Main Logo

Sunday 9 April 2023

දේශනය

 අටවැනි දා පුරාවිද්‍යා උරුමය සංගමය සංවිධානය කළ රැස්වීමේ දී කළ දේශනය මේ සබැඳියෙන්.



https://www.facebook.com/groups/archaeology.lk/permalink/1741024559634079/


දේශනය හා සම්බන්ධ ව මෙටාවේ දැක්වූ ප්‍රතිචාර ගැන. 


මේ තමයි ප්‍රබුද්ධ ප්‍රතිචාර. මා මෝඩයකු මහල්ලකු දීනයකු බව නැවත නැවතත් සඳහන් කිරීමෙන් ප්‍රබුද්ධයන් කුමක් බලාපොරොත්තු වුවත් මට බුද්ධිමතකුවත් තරුණයකුවත් වෙන්න බැහැ. ප්‍රතිචාරවලට තිත තියනවා. 

                                                                                                                                                                                                                                                                                                   මේ දේශනය ගැන එක් අයකු හැර වෙනත් කිසිවකු හොඳයි කියන සටහනක් ලිය නැහැ. ඒ ඒ අය තමන් දන්න දේ නම් සඳහන් කර තිබුණා විවිධ තැන්වල. තම බටහිර දැනුම හරි ඉන්දීය දැනුම හරි ප්‍රකාශ කිරීමට තමයි ඔවුන් වෙහෙසුනේ.


මා සමග දුරකථනයෙන් කතා  කළ අයකු කිවුවේ මා අදහස් ප්‍රකාශ කරන්නේ සංවිධානයක ශක්තිය මත බවයි. එහෙත් මට සංවිධානයක් නැහැ. චින්තන පර්ෂදයේ සාමාජිකයන් නැහැ.  සාමාජික ගාස්තු ගෙවීමක් නැහැ.කිහිප දෙනකු ඉඳහිට රැස්වෙනවා, සමහර විට ප්‍රසිද්ධ රැස්වීමක් සංවිධානය කරනවා. එපමණයි. අඩු තරමෙන් චින්තන පර්ෂද රැස්වීම්වලට යන එන (බුද්ධිමතුන් හිනහවුනත් මට චතුස්කෝටිකය මතක් වෙනවා) ආයකුවත් දේශනය ගැන  කිසිවක් කිවුවේ නැහැ. මට ඊනියා දායක සභාවක්වත් ගෝලයන්වත් නැහැ. චින්තන පර්ෂදයට ආ ගිය අය බොහෝ දෙනකු මට විරුද්ධයි. මෙටාවේ ප්‍රසි්ද්ධ දිලිත් ජයවීර තමලු පියදිගම අනුජ මංචනායක උපාලි කොහොඹන් නන්දන පෙරේරා නලින් සුබසිංහ රවි චතුරංග ආදීන්  තබා මෙටාවෙ නැති ගුණදාස අමරසේකරවත් චින්තන පර්ෂදයේ රැස්වීමකට සහභාගි වෙලා නැහැ. ඔවුන් කිසිවකු මගේ ගෝලයන් නො වෙයි.


මා නිවහල්  තනි පුද්ගලයෙක්. මා මගේ අදහස් ප්‍රකාශ කරනවා. ඒ වඩාත් නිරවුල් වීමට. කිසිවකු දේශනයක් පැවැත්වීමට ආරාධනය කළොත් එය සුදුසු නම් සිතෙනවා නම් මා භාර ගන්නවා. 


මේ සටහනටත් හා හා ප්‍රතිචාර දක්වන බව මා දන්නවා.