දොවාල් දෙවියො
මෝදි ලංකාවට ඇවිල්ල කරපු ප්‍රධාන ම කාර්යය තමයි මහින්ද හා ගෝඨාභය
හමුවීම. ඊළඟට දික්ඔය දෙමළ ජනතාව ඇමතීම. ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය අප රැවටීමක්
හා රැවටීමක් පමණයි. කෝ එහි සමාප්ති උත්සවයට පැමිණි නේපාල රාජ්‍ය නායිකාව. ඇය තවම
ලංකාවේ ද? ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ඇය ඉන්දියන්
පයිසෙකට ගණන් ගෙන නැහැ. මෛත්‍රිපාල ඇය හමුවන්න ඇති. ඇය මහින්ද හමු වුණේ නැහැ. ඇය
ජී එල් හමු වුණෙත් නැහැ. ගෝඨාභය හමු වුණෙත් නැහැ. ඇය ගැන කිසිම ආරංචියක් නැහැ.
ඊනියා ජාත්‍යන්තර වෙසක් උළෙල තවමත් සමාප්ත වුණේ නැද්ද? ප්‍රබුද්ධ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් අපට යමක් කියනවා ද? පැහැදිලිව ම ඊනියා ජාත්‍යන්තර වෙසක් උත්සවය
මෝදිගේ මගෝඩියක්.