Main Logo

Wednesday 8 February 2023

කොටි ඝාතන අමතක කාට ද?

 කොටි ඝාතන අමතක කාට ?

 

ඊනියා රාජාසන කතාව කුමකට යන්න ඉතා පැහැදිලි යි. මෙය හැඳින්විය හැක්කේ ණය තොන්ඩුවක් ලෙස. ඉන්දු බටහිර දේශපාලනය විසින් අද ලංකාවේ ගෙල හිර කෙරී තියෙනවා. ඉන්දු බටහිර, තවත් ආකාරයකට කියනවා නම් හින්දූ ක්‍රිස්තියානි, දේශපාලනයට  අවශ්‍ය ආකාරයට රට මෙහෙයවීම  අද පැවැත්වෙන ඊනියා රාජාසන කතාවේ එක අරමුණයි.

 

පඬි නැට්ටන් හිතන්නේ තමන් ගෝඨාභය හා මහින්ද එළවූ බවයි. බල්ලාගේ වලිගය හිිතනවා ඇති බල්ලා මෙහෙයවන්නේ තමන් (වලිගය) කියා.  එවැනි දෙයක් තමයි බටහිර පඬියන්ගේ වලිගය (නැට්ට) පමණක් වූ පඬි නැට්ටන් හිතන්නේ. ඉන්දු බටහිර දේශපාලනයට අවශ්‍ය වූයේ මෙරට තම පාපන්දුව බවට පත් කර ගැනීමට. 1815 පමණ සිට බ්‍රවුන්රිග්ට අවශ්‍ය වූ දෙයක් දැන් කෙරී ගෙන යනවා.

 

දෙමළ ජාතිවාදය යනු ඉන්දු බටහිර දේශපාලනයේ නිෂ්පාදනයක්. ඉන්දියාවට අමතක වුණාට ඉන්දියාවෙත් හින්දි විරෝධයක් ඇති කෙළේ බටහිරයන් විසින් තමිල්නාඩුවේ දෙමළ කතෝලික පූජකවරුන් මෙහෙයවනු ලැබීමෙන්. අදත් තමිල්නාඩුව ඉන්දියාවේ දිල්ලි මධ්‍යම ආණ්ඩුව තම ජාතිවාදී වුවමනාවන් වෙනුවෙන් මෙහෙයවනවා. එංගලන්තය තමිල්නාඩුව ලංකාවේ උතුරු පළාත දෙමළ ජාතිවාදී දේශපාලනයේ එක අක්‍ෂයක්.

 

අක්‍ෂය තමයි ඉන්දියාව අස්ථායී කරන්නේ. ඉන්දියාව තම ස්ථායිතාව රැක ගන්න තියෙන අවශ්‍යතාවත් බෞද්ධ විරෝධයත් කලාපීය ආධිපත්‍යයත් නිසා මෙරට දෙමළ ජාතිවාදය රකිනවා. බොහෝ කලකට පෙර අප කියා ඇති මෙරට දෙමළ ජාතිවාදය පල්ලිය විසින් මෙහෙයවනු ලබන්නේ කෙසේ කියා. දෙමළ කොටි සංවිධානයට විවිධාකාරයෙන් ආධාර කළ කතෝලික පූජකවරු පිරිසක් හිටියා. වත්මන් කාදිනල්තුමාත් කොටි ත්‍රස්තවාදීන් හමුවීමට තකහනියක් උතුරු පළාතට ගියා.

 

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ නිකුත් කරන කතෝලික සභාව මහා බැංකුව පිපිරවීම අරන්තලාවේ ඝාතනය කැබතිගොල්ලෑවේ ඝාතන ගැන ඉංගිරිසින් කියන විධියට කන්බිහිරි කරවන නිෂ්ශබ්දතාවක් රැක්කා. අර කැබිතිගොල්ලැවේ ඝාතනය කෙරුණු තම පුතාගේ සිරුර දැතින් ගෙන මහින්ද හමුවීමට පැමිණි පියාගේ සේයාරුව කාදිනල්තුමාට වමාලාට නොයෙකුත් පඬි නැට්ටන්ට වි පෙරමුණට රනිල්ට අමතක වුණත් අපට අමතක වන්නේ නැහැ.

 

ගෝඨාභයට හැටනව ලක්‍ෂයක් ඡන්දය දුන්නේ අමතක කර නොවෙයි. ඉන්දු බටහිර දේශපාලනය අද කරන්නේ නන්දිකඩාල් පරාජයේ පළිය ගැනීමයි. යහපාලන ආණ්ඩුව පිහිටුවීම, දින පනස්දෙකේ ආණ්ඩුව බිඳ දැමීම, පරගලය මේ සියල්ල එක දම්වැලක පුරුක්. වසරකට දෙසැරයක් නටන ජෙනීවා නාඩගම රණවිරුවන්ට හා මහින්දට හා ගෝඨාභයට තහංචි සම්බාධක පැමිණවීම ආදිය පඬි නැට්ටන්ගේ කෙරුම් නො වෙයි. බල්ලන් මවා හෝ මැවී හෝ ඇත්තේ වලිගවලින් නැටවීමට නො වෙයි.

 

රනිල් නීත්‍යානුකූල ජනාධිපති බව සැබැව. පරගලය කෙරුණේ ඔහු එතැනට පත් කිරීමට. එහෙත් ඔහුට තමන්ට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැ. ඔහු ඉන්නේ පාළු කපන්න. ඔහුගේ ප්‍රතිපත්ති ඡන්දදායකයන් විසින් සහමුළින් ප්‍රතික්‍ෂෙප කෙරි අවසන්. ඔහු ඊනියා රාජාසන කතාව මගින් කළ යුතුව තිබුණේ ගෝඨාභය ප්‍රතිපත්ති නැවත වරක් කියවීම පමණයි. ඔහු දේශපාලන සදාචාරයක් ඇත්නම් ඊනියා රාජාසන කතාව ලිවීමට පළමු ගෝඨාභය මුණ ගැසෙන්න ඕන.

 

රනිල් පත් කර ගත්තේ ආර්ථික අර්බුදය විසඳන්න. ඔහුට බැරිත් එයයි. ඔහු දන්නේ ණය ගැනීම පමණයි. සඳහා ජාමුලෙට යන්න ඕන. ජාමූලෙ කොන්දේසි පනවනවා බටහිර කොන්දේසි. ජාමුලෙ කන්දක් විළිලා මී පැටවකුවත් වදන්නෙ නැහැ. ඔවුන් අවුරුදු හතරකට ඩොලර් බිලියන 3.9ක් දෙනවලු.

 

සඳහා ඔවුන් අපට කොන්දේසි පනවනවා. දෙමළ ජාතිවාදය නැවත පණ ගන්වන්න හදනවා. ලංකාව හා චීනය අතර විරසකයක් ඇති කරන්නත් කටයුතු කරනවා. ඉන්දියාවත් වතුර නටනතුරු හැළියෙ ඉන්න කකුළුවා වගේ චීනයට විරුද්ධ බටහිරයන් සමග පෙළ ගැහෙනවා. පහුගිය දවස්වලා ඉන්දියාවෙ හා බටහිර ලොක්කන් ඇවිත් රනිල් හමුවෙලා ගියා. බැං කී මූන් තමයි අවසන් වරට ආවෙ. අපට අවසානයෙදි හඳවත් ඉතිරි වන්නෙ නැහැ. බෑං කි මූන් හඳ තහනම් කරාවි.