Main Logo

Wednesday 5 April 2023

රනිල්ගේ ගමන

 


රනිල්ගේ ගමන

 

“අප යන්නේ මොන පාරේ සිංගප්පූරුව ගිය පාරෙ ඒකපාක්‍ෂික ප්‍රජාතන්ත්‍රවාදයක් පරගලයට දෙවි පිහිටයිමේ පාඨය දුටු ගමන් වමාලා කෝපයෙන් මුසපත් වන්නේ ඇයි කියා තේරුම් ගන්න පුළුවන්. අද වාම අදහස්වලින් වමාලා අනාථ කෙරිලාඔවුන්ට යන එන මං නැහැ. දුෂණ පනත ප්‍රතිතස්ත්‍ර පනත කම්කරු නීති පනත පුද්ගලිකකරණය ජාමුල කොන්දේසි නීතිගත කිරීම ආදියෙන් වෙන්නෙ මොකක් කියන හිතා ගන්න කේන්දර බලන්න ඕන නැහැ. ඉතා පැහැදිලිව අප සීගිරි නොවෙයි සිංගප්පූරු යනවා.

 

කලක් කියන්නෙ ඉංගිරිසින් මෙරට පාලනය කළ කාලෙ ලංකාව ආසියාවෙ ආදර්ශ රට වුණා. කොළඹ උද්‍යාන නගරය ලෙස හැඳින්වුණා. ඒත් සියල්ල වෙනස් වුණා. එකල සිංගප්පූරුවෙ  ලී ක්වාන් යූ වැන්නන්ට ඕන වුණෙ තම රට ලංකාවක් බවට  පත් කරන්න. කලක් මුඩුක්කු වැනි ප්‍රදේශ හඳුන්වනු ලැබුයෙ කොරියාව ලෙස. අප ඉන්දියාවට හිනහවුණා. ඔවුන්ගෙ ඉංගිරිසි උච්චාරණයට ජාතික හැඟීම්වලට අප හිනහවුණා. ඒත් අද අපි බලන්නෙ ලංකාව සිංගප්පූරුවක් කොරියාවක් කරන්න. අප ඉන්දියාවට යට වෙලා. මේ ඉංගිරිසින්ට කඩේ යැමක් නොවන බව බුද්ධිමතුන්ට කියන්න ඕන.

 

මෙරට ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව හොරකම නො වෙයි. අපේ අධිපරිභෝජනය බොරු ෂෝක් බොරු උගත්කම් වගේ බොරු සමාජවාදය ගැනත් මා කියා ඇති. අප අශ්වයන් දෙදෙනකු පිට එකවර යන්න හැදුවා. අපට එක් අශ්වයකුවත් හරි යන්නෙ නැහැ. ආයෝජන මණ්ඩලය ඇති කරල දශක ගණනාවක් වුණත් ආයෝජකයන් ආවෙ නැහැ. කම්කරු නීතිත් එයට බලපෑවා. මෙරට කම්කරු නීති වැටුප් අනුව ආයෝජකයන් වෙනත් රටවලට ගියා.

 

අර පාඨය දුටු විට විවිධ අය විවිධ ආකාරයෙන් තේරුම් ගත්තා. වමාලා හිතුවෙ මා අධිරාජ්‍යවාදයට ධනවාදයට පක්‍ෂවෙලා කියලා. ලිබරලුන් හිතුවෙ මා තවමත් වමේ කියලා. ඇතැම් පඬි නැට්ටන් හිතුවෙ මා බහුපාක්‍ෂික ප්‍රජාතන්ත්‍රවාදයකට අවතීර්ණ වෙලා කියලා. සමහරු ඒක චතුස්කෝටිකේ කියලත් ඇහුවා. මගේ වයස ගැන මතක් කරල මොළේ වැඩ කරන්නෙ නෑති බව කිවුවා. එකක්වත් කියා ගන්න බැරි අය කුණුහරුපෙන් බැණ වැදුණා. මා කියන දේ අනුමත කරන අයට වඩා එයට  විරූද්ධ අය උගතුන් බුද්ධිමතුන් අතර වැඩි බව මා දන්නවා. ඔවුන්ගෙන් ඇතැමකු මට ලැබුණූ නිදහස් අධ්‍යාපනය ගැන කම්පා වුණා මුදල් අපතේ යැවීමක් කියා.

 

කොහොම වෙතත් සිංගප්පූරුවේ ඇත්තේ ඒකපාක්‍ෂික ප්‍රජාතන්ත්‍රවාදයක්. ඔය බහුපාක්‍ෂික ප්‍රජාතන්ත්‍රවදය බොරුවක් ප්‍රොඩාවක් බව මා කියා ඇති. මට ගැන ඇති ඇල්මක් නැහැ. සිංගප්පුරුව ඔය කියන දියුණුව අත් කර ගත්තෙ එවැනි ප්‍රජාතන්ත්‍රවාදයකින් නො වෙයි. සිංගප්පූරුව කියන්නෙ නගරයක්. එහි සංස්කෘතියක් නැහැ කියා මා කියන්නෙ නැහැ. එහි ප්‍රධාන සංස්කෘතිය චීන. ඔවුන් මැලේ සංස්කෘතියට අකමෑති ඔවුන්ගේ රටක් නිර්මාණය කර ගත්තා. එහි කම්කරු නීති හදල ඇත්තෙ ආයෝජකයන්ගෙ පැත්තෙන්.

 

ප්‍රතිත්‍රස්ත පනත ගේන්නෙ පරගල කරන්න පහසුකම් ඇති කරන්න නො වෙයි. කාදිනල්තුමාට නැවත ගාලු මුවදොර හුළං රැල්ලක සුව විඳින්න ලැබෙන එකක් නැහැ. කම්කරු නීති ගෙනාවට පස්සෙ වෘත්තීය සමිති ව්‍යාපාරයට බිංදුව. සීගිරි බිංදුව නො වෙයි. ජාමුල බිංදුව. කම්කරු පංතියක් කියා එකක් කිසි දා කිසි රටක තිබුණෙ නැහැ. මින් පසු  මෙරට කම්කරු සමිති මරණාධාර සමිති වෙනවා. ඉතා කෙටියෙන් කියනවා නම් අප බටහිර යුරෝපයේවත් නැති අන්දමේ ධනවාදී රටක් බවට පත් වෙන්න යනවා.

 

රනිල් මිනිසුන්ට කන්න බොන්න ටිකක් ලබා දේවි. මිනිසුන් ඔහුගෙ පැත්තට හැරෙන තුරු ඔහු ඡන්ද පවත්වන්නෙ නැහැ. පොහොට්ටුව පිපෙන්න පෙර පරවෙලා. අර පරණ දුරකථනය වැඩක් නැහැ. රනිල් ස්මාට් ෆෝන් ගැන කියාවි. ඩිජිටල් කතා කියාවි. තවත් කතා කියාවි. බහුතරයක් මන්ත්‍රීවරු අවසානයේ දී එක්සත් ජාතික පක්‍ෂයට හේත්තු වේවි.

 

දැන් අහන්න පුළුවන් මා තාම රාජපක්‍ෂලාට කඩේ යනව ? එහෙම නෑත්නම් රාජපක්‍ෂලාට කඩේ යන එක නවත්තලා රනිල්ට කඩේ යනවා ? වගේ වැදගත් ප්‍රශ්න. මා කඩේ යන්නෙත් ගියෙත් රට ජාතිය සමයට පමණයි. අප වමක් ගැනවත් දකුණක් ගැනවත් බලාපොරොත්තු තියා ගෙන නැහැ. අප කතා කෙළෙ ජාතිකත්වය වෙනුවෙන්. ථෙරවාදී සංස්කෘතියක් එහෙමත් නැත්නම් ලංකාවෙ නම් සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන්. ගෝඨාභයට යම් ජාතිකත්වයක් තිබුණා. ඔහු ගෙදර ඇරියේ නිසයි.

 

සිංහල බෞද්ධ සංස්කෘතිය ධනවාදයටවත් ඊනියා සමාජවාදයටවත් කඩේ යන්නෙ නැහැ. රනිල් ථෙරවාදයට කඩේ යාවි ? අපට කරන්න බැරි වුණේ බටහිර සංස්කෘතිය (දැනුම ඇතුළුව) සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කිරීම. බටහිර දැනුම් ආධිපත්‍යයට යට නොවී දැනුම අවශෝෂණය කර ගන්නෙ කොහොම ? අප රටේ ප්‍රධාන ප්‍රශ්නය මෙරට බෞද්ධයන් නැති කම. බුදුහාමුදුරුවන් දේශනා කළේ සියල්ල මායාවන් බොරු කියා. මම කියා කෙනකුවත් නැත මම කියන්නෙ බොරුවක් කියා. සියල්ල බොරු වෙන විට බටහිර විද්‍යාව බොරු නොවී තියේවි ? එහෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන විට වමාලා දකුණලා විතරක් නොවෙයි ඇතැම් හාමුදුරුවරුත් විරුද්ධ වෙනවා. විශ්වවිද්‍යාල සංහතිය විරුද්ධ වෙනවා.

 

අද වන විට ඊනියා පශ්චාත්නූතනවාදය නූතන්තවයේ දිය වෙලා. සංකල්ප හොඳයි අර බොරු උගත්කම පෙන්නන්න. අද බොහෝ දෙනා අනෙකා හා කියවීම ගැන කියවනවා. මට මගේ අදහස් ප්‍රකාශ කරන්න කිසිම පශ්චාත්නූතනවදී සංකල්පයක් අවශ්‍ය නැහැ. මනෝ විශ්ලේෂණයත් මාක්ස්වාදයත් ජ්‍යොතිෂයත් විද්‍යා නොවෙයි කිවුවෙ තවත් කාල් කෙනෙක්. කාල් පොපර්. ජ්‍යොතිෂය විද්‍යාවක් බව පෙන්වීමට කිසිවකු මහන්සි වෙන්න ඕන නැහැඒක විිද්‍යාවක් නොවෙයි දැනුමක්. බටහිර විද්‍යාව තවම දන්නෙ නැහැ භ්‍රමණ චලිතය  (කැරකැවීමරේඛීය චලිතයෙන් වෙනස් වෙන්නෙ කෙහොමද කියල. ජ්‍යොතිෂය ඒක දන්නවා. හෙට අනිද්දා සූර්යයා කැරකිලා නැවතත් මේෂ රාශියට එනවා. එතන භ්‍රමණ කතාව තියෙනවා. පස්සෙ දවසක කියන්නම්. ඔළුව කැරකුනු මහල්ලකු එන්න එන්න විකාර කියවනවා කියල බුද්ධිමත් තරුණයන් කියාවි

 

රනිල්ගෙ බමරෙ වැල්ලෙ ගැහුවත් කැරකෙනවලු. මා දන්නෙ නැහැ. රනිල් දන්නෙ ජාමූලෙ කියන දේ කරන්න. ඔහු ථෙරවාදයෙ  කියන දෙයක් දන්නෙ නැහැ. ඒක ඉගෙන ගන්න රනිල් අනුරාධපුරයට යන්න ඕන. බරකරත්තෙන් නො වෙයි. රනිල් හදන්නෙ අර අශ්වයන්ගෙන් එකකු පිටේ යන්න. ඒත් අනුරාධපුරයට යන්න බැහැ