බිිංදුව ගැන තව බිිංදුවක්
නවසීලන්තයේ වෙසෙන මගේ මිතුරකු වන සරත් මල්ලියාවඩු මට ඡායාරුපයක් එවා තිබුණා. එය 2017 ජනවාරියේ "The Cambodia Daily" පුවත්පතේ පළවූ ඡායාරුපයක්. එය ගණිතඥයකු වූ අමීර් ඇක්සල් සුප්‍රසිද්ධ පළමු ශුන්‍යය සඳහන් සෙල්ලිපිය සමග ගත් ඡායාරූපයක්. මේ සමග ඒ ඡායාරුපය පළ කරනවා. ඔහු ගැන මා කලින් ලියා ඇති. එහෙත් එහි කෙටි විස්තරයක් නැවත ලියන්නේ එහි වැදගත් කම නිසාත් කිසිවකු ඒ ලිපි නැවත කියවාවි යැයි සිතිය නොහැකි නිසාත්. මා අදාළ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියේ පළමු ඡෙද දෙකත් මෙහි පළ කරනවා. කාම්බෝජ වැසියන්ට එය කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි වේවි.
Fulfilling a dying dream of
mathematician Amir Aczel, an exhibition is set to open this month at the
National Museum displaying an inscription in Old Khmer containing the very
first use of the number “0” discovered in the world.
Dating back to the year 683
and labeled K-127, the inscription was documented in 1931 by French scholar
George Coedes and brought again into the limelight two yrs ago when Amir Aczel
wrote about it in a magazine article and then later in the book “Finding Zero.”
ශුන්‍යය සඳහා සංකේතයක් ලිවීම පමණක් නොව එය සංඛ්‍යාවක් ලෙස සැලකීම ද බෞද්ධයන්ගේ වැඩක් බව මා කොළඹ විශ්වවිද්‍යාලයේ
ගණිතය හැරෙන්න වෙනත් දේ ගැන කියන කාලයේ සිට ම මගේ හිතේ හොල්මන් කළ අදහසක්. 2019 මැයි මාසයේ දි බෞද්ධයන්ට බිංදුවත් නැහැ යනුවෙන් මා ලියූ ලිපියක් කියවා ඩේලි මිරර් පුවත්පතේ කේසර අබේවර්ධන මට ඇක්සල්ගේ පොත ගැන සඳහන් සඳහන් කරමින් ලිපියක් එවා තිබුණා. මා ඒ මත පදනම් ව ලියූ ලිපියකින් පසු තමලු පියදිගම මට හර්ෂ විජේවර්ධන ගැන කියා තිබුණා. එහි හල් කිරීමේ කතාව දුටු ගමන් මා සිතට ආවේ මෙය සිංහල බෞද්ධයන්ගෙ වැඩක් කියා. හල් අකුරුවල ශබ්දයක් තියෙනවා ඒ වගේ ම නැහැ. ශුන්‍යය යන සංඛ්‍යාවට අගයක් තියෙනවා ඒ වගේ ම නැහැ. ශූන්‍යය සංකේතයක් (ඉලක්කමක්) ලෙස පමණක් නොව සංඛ්‍යාවක් ලෙස ලියන්න චතුස්කෝටික න්‍යාය හා ශුන්‍යතාව ගැන දැනුමක් තියෙන්න ඕන. මෙවර මා බිංදුව ගැන ලියන විට පඬි නැට්ටන් ඉදිරිපත් වී අර සංස්කෘතියෙ මේ
සංස්කෘතියෙ ශුන්‍යය සඳහා සංකේතයක් තියනවා කිවුවට ඔවුන් දැන ගෙන හිටියෙ නැහැ සංකේතයක් ඉලක්කමක් හා සංඛ්‍යාවක් අතර තියෙන වෙනස්කම ගැනවත් ඉලක්කමක ස්ථානීය අගය පිළිබඳවවත්. සිංහල බෞද්ධ විරෝධී ඔවුන්ට අවශ්‍ය සිංහලයන්ට බිංදුව උරුම කිරීමටයි.
කෙසේ
වෙතත් මේ තොරතුරු දැනගත් මාත් භාර්යාවත් පුතකුත් පසුව 2019 දෙසැම්බරයේ කාම්බෝජයට ගිය අවස්ථාවේ කාම්බෝජ ජාතික කෞතුකාගාරයේ ඒ සෙල්ලිපිය දැක බලාගත්තා. එතැන දී ගත් ඡායාරූපයක් ද මේ සමග පළ කරනවා. මට ඇති වූයේ ඉමහත් ප්‍රීතියක්. මේ අප ලෝකයට දායාද කර දුන් ප්‍රධාන ම දැනුම යන්න මගේ සිතේ තිබුණා. මෙරට
පඬි නැට්ටන්ට එහෙම
වුණෙ නැහැ. මා බිංදුව ගැන ලියූ ලිපිි කිසිවක් කිසිවකු සතපහකට ගණන් ගත්තේ නැහැ. මේ තවත් මිථ්‍යාවක් කියා ඔවුන් සිතන්න ඇති.
සෙඩෙස් මේ සෙල්ලිපිය දැක තිබුණේ 1931 දී මීකොං මිටියාවතේ පංසලක. ඔහු ඉන්පසු සුමාත්‍රාවේත් තවත් බිංදුවක් දැක තිබුණා. සුමාත්‍රාවේ බුදුදහම හත්වැනි සියවසේ සිට දහහතරවැනි සියවස පමණ දක්වා තිබුණා. එහි බිංදුව ක්‍රි ව 684 ලියූ එකක්. බිංදුව බෞද්ධයන්ට පමණක් සකස්කර ගන්න පුළුවන් එකක් සහ බෞද්ධයන්ට පමණක් තේරෙන එකක්. අදත් බටහිරයන්ට හරියට බිංදුව තේරෙන්නෙ නැහැ. අද සිංහලයන්ට නම් මෙලෝ හසරක් තේරෙන්නෙ නැහැ.
ඇක්සල් මේ තොරතුරු ඔස්සේ බිංදුව හොයන්න තායිලන්තයට කාම්බෝජයට ලාඕසයට ගොස් තියෙනවා. ඔහු චතුස්කෝටිකය ගැන දැන ගන්න ලාඕසයට ගිහින් තියෙනවා. ලංකාවට ඇවිත් නැහැ. සිංහල බෞද්ධ විරෝධීන්ගේ බුද්ධිමය ආධිපත්‍යයක් ඇති රටකට අහවල් දේකට කියා එන්න ද? ඇක්සල් අවසානයේ දී කාම්බෝජයේ සියම් රීප් කෞතුකාගාරයේ මේ සෙල්ලිපිය දැක තියෙනවා. ඔහුගේ යෝජනාවකින් තමයි එය කාම්බෝජ ජාතික කෞතුකාගාරයට ගෙනැවිත් තියෙනනෙ.
සියම් රීප් යන්නෙහි තේරුම සියම්
ජයග්‍රහණය කියන එක. සියම් හා ක්මර් ජනවර්ග අතර තිබූ යුද්ධයකින් ක්මර්වරු ජයගත් නිසා ඒ ප්‍රදේශය එසේ නම් කර තියෙනවා. එහි තමයි සුප්‍රසිද්ධ ඇන්කොර් වට් නැත්නම් විහාරස්ථානය තියෙන්නෙ. එය කලින් හින්දු කෝවිලක්. පසුව පන්සලක් වෙලා. ලෝකයේ ඇති විශාලතම ආගමික සිද්ධස්ථානය ඒ බවට මතයක් තියෙනවා. අපි කාම්බෝජයේ දී වැවු ද දැක ගත්තා. අනුරාධපුරයේ කබොජ කියා ජනවර්ගයක් හිටි බව මහාවංසයේ කියැවෙනවා. ලංකාව හා කාම්බෝජය අතර ඓතිහාසික සම්බන්ධකම් හොයන්න පුළුවන් නම් හොඳයි. එපමණක් නොව ශ්‍රී විජය රාජ්‍යය (ඉන්දුනීසියාව හා අවට) හා ලංකාව අතර සම්බන්ධකම් ද තිබී තියෙනවා. මට ගුරුළා හා සීගිරිය සිහි වෙනවා.
බිංදුව නැත්නම් ශුන්‍යය සංඛ්‍යාව අනෙක් සංඛ්‍යා වගේ නො වෙයි. බටහිරයන් මෑතක් වන තුරු එය පිළිගත්තේ නැහැ. ෆිබනෝචිට එය සංකේතයක් පමණක් වුණා. ඝනජ සමීකරණය විසඳූ කාඩන් බිංදුව යොදා ගත්තෙ නැහැ. බටහිරයන් බිංදුවට කිවුවෙ යක්‍ෂයාගෙ ඉලක්කම කියා. ඒ අපේ මූල සිංහලයන් ගැන දැන ගෙන නො වෙයි. ඔවුන් ඇසූ ප්‍රශ්නය අගයක් නැත්නම් සංඛ්‍යාවක් මොකට ද යන්න. මොකක්වත් නැත්නම් මොකක්වත් මොකට ද?
බිංදුව වෙන ම සත්භාවයක (ontology) සකස්වුණු සංකේතයක්. චතුස්කෝටිකය ඒ සත්භාවයේ න්‍යාය. බටහිරයන්ට අදත් බිංදුව තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සංඛ්‍යාවක් දෙවරක් එකතු කළවිට ලැබෙන්නෙ වෙනත් සංඛ්‍යාවක්. 2+2=4. එහෙත්
0+0=0. බිංදුව කී සැරයක් එකතු කළත් බිංදුවමයි. මොන සංඛ්‍යාව බිංදුවෙන් වැඩි කළත් උත්තරය බිංදුවයි. 5X 0 =0, 500 X 0 =0. බටහිරයන් බිංදුව බිංදුවෙන් බෙදන්නෙ නැහැ. බිංදුව බිංදුවෙන් බෙදුව ම නිශ්චිත සංඛ්‍යාවක් ලැබෙන්නෙ නැති නිසා. ඒ ඇරිස්ටෝටලීය න්‍යායෙ ප්‍රශ්න. ඒත් අවකලනය කරනවා සීමාව කියා සංකල්පයක් හදා ගෙන. ස්පර්ශක අඳිනවා. ජ්‍යායක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. එක විට ක්වොන්ටම් අවස්ථා අනන්තයක් පවතිනවා කියනවා.
චතුස්කොටික න්‍යාය වලංගු සත්භාවයක ඒව තේරුම් ගන්න පුළුවන්. සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුව ම ඒකත් වෙනවා අනෙකත් වෙනවා. බිංදුවෙන් වැඩි කරාම ඒකත් නොවෙයි. වෙන එකකුත් නො වෙයි. ඔහොම තමයි කතාව.
මට
ගෝඨාභය රාජපක්‍ෂ දවසක් කතා කරල ආණ්ඩුකාරකමක් ගන්නවා ද කියල ඇහුව ම මා කිවුව බැගැ කියල. ඊට පස්සෙ තානාපති කමක් කරනවා ද කියල ඇහුව ම මා කිවුව ථෙරවාද රටක නම් කරන්නන් කියල. ථෙරවාදී රටවල් සමග තානාපති සම්බන්ධකම් තියෙන්නෙ තායිලන්තෙ හා මියන්මාහි පමණයි. තායිලන්තෙ තානාපතිනියක් හිටිය. මට මියන්මා ලැබුණා. මා ගෝඨාභය රාජපක්‍ෂ මුණ ගැසුණු වෙලාවෙ කිවුවෙ අපි ථෙරවාද රටවල් එකතු කරන්න ඕන කියල.
ඔහු ගත් කටට ම කිවුවෙ ලංකාව මධ්‍යස්ථානය කියල. රනිල්ට පුළුවන් ද ඒක කරන්න?
මා
මියන්මා ගියෙ කොවිඩ් අස්සෙ. මට එතරම් දෙයක් කරන්න බැරි වුණා. මා තායිලන්ත තානාපතිනිය කාම්බෝජ තානාපතිතුමා හා ලාඕස තානාපතිතුමා නම් මුණ ගැසුණා. මටත් භාර්යාවටත් කොවිඩ් හැදුණා. මා මරණයේ එළිපත්ත පාගලයි ආවෙ. මට මරු විකාරෙන් ඇරිස්ටෝටල් හමු වුණා. ඔහු තමයි ලෝකය ද්විකෝටිකයට යොමු කළ ප්‍රධානියා. මා ආපසු ලංකාවට ආවා. අපට චතුස්කෝටිකය මත පදනම් වෙලා මොනව හරි කරන්න පුළුවන්. ඒත් මෙරට පඬි රජ දහනක්.