විිද්‍යා දදාති ණයං
මහා බැංකුව ගැන මෑත කාලයේ අවස්ථා දෙකක දී කතාබහට ලක් වුණා. දැන් තුන්වැනි වතාවකටත් කතාබහට ලක් වෙනවා. පළමුව දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය මහා බැංකුවට පහර දුන් අවස්ථාව . දෙවැනි වතාව අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ව සිටි සමයේ දී බන්දුල ගුණවර්ධන කියන ආකාරයට සිදු වූ මහා දවල් මහා බැංකු මංකොල්ලය. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගියා ගියාමයි. තාම සිංගප්පූරුවේ ද?
දැන්
නැවතත් කතා වෙනවා. මහා බැංකුව සුවාදීන කරන්න පනතක් ගෙනැල්ල. කාගෙන් සුවාදීන කරන්න ද? කිසිවක් කිසිවකු සියල්ලෙන් සියලු දෙනාගෙන් සුවාදීන වෙන්නෙ නැහැ. සියල්ල සියල්ල සමග බැඳිලා. ඒ කෙසේ වෙතත් ඕනෑම දෙයක් තවත් දේ සමග බැඳිලා.
මහා
බැංකුව දැනට පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. දැන් මේ කරන්න යන්නෙ මහා බැංකුව පාර්ලිම්න්තුවෙන් සුවාදීන කරන එක. ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. ඒ කොහොම වුණත් රටේ ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය, ඒ මොකක් වුණත්, තියෙන්නෙ ජනතාවට. ඒ කියල ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්න බැහැ. ව්‍යවස්ථාව උල්ලංඝණය කළොත් ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති පරමාධිපත්‍යය නැති වෙනවා. ජනතාව තමන්ගෙ පරමාධිපත්‍යය නැති කර ගන්නවා. ඒක සිය දිවි නසා ගන්නවා වගේ වැඩක්.
ජනතාවට ඇති පරමාධිපත්‍යයේ විධායක බලය ඔවුන් ක්‍රියාත්මක කරන්නෙ තමන් තෝරාගත් ජනාධිපතිවරයකු මගින්. මේ ජනාධිපති ජනතාව විසින් තෝරා පත් කර ගනු නොලැබුවත් ඔහුුට ව්‍යවස්ථාව අනුව විධායක බලතල තියෙනවා. ඒත් සමහර බලතල නැහැ. ජනතාව තම ව්‍යවස්ථාදායක බලතල ක්‍රියාත්මක කරන්නෙ තමන් විසින් පත් කර ගනු ලැබූ පාර්ලිමේන්තුවක් මගින්. අධිකරණ බලතල ක්‍රියාත්මක කරන්නෙත් පාර්ලිමේන්තුව මගින්. එහෙත් සෘජුව නොවෙයි.
ඒ සඳහා පාර්ලිමේන්තුව අධිකරණ ආයතන පිහිටුවාගෙන තියෙනවා. අධිකරණය ජනතාව විසින් පත් කෙරෙන ආයතන නොවුණත් ජනතාව පත් කරන පාර්ලිමේන්තුවෙන් පිහිටුවනු ලැබ ඇති ආයතන. කොහොම වෙතත් ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරෙන්නෙ තමන් විසින් සෘජුව හරි වක්‍රව හරි පත් කරනු ලබන ආයතන මගින්.
මුදල්
සම්බන්ධ සියලු කටයුතුවල වගකීම තියෙන්නෙ පාර්ලිමේන්තුවට.
මහා බැංකුව මුදල් සම්බන්ධ කටයුතු කරන ආයතනයක්. එය අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. මහා බැංකුව පාර්ලිමේන්තුවෙන් සුවාදීන කරන්න බැහැ. එහෙම කළොත් මහා බැංකුව ජනතාවගේ පරමාධිපත්‍යයට පිටින් තියෙන ආයතනයක් වෙනවා. රට ඇතුළෙ අපේ නොවන අපට වග කියන්නෙ නැති ආයතනයක් මුදල් සම්බන්ධයෙන් කටයුතු කරනවා.
මහා
බැංකුව ජනතාවගේ පරමාධිපත්‍යයෙන් ඉවත් කළොත් වෙන්නෙ මොකද කියන එක පැහැදිලියි. එය වෙනත් බලවේගයක බලාධිකාරයක යටතට පත් වෙනවා. මහා බැංකු අධිපති මොන
තරම් ජගතකු වුණත් ඔහුට යටත් වෙන්න වෙනවා ජාමුලෙට හා බටහිර අධිකාරියට. අර ජාමුල කොන්දේසිත් නීති ගත කරාම ඊනියා දුෂණ විරෝධී හා ත්‍රස්ත විරෝධි පනත් සම්මත කරාම පරගලයේ ක්‍රම වෙනස ක්‍රියාත්මක වෙනවා. එතකොට ව්‍යවස්ථාවත් උල්ලංඝණය වෙලා.
මහා
බැංකු පනත සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ
තීන්දුව මා දන්නේ නැහැ. පනත අර සුපුරුදු විධියට ආණ්ඩුව තමන්ට ඕනෑ කරන ආකාරයට කාරක සභා අවස්ථාවේ දි සම්මත කර ගනීවි ද? පනතකට කතානායක අත්සන් තැබූ පසු එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැහැ. මෙරට ව්‍යවස්ථාවේ ඇති එක් ප්‍රධාන දුර්වලකමක් නම් පනතක් සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට යැමට නො හැකිවීමයි.
ජාමලෙ
කොන්දේසි අනුව තමයි මේ දේ සිදු වන්නෙ. ජාමුල කොන්දේසි අනුව වැඩ නොකළොත් දෙවැනි ණය වාරිකය ලැබෙන්නෙ නැහැ. ණය මත යැපීම නිසා රනිල් ඉන්නෙ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයක, අහන්න පුළුවන් ණය නොගැනීමට තියෙන
විකල්පය මොකක් ද කියලා.
විකල්පය ආනයන අඩු කිරීම හා නිෂ්පාදන වැඩි කිරීම. එහෙත් ඩොලර් විශාල වශයෙන් ගේන්න තරම් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න මහා ධනපතියන් මෙරට නැහැ. අපි අදානිල ගෙන්න ගන්නවා ද? රජය නිෂ්පාදනයට මැදිහත් වෙනවා ද? එය අකාර්යක්‍ෂම ද? එහෙම නැත්නම් රජයේ කාර්යභාරය එය නො වේ ද? අපට ගෘහ කර්මාන්ත ජාල හදන්න පුළුවන් ද? දැන් ඔය ගන්න ණයෙන් නිෂ්පාඳන කටයුතු කරනවා ද? ණය ගන්නේ ණය ගෙවන්න ද? විද්‍යා දදාති විනයං කියා තියෙනවා. (ආර්ථික) විද්‍යා දදාති ණයං කියමු ද?