැඩක් වෙන එකක් නැහැ.
අපට වෙලා තියෙන්නෙ පහුගිය කාලෙ අපේ සංකර වීම. සංකර වීම කියන එකට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් විරුද්ධ වේවි. ඒ ඔවුන් අංක එකේ සංකරයන් නිසා. අප අපේ සංස්කෘතියෙන් හික්මී තිබුණ නම් ඔය සාද දාන්නෙත් නැහැ. ෆන් ගන්න සිරීපාදෙ යන්නෙත් නැහැ. පොලීසියට හොරෙන් ඇඳිරි නීති කඩන්න උත්සාහ කරන්නෙත් නැහැ. සිංහලයන් හා චීනුන් ලෝකයේ පැරණි ම ජාතීන්. පඬි නැට්ටන්ට ඔවුන්ගෙ කසිකබල් දැනුමට අනුව ප්‍රශ්නයක් වේවි ධනපති ක්‍රමයට කලින් ජාතීන් තිබුණෙ කොහොම ද කියන එක.
ඒත් සිංහලයන් චීනුන් මෙන් නොව පරංගි සංස්කෘතියකට හුරු වෙලා. ඒ අවුරුදු 450ක් සෘජු ව ම බටහිරයන්ට යටත් වෙලා හිටිය එකේ ප්‍රතිඵලයකුත්. පරංගි සංස්කෘතිය අපට ආවෙ කේරළ කතෝලිකයන්ගෙන් වෙන්න පුළුවන්. ඒත් ඒක පරංගි. දැන් පඬියකු මගේ පරංගි නම ගැන ප්‍රශ්න කරාවි. මාත් සමග මගේ නමත් මැරෙනවා. මගේ දරු මුණුබුරන්ට ඒ නම නැහැ.
චීනුන් මෙන් නොව සිංහලයන් අනෙක් මතවලටත් දොර ඇරිය ජාතියක්. කේරළයෙන් පැමිණි පූජකවරුන්ට පහසුකම් සැපයුවෙ සිංහල බෞද්ධ රජවරුන්. සිංහල බෞද්ධ සංස්කෘතියෙ තිබුණු සහනශීලී ගුණය තමයි අපට ප්‍රශ්නයක් වී තියෙන්නෙ. අප අනෙක් අයටත් ඉඩ දීමේ ප්‍රතිඵලයක් ලෙස රට ගැන හිතන්නෙ නැතිව සාද ගැන හිතන්න පොලීසියෙ කණෙන් රිංගන්න අපට පුරුදු කරල තියෙනවා.
ඊයේ බෝතල් පෝලිමත් පෙට්‍රල් ඩීසල් පෝලිමත් තිබුණා. සමහර විට අඩියක් ගහල ගේ ඇතුළෙ බයිසිකල් පදිනවා වෙන්න පුළුවන්. ඊයේ තමන්ගෙ කණකර උගස් තියලා භාණ්ඩ රැස්කළ අය කී දෙනෙක් හිටිය ද?
අපේ ස්වයං විනය නැති කරන්න කටයුතු කරලා. චීනුන් ධුරාවලියකින් විනයෙහි පිහිටුවනු ලැබුවා. අපට බුදුදහමෙන් පුහුණු කෙරුණෙ ස්වයං විනයක් ඇති කර ගන්න. ඒක මදි. ඒ නිසා මහාවිහාරය පස්වැනි සියවසේ දී අපට නීති මාලාවක් හැදුවා. ඒක අවුරුදු දාහක් පමණ තිබුණ. දැන් ඒකත් මදි. බුදුදහම විදර්ශනයක් මිස දර්ශනයක් නො වෙයි.
ඒත් තවමත් සෑහෙන පිරිසකට ස්වයං විනයක් තියෙනවා. අප උත්සාහ ගත යුත්තේ එය දියුණු කරන්නයි. ඒක දීර්ඝ කාලීන වැඩක්. කෙටි කාලීන ව අර ෆන් කාරයන්ගෙ විනය ඇති කරන්න වෙනත් පියවර ගන්න වේවි. එහි දී දේශපාලනඥයන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ. මිනිසුන්ට ඒකරාශී වෙන්න එපා කියා තියෙද්දි මුකවාඩම් බෙදන කපටින් ඉන්න රටක් වෙලා. අත්අඩංගුවට ගන්නව නම් ඕන තරම් මිනිසුන් ඉන්නවා. ඇඳිරි නීති කාලෙ අර හොරෙන් පැනපු පිරිස හොයා ගන්න ඕන.