Main Logo

Friday 3 February 2023

දහතුන මුළුමනින් ම ක්‍රියත්මක කරනවා ද?

 දහතුන මුළුමනින් ක්‍රියත්මක කරනවා ?

 

දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තමන් පක්‍ෂ බව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීණි හරිණි අමරසූරිය ප්‍රකාශ කරලා. අපි ප්‍රසිද්ධ ප්‍රකාශය කිරීම ගැන ඇයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඇය ජාතික ජන බලවේගයෙන් නම් කරන ලද මන්ත්‍රීවරියක්. ජාතික ජන බලවේගය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ දිගුවක්. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොවන්නට ජාතික ජන බලවේගයට සම්බන්ධ වෙන්න පුළුවන්. ජාතික ජන බලවේගයේත් ජනතා විමුක්ති පෙරමුණේත් නායකයා අනුර දිසානායක හෙවත් රනිල්දාස. රනිල්දාස කරන්න බය ප්‍රකාශයක් හරිණි කරලා. රනිල්දාස එයට විරුද්ධ කිසිවක් කියා නැහැ. එයින් පැහැදිලි වෙන්නෙ එය ජාතික ජන බලවේගයෙත් ජනතා විමුක්ති පෙරමුණෙත් මතය බව.

 

දහතුන සම්මත කරගත් ආකාරය කලින් සඳහන් කෙරුණා. එහෙත් අතිපූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේද ප්‍රකාශ කර ඇති අයුරින් මෙතෙක් සිටි කිසිම ජනාධිපතිවරයකු එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කෙළේ නැහැ. ජේ ආර් ජයවර්ධනත් ඇතුළුව. ජේ ආර් පමණක් නොව පළාත් සභා සඳහා ඉංගිරිසින් මෙරටට අපනයන කළ චන්ද්‍රිකා කුමාරතුංගටත් එය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට බැරි වුණා. ඉන්දු ලංකා දේශපාලනයේ බලපෑම ඉතා තදින් තිබිය දී. එමෙන් 1994 මැතිවරණයෙන් චන්ද්‍රිකා විශාල ජයග්‍රහණයක් ලබා තිබියදීත්.

 

මහින්ද රාජපක්‍ෂ බලයට පත් වීමෙන් පසුවත් ඉන්දියාව දිගට බලපෑම් එල්ල කළා. නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දා ඉන්දියාවේ ට්‍රොයිකා ලෙස හැඳින්වුණු විදේශ අමාත්‍යාංශයේ බලගතු තිදෙනෙක් මෙහි පැමිණ මෙරට ට්‍රොයිකාවක් සමග ගිවිසුමක් අත්සන් කළා දහතුන මුළුමනින් ක්‍රියත්මක කරන බවට. ගැන අප දිගින් දිගට විරුද්ධත්වය ප්‍රකාශ කළා. කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ ට්‍රොයිකා ගිවිසුම ක්‍රියාත්මක කෙළේ නැහැ. 2015 දී ඔහු පරාජය කෙරීමටත් ඉන්දු ලංකා දේශපාලනය එය හේතුවක් කර ගත්තා.

 

ඔවුන් ඊනියා යහපාලන ආණ්ඩුව අටවා ගත්තා. එහෙත් ඔවුන්ටවත් දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මනුෂ නානායක්කාර කියන්නෙත් එදත් අදත් මහා සංඝ රත්නය හා මෙරට ජාතික සංවිධාන දහතුන මුළුමනින් ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව. චින්තන පර්ෂදය පළාත් සභාවලට මුළුමනින් විරුද්ධයි. චින්තන පර්ෂදයේ ස්ථාවරය පළාත් සභා මුළුමනින් අහෝසි කර යම් කොන්දේසි යටතේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කිරීමයි.

 

අද දිස්ත්‍රික්ක වෙන් කර ඇත්තේ ඉංගිරිසින්ට පරිපාලනය පහසු කරවීම සඳහා මිස කිසියම් සංවර්ධනයක් අරමුණු කර ගෙන නො වෙයි. දේශගුණය, ගංගා වනාත්තර ආදිය පදනම් කරගෙන දේශීය සංවර්ධනයක් ඉලක්ක කරගත් කෝරළ (දිස්ත්‍රික්ක) ක්‍රමයක් මෙරට ඇති කර  දිස්ත්‍රික්ක සංවර්ධන සභා පිහිටුවන්න ඕන. එපමණක් නොවෙයි දිස්ත්‍රික්ක සභාවලට එකතු වීම තහනම් කරන වගන්ති අදාළ පනතේ සඳහන් වෙන්න ඕන.

 

දහතුන්වැනි සංශෝධනය පරිදි ව්‍යවස්ථාවේ 154 ()(3) වගන්තිය  අනුව පළාත් සභා දෙකක් හරි තුනක් හරි එකතු කරන්න පුළුවන්. ජේ ආර් ජයවර්ධන අනුව උතුරු හා නැගෙනහිර පළාත් එකතු කර පළාත් සභාවක් නිර්මාණය කළා. වර්ධරාජ පෙරුමාල් එහි මහා ඇමති වුණා. දයාන් ජයතිලක ඇමති ධුරයක් දැරුවා. එහෙත් පසුව අධිකරණ නියෝගයකින් එය පළාත් සභා දෙකකට කැඩුණා. එහෙත් අද වුණත් දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරනවා කියන්නේ උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීමට ඉඩ දී බෙදුම්වාදීන්ගේ මනදොළ සපුරාලීමක්.

 

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ දහතුන මුළුමනින් ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කරල තියෙන්නෙ රට බෙදීමේ පළමු පියවර තබන්න. එදා දිවි දුන් තම සහෝදරයන්ගෙ සොහොන් මතින්. මතක තබා ගන්න දහතුන සම්මත කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු නොකළ බව. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් චින්තන පර්ෂදයේ නියෝජිතයන් කිහිප දෙනකු තවත් කිහිප දෙනකු සමග ඊයේ (පෙබරවාරි 2වැනි දා) අගමැති දිනේෂ් ගුණවර්ධන හමු වී අද ඇති වී තිබෙන තත්වය ගැන මහජන එක්සත් පෙරමුණේ ස්ථාවරය විමසුවා. එහි දී පෙරමුණේ ස්ථාවරය දැක්වෙන ප්‍රකාශයක් ලැබුණා. මෙසේයි.

 

"2023.01.31 වන දින පක්ෂ මූලස්ථානයේ රැස්වූ මහජන එක්සත් පෙරමුණ මධ්‍යම කාරක සභාව ඉතා පැහැදිලිව දශක ගණනාවක් අඛණ්ඩව නොසැලී ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය සුරැකීමට මහත් කැපවීම් සිදුකල දේශපාලන ප්‍රවාහයක් ලෙස තවදුරටත් එය ශක්තිමත් කිරීමට වඩාත් කැපවී සිටින බව අවධාරණය කරන ලදී.

 

..පෙ. 1980 දශකයේ මුල සිටම යෝජනා කරමින් කියා සිටිනුයේ පරිපාලන ක්‍රමවේදයට සමාන්තර දිස්ත්‍රික්කය ඒකකය ලෙස පදනම් කරගත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් කලහැකි ව්‍යුහගත වීමක් අවශ්‍ය බවය.

 

..පෙ. කේවල් ආසන වැඩිවශයෙන් ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පවතින සමාජ දේශපාලන ආර්ථික උවමනාව ජාතික අවශ්‍යතාවයක් ලෙස යළියළි නැවත මතක් කර සිටියි.

 

..පෙ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමට අඛණ්ඩ නොසැලී නොබියව සැමදා කැපවී සිටියි."

 

 

  අනුව පෙරමුණේ මධ්‍යම කාරක සභාව ජනවාරි 31 වැනි දා රැස්වී ඒකීය රාජ්‍යය සුරක්‍ෂිත කිරීමේ තම ස්ථාවරයේ වෙනසක් වී නැති බවත් සඳහා වඩාත් කැපවීමෙන් ක්‍රියා කරන බවත් සහතික කර තිබෙනවා.

 

අද ඉන්දු බටහිර දේශපාලනය ක්‍රියත්මක වන්නේ මෙරට ආර්ථික අර්බුදය මැද. එය අවුරුදු හැත්තැවක පමණ කාලයක මෙරට මධ්‍යම පංතියේ අපේක්‍ෂාවන් ඉටු කිරීමට පිට රටින් ඩොලර් ණයට ගෙන මෙරට මුදල් නෝට්ටු අච්චු ගසා පවත්වාගෙන ගිය ණය ආර්ථිකයක ප්‍රතිඵලයක්. එයට දේශපාලනඥයන් නිලධාරීන් තමන්ගේ වැටුප අනුව ජීවන ක්‍රමය සැලසුම් කර ගැනීමට බෑරුව දහ අතේ ණය වී ඇති උගතුන් මෙන් සමස්තයක් ලෙස මධ්‍යම පංතිය වග කියන්න ඕන. ඉන්දු ලංකා දේශපාලනය එය දඩ මීමා කරගෙන අප තොණ්ඩුව කරා දක්කන් ඇවිත් දැන් ණය දීම සඳහා කොන්දේසියක් ලෙස දහතුන මුළුමනින් ක්‍රියත්මක කිරීම එකතු කර ඇති බව පැහැදිලියි.

 

අප රනිල් ලවා දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරවීමට  ඉන්දු ලංකා දේශපාලනයට ඉඩ දෙනවා ?