Main Logo

Tuesday 18 April 2023

රනිල් බැසිල් හවුල් අවුල්

 

රනිල් බැසිල් හවුල් අවුල්

 

මේ මගේ සිතුවිලි. මා ඊනියා නාභිගත ක්‍රමයකට ලියන්නේ නැහැ. එය පන්සලේ ශෛලිය නොව පල්ලියේ ශෛලියයි. මා විශ්වවිද්‍යාලයේදීවත් ක්‍රමය අනුගමනය කෙළේ නැහැ. එකල රජයේ නාළිකාවක සේවය කළ මෙකල මන්ත්‍රීිවරයකු වූ අයකු මගේ ලිපිවල ඊනියා වචනය කී වරක් යෙදී ඇත්දැයි ගණන් කෙරුවා. ඔහුට බිංදුවක් ලැබුණේ නම් නැහැ. මා ඔවුන්ට කියන්නේ ඊනියා මහජන සේවකයන්. ලංකාවේ උගතුන් බොහෝ දෙනකු ඊනියා යන වචනයෙහි තේරුම දන්නේ නැහැ.

 

සමාජයකට ලැබෙන්නේ එයට සුදුසු දේශපාලනඥයන් යැයි කියමනක් තියෙනවා. එයට තවත් එකතු කරන්න පුළුවන්. සමාජයකට ලැබෙන්නේ එයට සුදුසු දේශපාලනඥයන් උහතුන් බුද්ධිමතුන්. ඊයේ මා ලිපිය පටන් ගත්තේ ඉතිහාසය ගැන කියමින්. ඉතිහාසය බටහිර ක්‍රිස්තියානි ඇසින් උගන්වන ප්‍රධාන ආයතනය විශ්වවිද්‍යාලයයි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් හා ඔවුන්ගේ අඛණ්ඩ වර්ජනය ගැනත් වචනයක් කිවුවා. රනිල්ට බැසිල්ට එන්න කලින් අද එය තවත්  එහාට ගෙන යන්න ඕන.

 

විශ්වවිද්‍යාලයිය ආචාර්යවරුන්ට උසස් පෙළ උත්තර පත්තර බැලීම වර්ජනය කරන්න යැයි කීමට සම්මේලනයට බැහැ. උසස් පෙළ උත්තර පත්තර බැලීම විශ්වවිිද්‍යාලයේ රාජකාරියක් නො වෙයි. එය එසේ රාජකාරියක් වුණේ අප ශිෂ්‍යයන් සිටි අවධියේ. උසස් පෙළ පරීක්‍ෂණය විශ්වවිද්‍යාලයේ කටයුත්තක් නො වෙයි. එය විභාග දෙපාර්තමේන්තුවේ කටයුත්තක්. ආචාර්යවරුන් විශ්වවිද්‍යාලයෙන් පිට කරන කටයුතුවලට බලපෑම් කිරීමට ආචාර්ය සමිති සම්මේලනයට බැහැ. එසේ කරනවා නම් කළ හැක්කේ සනාතන සභාවේ නිර්දේශ මත පාලක සභාවට පමණයි.

 

මෙරට විශ්වවිද්‍යාලවලින් සංකල්ප කතන්දර අභිසංස්කරණය කෙරෙන්නේ නැහැ. තොරතුරු නම් සොයා ගන්නවා. එහෙමත් නැත්නම් මොකක් හරි කතන්දරයක් මත ඉඳගෙන පරීක්‍ෂණයක් කරනවා. අලුතෙන් හිතළුවක් ඉදිරිපත් කර එය වැඩ කරනවා කියා බැලීමක් නැහැ.

 

බටහිර විිද්‍යාවේත් කෙරෙන්නේ හිතළු කීමයි වැඩ කරනවා දැයි බැලීමයි. බටහිර විිද්‍යාවේ විිද්‍යාඥයන් අතින් කෙරන්නේ එයයි. හිතළු අයගේ සංස්කෘතියෙන් ලැබෙන දේ. සංස්කෘතියකින් තොර හිතන්න බැහැ. හැම සිතුවිල්ලක් අවශ්‍ය නම් දෘශ්ටිවාදයක් මත පදනම් වෙනවා. වමාලගේ මහා ගුරා මාක්ස්ටත් තිබුණේ බටහිර කතෝලික දෘශ්ටිවාදයක්. මෑත යුගයෙ භෞතික විද්‍යාවේ මහා මොළකරු වූ අයින්ස්ටයින්ට තිබුණේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය. ලංකාවේ අපට එය නැහැ. අපට ඔය වාටියේ (පරිධියේ) මොනව හරි කර කර ඉන්න පුළුවන්.

 

සිදුහත් කුමරු ඉපදීමට පෙර පස්මහා බැලුම් බැලුවා කියනවා. සිදුහත් කුමරු උපන් කාලයේ කපිලවස්තුවෙ කෙහොම වුණත් මගධය අවට බුදු වීමට අවශ්‍ය සංස්කෘතියක් තිබුණා. ඒක නේ සමහර පඬි නැට්ටන් කියන්නේ බුදුහාමුදුරුවො දේශනා කළ අරක මේක අර වේදයේ මේ වේදයේ තිබුණා කියා. ඔව් ශූන්‍ය කතාවත් තිබුණා. සිදුහත් කුමරුන්ට බුදු වෙන්න පුළුවන් වුණේ නිසාත් පාරමී දම් පුරා තිබූ නිසාත්. එකල ප්‍රදේශයේ ඉපදුණු බමුණන් බුදු වුණේ නැහැ. වගේ සිදුහත් කුමරු ග්‍රීසියේ උපන්නා නම් වඩාත් දක්‍ෂ ඇරිස්ටෝටල් කෙනකු සොක්‍රටීස් කෙනකු යුක්ලීඩ් කෙනකු ආකිමිඩීස් කෙනකු වෙන්න තිබුණා. කාලය දීපය දේශය වැදගත් වෙන්නෙ නිසා. කුලයත් වැදගත්. බමුණු මතවලට පහර දෙන්න ශුද්‍රයකු වෙලා ඉපදිලා බැහැ.

 

පඬි කතා මොනව වුණත් බුදුහාමුදුරුවන් බමුණන්ගෙන් වෙන් වුණේ යළි ඉපදීම කෙළවරක් කරන්න ඕන කියා දේශනා කිරීමෙන්. බ්‍රහ්මන් එක්ක ආත්මය එකතු කරන්න සදාකාලික ඉන්න උන්වහන්සේ දේශනා කළේ නැහැ. ආත්මය නැතැයි කීමෙන් ආයෙත් එකතු වෙන්න ආත්මයක් කොහෙන් ?  මහා ආත්මය සමග එකතු වෙන්න ආත්ම කෑලි කොහෙන් ? තවත් එහාට ගිහින් ඇත්තේ එක ආත්මයක් එය වෙන්ව ඇතැයි ගැනීම වරදක් කියන්නේ කොහොම ?

 

අද අපේ සමාජයේ සිදුහත් කුමරු උපන්නත් අයින්ස්ටයින් උපන්නත් වැඩක් වෙන්නෙ නැහැ. මාක්ස්ගෙන් නම් එදත් වුණෙ අවැඩක් පමණයි. ඔහු නිසා ජීවිත ලක්‍ෂ ගණනක් අහිමි වෙන්න ඇති. අද සමාජයට සුදුසු උගතුන් තමයි අපට ඉන්නෙ. දේශපාලනඥයනුත් එහෙමයි. මහා බංකු පනත ගැන අධිකරණ තීන්දුව ආණ්ඩුව පාර්ලිමේන්තුවට කියන්නෙ නැහැ. දේශපාලනඥයන්ට ඕන බලය ගැනීම හා බලයේ රැඳී සිටීම. මේ ආණ්ඩුවත් ආර්ථිකය වගේ අර්බුදයක. රනිල් බැසිල් හවුල වැඩි කලක් තියෙන්නෙ නැති පාටයි. බලය පිළිබඳ පෞද්ගලික ප්‍රශ්න අද ඉස්මතු වෙලා. බැසිල්ගෙන් හා සජිත්ගෙන් වෙන් වුණු පිරිස් රනිල් සමග එකතු වෙලා සුළුතර ආණ්ඩුවක් පවත්වා ගෙන යෑමේ ඉඩකඩක් තියෙනවා. ඒත් විපක්‍ෂය ආණ්ඩුව පරදවන එකක් නැහැ. මොන කතා කීවත් මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාට බොහෝ දෙනකු කැමති නැහැ.

 

බැසිල්ගේ කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත් වීමට දැන් ඕන තරම් පෞද්ගලික නොවන කරුණු තියෙනවා. ජාමුලෙට රට උගස් තැබීම, ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලිකකරණය, ත්‍රස්ත විරෝධී පනත, මහා බැංකු පනත ආදී වශයෙන්. අපට ඕන ණය වෙලා හරි බොරු ෂෝක් කරන්න නම් මේ උගතුන් හා දේශපාලනඥයන් තමයි අපට සුදුසු. අර වැල් පාලමේ ගීතය නැවතත්. එක හෙළකින් තව හෙළකට දෑස පියන් බිම නොබලන්.