Main Logo

Sunday 9 April 2023

මා මේ නොකියා කියන්නෙ

 

මා මේ නොකියා කියන්නෙ

 

සති දෙකකට පමණ පෙර මා මේ කෙටි සටහන පළ කළා.

 

වෙනස

එංගලන්තයේ (එක්සත් රාජධානියේ) අගමැති ඉන්දීය සම්භවයක් ඇති හින්දු බැතිමතෙක්

ස්කොට්ලන්තයේ ප්‍රධාන ඇමති පකිස්ථාන සම්භවයක් ඇති ඉස්ලාම් බැතිමතෙක්

තුන්වැනි චාල්ස් රජුට පක්‍ෂපාත ඔවුන් රටවල ඉතිහාස මකා දමා නිජභූමි ඉල්ලන්නේ නැහැ

 

ප්‍රබුද්ධ සිංහල බෞද්ධ විරෝධී පඬිනැටිටන් ඉන් කැලඹුනා. ඔවුන් සුපුරුදු  පරිදි මට ජාතිවාදියා බොරු කාරයා මැන්ටලයා ආදී කතා කියා ඇහුවා ලන්දේසීන් වෙල්ලාලයන් ගෙනා බවට මට ඇති සාක්‍ෂි මොනවා කියා. සටහන තර්කයක් කියා ඇසූ අයත් හිටියා. සිංහල බෞද්ධ පවුල්වල උපත ලැබූ අය මෙතරම් ප්‍රබුද්ධ සිංහල බෞද්ධ විරෝධීන් වුණේ කොහාමද යන ප්‍රශ්නය නැවතත් මගේ හිතට නැගුණා.

 

ඊයේ පුරාවිද්‍යා උරුම සංවිධානය මගින් සංවිධානය කෙරුණු දේශනයේ දී ශූන්‍යය සඳහා සංකේතයක් සකස් කෙළේ සිංහල බෞද්ධයන් බව මා ප්‍රකාශ කළා. මට ලැබී ඇති තොරතුරු අනුව සංකේත අඩංගු ගඩොල් මා දැක නැහැ. එහෙත් ගඩොල් හිතළු නො වෙයි. එහි දී නැගුණූ ප්‍රශ්නයක් වුණෙ සංකේතය සකස් කිරීමේ සංස්කාරකත්වය බෞද්ධයන්ට නොදී සිංහල බෞද්ධයන්ට දෙන්නේ ඇයි කියා.

 

හල් කිරීම කොඩියක් වැනි සලකුණකින් සංකේතවත් කරන්නේ සිංහල හෝඩියේ බවයි මගේ වැටහීම.  මා දන්නෙ නැහැ වෙනත් බෞද්ධ රටක හෝඩියේත් එසේ කොඩිය වැනි සලකුණකින් හල් කිරීම සංකේතවත් කරනවා කියා. සංකේත දකින්න ලැබුණෙ සීගිරියේ. සීගිරියට ගඩොල් ගෙනැත් තියෙන්නේ අසල පිහිටි මැණික්දෙන පන්සලෙන්. වෙනත් බෞද්ධ රටකින් නො වෙයි.

 

අපට ප්‍රශ්නයක් තියෙනවා. ශාස්ත්‍රිය වශයෙන් අප පස්වැනි සියවසෙන් පමණ පසු කිසිවක් සකස්කර නැහැ. අපට හිතන්න බැහැ. අපට හිතන්න දෙන්නේ නැහැ. අප ලබා ඇති අධ්‍යාපනය විසින් හිතීම මොට කෙරෙනවා. අප හැම දෙයක් ඉන්දියාවට හරි එංගලන්තයට හරි ඇමරිකාවට හරි පවරන්න සූදානම්. අපට දරුණු හීනමානයක් ඇති කර අපේ කොන්ද කඩලා.  ඇතැමුන් උත්සාහ ගන්නේ සංස්කෘත ග්‍රන්ථවල ඇති දේ සත්‍ය කියා පෙන්වන්න. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියා කියන්නේ බුදුහාමුදුරුවන් සියල්ල බොරු බව දේශනා කර ඇති අර්ථයෙන් මිස භාරතීය කතා ඇත්ත කියන අර්ථයකින් නො වෙයි.

 

හතරවැනි සියවසෙන් පමණ පසු සංඛ්‍යා ලිවීමට ඉලක්කම් යොදා ගෙන නැත්නම් ඉන් පසු ඉලක්කම්වලින් සංඛ්‍යා ලිවීම ජ්‍යොතිෂයට පමණක් සීමා කෙරී ඇත්නම් නිසා අපේ ඉලක්කම් ලිත් ඉලක්කම් ලෙස හැඳින්වෙන්නේ නම් එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇතැමුන් ඉන්දියාවට හරි භාරතයට හරි දඹදිවට හරි විරුද්ධ නමුත් යක්‍ෂ කතාවේ දී කියන්නේ අප දඹදිවින් පැමිණි පිරිසකගෙන් පැවත එන්නන් කියා. සමහරු හිතන්නේ විජය ලංකාවේ රජ වූ බව. එහෙත් විජය කියන්නේ ප්‍රාදේශීය රජකු පමණයි. මොකද කුවේණිය මුලූ ලංකාවේ රැජන වුණා ? අප පසුව සංස්කෘතික රටක් ලෙස ජාතියක් ලෙස එකතු කෙරිලා.

 

මා සති දෙකකට පමණ පෙර පළ කළ කොටස ඊනියා තර්කයක් නො වෙයි. එය වාර්තාවක්. මෙරට දෙමළ ජනවර්ගය බොරු ඉතිහාසයක් මවමින් නිජභූමි ඉල්ලනවා. බටහිර රටවලට යන අය රටවල සංස්කෘතිය ව්‍යවසථාව (එංගලන්තයේ නම් සම්ප්‍රදාය) පිළිගනිමින් ජීවත් වෙනවා. එසේ නොකළොත් ඔවුන්ට ආපසු යන්න කියනවා. අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. මෙරට ඕනෑම අයකුට සිංහල බෞද්ධ උරුමයට විරුද්ධ වෙන්න  පුළුවන් විතරක් නෙවෙයි තමන්ගෙ බොරු උරුමයක් හදා ගෙන ඊනියා නිජභූමි කතා ගොතන්නත් පුළුවන්.

 

බොරු උරුම කතා ගෙතීමට එක් හේතුවක් වී ඇත්තේ වංසකතාවල විජයට පෙර මෙරට සිටි මිනිසුන් ගැන සඳහන් නො කිරීම. ප්‍රාග් සිංහලයන් අමනුෂ්‍යයන් ලෙස හංවඩු ගසා පැත්තකට දැමූ විට ඔවුන් දෙමළ කියා කීමට දෙමළ ජාතිවාදීන්ට අවස්ථාව ලැබෙනවා. නැති උරුමකම් ගෙතීමට දෙමළ ජාතිවාදීන්ට ඉඩ ලැබෙනවා. අපට අපේ ශාස්ත්‍රීය උරුම නැති වීමටත් එය හේතුවක්. නකත් නිසා නක්‍ෂත්‍රය ඇති වුණා මිස අනෙක් පැත්තක් සිදු වී නැහැ. නකත් මෙරට විසූ නැවියන් වූ නාගයන්ගේ අභිසංස්කරණයක්. අස්විද රේවති ආදියෙහි සංස්කෘත කතාවක් නැහැ. නක්‍ෂත්‍ර යන්නට සංස්කෘතෙන් නිරුක්ති නැති බවයි කියැවෙන්නේ. මේ සියල්ලෙන් කියන්නේ සියලු දැනුම් සකස් කෙළේ සිංහලයන් කියන එක නො වෙයි.

 

අර වෙල්ලාල කතාව. ලන්දේසින් වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවටත් ගෙන ගියා. අර ජෙනීවාහි සිංහලයන්ට විරුද්ධ වූ පිල්ලෙ නෝනා දකුණු අප්‍රිකාවෙ වෙල්ලාල කුලයෙ.  ඔවුන් ද්‍රවිඩ කුල ක්‍රමය අනුව ශූද්‍රයන්. ගොවින්. ලන්දේසි තෝම්බු කියෙවුවොත් (ඒවා පහුගිය කාලයේ විනාශ කෙරුණේ නැත්නම්) දැන ගන්න පුළුවන්. එහෙත් සියල්ලට වඩා වැදගත් සාක්‍ෂිය තේසවලාමේ නීතිය. ලන්දේසීන් නීතිය පනවා ඇත්තේ තමන් ගෙනා වෙල්ලාලයන් දුම්කොළ අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු දකුණු ඉන්දියාවට යෑම වැළැක්වීමට. ඉන් පසුවත් ඉංගිරිසින් දෙවැනි වරටත් තේසවලාමේ නීතිය පැනවූවා කරුණ සඳහා . වෙල්ලාලයන් දිනවල තැත්කළේ ආපසු තම නිජභූමියට යෑමට. වෙල්ලාල කුලය තවමත් ලංකාවෙ හා දකුණු අප්‍රිකාවෙ පවතිනවා. ඒකෙනුත් පේනවා ඔවුන්ට තරම් ඉතිහාසයක් නැති බව. සිංහලයන්ට බෙංගාලයට හරි ඔඩීස්සාවට හරි කේරළයට හරි නැගම් යන්න බැහැ. ඔවුන් සමහරකු ප්‍රදේශලින් පැමිණි අයගෙන් පැවත ආවත් කාලෙකට පෙර වීම නිසා.