Main Logo

Saturday 25 February 2023

පරගලයේ ශේෂ පත්‍රය

 පරගලයේ ශේෂ පත්‍රය

 

පහත පළවන්නේ ලංකා සී නිවුස් හි පළ වූ පුවතක්

 

අදත් ගෝල්ෆේස් කූඩාරම් 10,000ක් ක්‍ෂණිකව හදන්න පුළුවන්. ඒත් රනිල් ගහල පන්නවනේ

 

 

අදටත් පැමිණ ගාලුමෝදර පිටියේ කූඩාරම් දහ දහසක් ක්ෂණිකව ඉදිකිරීමට හැකියාව ඇති බව ගාලුමුවදොර අරගලකරුවන් සඳහන් කරති.

 

නමුත් කාර්ය කිරීමට නම් ජනාධිපතිවරයා විසින් අරගල කරුවන්ට පහර දීම නතර කළ යුතු බව හෙතෙම කියා ඔහු සඳහන් කරයි.

 

අරගල කරුවන්ට මේ මොහොතේ එල්ල වෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධී දැඩි මර්දනය හමුවේ රතුකුරුස සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානය කිසිදු හඬක් නොනගා සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයිද ඔවුන් කියා සිටිති.

 

ගාලු මුවදොර අරගලය වෙනුවෙන් සේනාධි ගුරුගේ සහ ධනිෂ් අලි මේ බව සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එබැවිනි.”

 

මේ වාර්තාව ලියන බසින් ලියා ඇත්තක්. මා වාර්තාව එලෙස පළ කරනවා කිසිදු සංස්කරණයකින් තොරව. මෙහි සත්‍යාසත්‍යභාවය ගැන මා වග කියන්නේ නැහැ. එහෙත් එහි මාතෘකාව මගේ සිත් ගත්තා. මා එය සුලු වෙනස්කම් සහිත සටහනක් ලෙස මෙසේ පළ කළා.

 

"එන්න යන්න ගෝල්පීස්

අපට ගෝල්ෆේස් කූඩාරම් 10000ක් හදන්න පුළුවන්. ඒත් රනිල් ගහල පන්නනවනෙ –- වීරෝදාර පරගලයෝ”

 

මා එය ප්‍රතිචාරවලට විවෘත කළා. පරගලයන්ගේ පඬි නැට්ටන්ගේ ජෙප්පන්ගේ බුද්ධි මට්ටම තාර්කික හැකියාව හා කුණුහරූප දැනුම ගැන අවබෝධයක් ලබා ගැනීමට මට හැකි වුණා. ඔවුන්ට අනුව රාජපක්‍ෂලාට කඩේ ගිය මා දැන් රනිල්ටත් කඩේ නොව සුපර් මාර්කට් යනවා. රනිලුත් මට තානාපතිකමක් දෙයි කියාත් ඔවුන් හිතනවා.

 

ඔවුන්ගේ තර්කය අනුව හා සී නිවුස් පුවත අනුව පරගල නායකයන් දෙදෙනකු රනිල්ට සුපර් මාර්කට් ගොස් තියෙනවා. මා නම් එදත් දැන සිටියා පරගලය රනිල් ජනාධිපති කිරීම සඳහා බව. පරගලයන්ට දැන් තියෙන්නෙ බැඳගත් බෙරේ නොව බැඳලා දුන්න බෙරේ ගහන එක විතරයි. බෙරේ බැඳලා දුන්නෙ බටහිරයන් හා ඉන්දියානුවන්. අද මෙරට ඉන්දියානුවන් හා බටහිරයන් නිතර යන එන තැනක් බවට පත් වෙලා. මා කියන්නේ සංචාරකයන් ගැන නො වෙයි. දේශපාලනඥයන් හා නිලධාරීන් ගැන. මෙරට නේටෝ කඳවුරක් බවට පත්වෙන්න ඉඩකඩක් තියෙනවා. ආසියාවේ යුක්‍රේනය බවට පත් වෙන්නත් ඉඩක් තියෙනවා. අර භූදේශපාලනික යථාර්ථය මොකක් කියන එක.

 

පරගලයන් අද සී සී කඩ. දමිතා සජබ වේදිකාවෙ. සුනිල්ලා ගායක ගායිකාවන් අනෙක් නළු නිළියන් අද කොහෙ ? අර පාදිලිතුමා තම වෙස්මුහුණ ගලවල සිංහල බෞද්ධ විරෝධී වෙලා. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු හඳුනාගෙන. දැන් බලාගෙන යනකොට මුස්ලිමුන් විසින් කතෝලික බැතිමතුන් ඝාතනය කෙරිල තියෙන්නෙ සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිහිටුවන්න.  කාදිනල්තුමාගෙ අගසවු දෙනම අද දැකගන්න අමාරුයි. දැන් චම්පකටත් අමාරුයි.

 

පරගලයෙන් රනිල්දාසට පොඩි ඉඩක් ලැබිලා. ජෙප්පන් හා සෙප්පන් පරගලය තමන්ගෙ බවට පත්කරගන්න උත්සාහ කළා. එය හරි ගියේ නැහැ. ඒත් ඡන්දදායකයන් අද අනෙක් පක්‍ෂවලට විරුද්ධ වි පෙරමුණට ඇදී යන ගතියක් පෙන්නුම් කරනවා. එහෙත් තවමත් ඡන්ද පොරයෙ ඉදිරියෙන්. ජා දෙවැනි තැනට ඇවිත්. ඒත් කාටවත් ඡන්දෙකින් බහුතර බලයක් ගන්න බැහැ. අද ජනාධිපතිවරණයක් තිබ්බොත් අවුල් ජාලයක් වෙනවා. අපේක්‍ෂකයො පනහකට වැඩිය ඉදිරිපත් වේවි. කිසිවකුටවත් අර වලංගු ඡන්දවලින් සියයට පනහක් තියා තිහක්වත් ලබා ගන්න බැරි වේවි.

 

රනිල්දාසට දෙවැනි තැන වැඩිකල් පවත්වා ගෙන යන්න බැහැ. වි පෙ දෙකඩ වෙන්න ඉතා වැඩි ඉඩක් අවශ්‍ය නම් සම්භාවිතාවක් තියෙනවා. රනිල්දාසට තම ඓතිහාසික කාර්යභාරය ඉටු කරන්න තියෙනවා. එක්කෝ අද වි පෙරමුණට ආකරෂණය වී ඉන්න අයගෙන් කොටසක් ටිල්වින් සමග දිනන තුරු ඉන්න ඕන. නැත්නම් පෙරටුගාමීන් සමග එකතු වෙන්න වේවි. ඒත් කිසිවකු අරගල කරන්න ගියොත් රට ලේ විලක් වේවි. සී නිවුස්හි සඳහන් අය නම් ගෝල්පීස් යන්නෙ නැහැ. ගෝල්පීස් ගියොත් රෙස්ට ඉන් පීස් තමයි.

 

ඉංගිරිසින් කියන්න වගේ පරගලයේ ශේෂ පත්‍රය එහෙමයි. අර පුස්තකාලෙ තිබුණු පොත්වලට මොක වුණෙ. පරගලයන් කී දෙනකු මගේ ලෝකය කියෙවුව දන්නෙ නැහැ.  ඒකට කමක් නැහැ. මා මේ ලිපියත් ප්‍රතිචාරවලට විවෘත කරනවා. පඬි නැට්ටේ දිග බලාගන්න. මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙර සේ.