රට රටවල අවුරුදු
මෙය තරමක දීර්ඝ ලිපියක්. එහි ඇත්තේ මා කලින් අවුරුදුවල ලියූ ලිපිවල කොටස්. එහි මේ අවුරුද්ද යනුවෙන් සඳහන් වන්නේ ලිපිය ලියා ඇති අවුරුද්ද මිස 2023 නො වෙයි. ඒ සමග ඊයේ (12 වැනි දා) හින්දුස්ථානි ටයිම්ස් පුවත්පතේ කේරළයේ විෂූ ගැන පළවූ ලිපියක් ද උපුටා දක්වනවා. විෂූ යන්නෙන් සමාන යන අරුතක් ගෙන දෙන බව කියනවා. ඒ කියන්නේ දවල් රෑ කාලය වශයෙන් සමාන කියන එක.
එක් ලිපියක ඇති කේරළයේ අලුත් අවුරුද්ද ලබන්නේ
අගෝස්තුවේ කියා. මා ඒ බව කොහේ හරි කියවා තිබුණා. ඉන්දියාවෙ සමහර පළාත්වල අවුරුද්ද ලබන්නෙ
අගෝස්තු 18 19 දිනවල. හින්දුස්ථානි ටයිම්ස්
පුවත්පතට අනුව නම් කේරළයේත් අවුරුද්ද විෂු. ඒ එසේ වෙන්න පුළුවන්. එහෙම නම් කතාව වඩාත්
සංගතයි. පුවත්පතට අනුව 2013 විෂු පැවැත්වෙන්නේ අප්‍රේල් 15 වැනි දා. පොඩි පොඩි වෙනස්කම්
තිබුණත් මේ රටවල අවුරුද්ද ලබන්නේ එක ම වකවානුවේ.හින්දුස්ථාන ටයිම්ස් පුවත්පතට අනුව
රාම, රාවණ මරා දැමූ දවසට පසු දා තමයි විෂූ ලබන්නෙ. රාවණ සූර්යයාට පායන්න දෙන්නෙ නැතුව හිටිය කියනවා.
එහෙම තමයි රාවණ අන්ධකාරයට අධිපති බව කියන්න ඇත්තෙ. ඒ කොහොම වෙතත් අපේ අවුරූදු උත්තර
භාරතීය සංස්කෘතික ආධිපත්‍යයකට යට කෙරිලා බව
පේනවා.
මට කියන්න අවශ්‍ය අපේ අවුරුද්ද නැකැත් කෙළියක්
බවත් කියන එක. අද කොහොම වෙතත් එකල පරණ අවුරුද්දට හඳ බැලීමේ සිට හිස තෙල් ගා නාන දවස
හරහා අලුත් අවුරුද්දට හඳ බැලීම දක්වා අවුරුදු නැකැත් කෙළිය තියෙන්න ඇති. අද මියන්මා
තායිලන්ත වැනි රවවල අවුරුද්ද කියන්නෙ වැඩි පුර වතුර නාවන දවස.
දේවානම්පිය තිස්ස රජු මුව දඩයමේ ගියෙ මුවසිරස
නැකැත් කෙළියට කියා කවුදෝ ලියා තිබුණා. එමෙන් ම අස්ලිස නැකැත් කෙළියෙ කොටසක් වෙන්න
ඕන නුවර පෙරහැර. එයට ඇසළ පෙරහැර කිවුවට එය පැවැත්වෙන්න නිකිණි පෝයට අස්ලිස නැකතෙ. මා
හිතන්නෙ එ ඇසළ පෙරහැර වෙලා තියෙන්නෙ ඇසළ මාසයේ පැවැත්වෙන නිසා නොව අස්ලිස නැකතෙ පැවැත්වෙන
නිසා කියල. අද (13) දේශනයේ තව විස්තර.
-----------------------------------------------------------------------------------
සිංහල අවුරුද්ද ගැන ප්‍රශ්න තියෙනවා. මා නැහැ කියන්නේ නැහැ. සමහර ප්‍රශ්න මා කලින් කල සාකච්ඡා කර තියෙනවා. බටහිර තාරකා විද්‍යාවට සාපේක්‍ෂව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන්නේ අද වගේ දවසක. ඒ කියන්නේ අප්රේල් දහඅටවැනිදා පමණ. එහෙමත් නැත්නම් අටළොස්වැනි දා. දෙවැනි දශකයෙහි සංඛ්‍යා එකොළොහ දොළහ ආදී වශයෙන් හැඳින්වෙන්නේ ඇයි. පහළොව, සොළොස ආදී වශයෙනුත් කියන්න පුළුවන්. ඒ කොහොම වුණත් අප අවුරුද්ද දහතුන දහහතර ලෙස ගන්නේ ඇයි.
සූර්යයා ක්‍රාන්ති වලයය (ecliptic) දිගේ ගමනේ උතුරට යන්නේ මාර්තු 21 වැනි දා. එක්තරා වකවානුවක සූර්යයා මීනයෙන් මේෂයට ගියෙත් මාර්තු 21. ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව මේෂ සංක්‍රාන්තිය අවුරුදු හැත්තෑතුනකට එක දවසක් පමණ ඉදිරියට යනවා. මාර්තු 21 සිට අප්රේල් 18 වැනි දාට දින 28ක් තියෙනවා. දින 28ක් ඉදිරියට යන්න දළ වශයෙන් අවුරුදු 2000ක් පමණ යනවා. සමහර විට ශක වර්ෂ ක්‍රමය ආරම්භ වුණෙ සූර්යයා මාර්තු 21 දින මේෂ රාශියට සංක්‍රමණය වූ දවස්වල වෙන්න පුළුවන්. මේ ගණිතය අමාරු නැහැ. කවුරු හරි ඒ ගණනය කරනවා නම් හොඳයි. විෂු කියන්නෙ සමාන කියන එක. මාර්තු 21 සූර්යයා උත්තරාර්ධයට යන දවස. එහි විවිධ සමානකම් තියෙනවා. විෂු ඇරඹිල තියෙන්නෙ ක්‍රිස්තු වර්ෂයෙන් 78 දි කියනවා. ඒ දිනවලත් අලුත් අවුරුද්දෙ සූර්යයා මීනයෙන් මේෂයට ගිහින් තියෙනවා.
විෂු වැඩිය තියෙන්නෙ කේරළයෙ. එහෙත් එහි අලුත් අවුරුද්ද විෂු නො වෙයි. සමහර පළාත්වල වුෂු අවුරුද්ද වුණත් මලයාලම් අවුරුද්ද ලබන්නෙ අගෝස්තුවෙ. මෙවර එය අගෝස්තු 19. එදින පටන් ගන්නෙ චින්ගම් මාසය. අවශ්‍ය නම් නිකිණි මාසය කියන්න පුළුවන්. එදින සුර්යයා කටකයෙන් සිංහයට යන දවස.
අප අප්රේල් 18 නැතිව මේ දවස්වල 13, 14 අවුරුද්ද සමරන්නෙ මොක ද? මේ ප්‍රශ්නයත් මා කලින් සාකච්ඡා කරල තියෙනවා. හෙළයන් තමයි නැකැත් (නකත්) පටන් ගත්තෙ. එය නක්‍ෂත්‍ර කියන සංස්කෘත වචනයෙන් බිඳුණු එකක් නොවෙයි. නක්‍ෂත්‍ර, නකත්වල සංස්කෘතකරණය. නක්‍ෂත්‍ර කියන එකට සංස්කෘතයෙන් නිරුක්ති නැහැ. මූලාශ්‍ර අවශ්‍ය නම් සංස්කෘත උගතකුගෙන් අහන්න.
සිංහල ක්‍රමය අනුව අවුරුද්ද පටන් ගන්නෙ රේවති නැකතෙන් අස්විද නැකතට සූර්යයා යන දවසෙ කියන එකයි මගේ හිතළුව. පඬියන්ට තියෙන්නෙ වෙන අයගෙ හිතළු. අස්විද නැකත පටන් ගන්නෙ මේෂ රාශිය පටන් ගන්න තැන නො වෙයි. මේෂය පටන් ගන්නෙ අස්විද නැකතෙ දෙවැනි පාදයෙ විතර. සූර්යයා අස්විද නැකතට අප්රේල් දහතුන දහහතර යනවා. අහස නැකැත් 27කටත් රාශි දොළහකටත් බෙදල තියෙන්නෙ. අහස නකත් විසිහතකට බෙදුවෙ හෙළයන්. නක නාගයන්ට සම්බන්ධයන්. ඔවුන් වෙළෙන්දන්. ඔවුන්ට නාවික කටයුතු සඳහා අහස අවශ්‍ය වුණා. දැන් කියන්න නාග කියන්නෙ දෙමළ කියල. ඇසෑමෙයේත් නාගයන් ඉන්න බව අමතක කරන්න එපා. ඔවුනුත් දෙමළ ද?
එක නකතක් පාද හතරකට බෙදල තියෙනවා. ඒ කියන්නෙ අහස පාද වශයෙන් ගත්තොත් එකසිය අටකට බෙදල තියෙනවා. මේ දොළහෙ ගුණාකාරයක්. සිංහල සංඛ්‍යාවල පදනම 12. මූලාශ්‍ර අවශ්‍ය නම් මාලදිවයිනට යන්න. එහෙ එකල හිටියෙ සිංහලයන්.
සූර්යයාට පාද එකසිය අටක් යන්න දින 365ක් යනව නම් දින හතරකදි පාද කීයකින් යනව ද? දළ වශයෙන් පාද එකක් හා ටිකක්. මා විශ්වාස කරන්නේ මේෂ රාශියෙ ආරම්භය අස්විද නැකතෙ දෙවැනි පාදයෙ තියෙනවා කියලා. අප්රේල් 18වැනි දා සූර්යයා අස්විද නකතෙ දෙවැනි පාදයෙ. සූර්යයා අස්විද නකතට යන්නෙ අප්රේල් 13 14 දවස්වල. අප සිංහල අවුරුද්ද ගන්නෙ සූර්යයා අස්විද නකතට යන විට. අර බැබිලෝනියාවෙන් ලැබුණු රාශි අපේ නකත් සමග එකතු කරන්න ගිහින් පටලැවිල්ලක් නිසා අප සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන කතා කරනවා. මේ මගේ හිතළුව. මෙහි ගණනය දළ වශයෙන්. පඬියකු නොවන කාට හරි ඒ ගණනය ශුද්ධ කරන්න පුළුවන්. පඬියන්ට වාටියෙ ඉඳිමින් අනුන්ගෙ ගීත ගයන්න හරි කියන්න හරි පුළුවන්.
අද ද්‍රවිඩ දේශය යැයි හැඳින්වෙන ප්‍රාන්තවල අලුත් අවුරුද්ද එකම දිනයක ඇරඹෙන්නේ ද යන ප්‍රශ්නය සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්දක් ගැන කියන අයගෙන් ඇසුවහොත් ඔවුන් අමාරුවේ වැටෙනවා. එයට හේතුව ආන්ද්‍ර ප්‍රදේශය, කර්ණාටක හා තෙළඟනා ප්‍රාන්තවල එක් දිනයකත් තමිල් නාඩුවේ හා කේරළයේ තවත් දිනයකත් අලුත් අවුරුද්ද ඇරඹීම. ආන්ද්‍ර ප්‍රදේශය වැනි ප්‍රාන්තවල අලුත් අවුරුද්ද යුගාදි යනුවෙන් හැඳින්වෙයි. යුගාදි යන්නෙහි තේරුම යුගය (වසර) ඇරඹීම යන්න ය. එය යුග ආදි(මුල) වචනවලින් සකස් වී ඇත. මේ යුගාදි අවුරුද්ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි ද එදින ම හෝ ආසන්නයේ හෝ පැවැත්වෙයි.
යුගාදි චන්ද්‍ර වර්ෂ මත පදනම් වෙයි. එය සූර්ය වර්ෂවලට (බටහිර දින දර්ශනයට) සාපේක්‍ෂව වසරින් වසර වෙනස් වෙයි. මේ වසරේ ආන්ද්‍ර ප්‍රදේශය වැනි ප්‍රාන්තවල එය මාර්තු 29 වැනි දා පැවැත්වුණා. මහාරාෂ්ට්‍රයේ එය පැවැත්වුණේ මාර්තු 28 වැනි දා. කොළඹ කිසිවකු යුගාදි උත්සවය පැවැත් වී නම් එය ද මාර්තු 28 වැනි දින සිදු කරන්නට ඇති. 2016 දී කොළඹ යුගාදි උත්සවය මාර්තු 8 වැනි දාට යෙදී තිබුණා. ලබන වසරේ 2018 දී එය කොළඹ පැවැත්වෙනු ඇත්තේ මාර්තු 18 වැනි දින ය. සිංහල ද්‍රවිඩ අලුත් අවුරුදු පවත්වන අයට එය ප්‍රශ්නයක් වනු ඇත. කෙසේ වෙතත් මේ වසරේ දී, 2017 දී, යුගාදි උත්සවය පැවැත්වීමට තිබුණේ මාර්තු 28 වැනි දින ය. තරමක් පමා වී වුවත් අවශ්‍ය නම් ප්‍රබුද්ධයකුට අද එය පැවැත්විය හැකියි.
යුගාදි දිනය එලෙස වෙනස් වන්නේ චන්ද්‍ර මාස හා සූර්ය මාස අතර ඇති පරස්පර හේතුකොට ගෙනයි. අපේ වෙසක් දිනය ද සූර්ය දින දර්ශනයට සාපේක්‍ෂ ව එසේ වෙනස් වෙනවා. යුගාදි, වෙසක් ආදිය චන්ද්‍ර වර්ෂය මත ම පදනම් වෙනවා. ආන්ද්‍ර ප්‍රදේශ ආදී ප්‍රාන්ත යුගාදි දිනය අලුත් අවුරුද්ද ලෙස සලකන්නේ අහසෙහි (ඛගෝලයෙහි) චෛත්‍ර නම් තාරකාවට ප්‍රතිවිරුද්ධ ලක්‍ෂ්‍යයක ඇරඹෙන මාසයේ පළමු දිනයයි. මෙහි තරමක පටලැවිල්ලක් වෙනවා. චෛත්‍ර තාරකාවට ප්‍රතිවිරුද්ධ ලක්‍ෂ්‍යයක ඇරඹෙන මාසය නම් කර ඇත්තේ චෛත්‍ර මාසය ලෙසයි. වෛදික දින දර්ශනවල වෙනත් මාස සම්බන්ධයෙන් ද එවැනි නම් කිරීමක් සිදු වී තිබෙනවා. චෛත්‍ර තාරකාව ඇත්තේ සිත නැකතෙහි. එනම් අහස නැකැත්වලට බෙදූ විට සිත නැකත ලෙස නම් කෙරී ඇති ප්‍රදේශයෙහි. චෛත්‍ර යන්න සිත සමග බැඳී ඇතැයි සිතන්න පුළුවන්. ඇතැමුන් චෛත්‍ර යන්න හතර ලෙස ද ගෙන තිබෙනවා. කලකට පෙර මේ කරුණු පටලවා ගත් පඬියකු සිංහල අවුරුද්ද ඇරඹෙන්නේ සිත නැකතෙන් යැයි කී බව මතකයි.
චෛත්‍ර මාසයේ පටන් ගැනීම ගැනත් ඒ ඒ ප්‍රාන්තවල විවිධ අදහස් තිබෙනවා. තමිල්නාඩුවේ හා කේරළයේ අලුත් අවුරුද්ද හා චෛත්‍ර මාසය පටන් ගැනෙන්නේ අපේල් 13, 14, 15 දිනවල. එපමණක් නොව ඇසෑම්, බෙංගාලය, ඔදිෂා (ඔරිස්සා) ප්‍රාන්තවලත් උතුරු හා මධ්‍යම ඉන්දියාවේත් අවුරුද්ද පටන් ගැනෙන්නේ අප්‍රේල් 13, 14, 15 දිනවල. එමෙන් ම මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය (චම්පා) වැනි රටවලත් ඒ දිනවල අවුරුද්ද පැවැත්වෙනවා. 1918 දී චෛත්‍ර මාසය ඇරඹෙන්නේ අප්‍රේල් 15 වැනි දා විය හැකියි. එසේ වුවහොත් සිංහල දෙමළ අවුරුද්ද එක දවසක පවත්වන්න බැරිවේවි. ලබන අවුරුද්දෙ සිංහල අවුරුද්ද උදා වෙන්නෙ අප්‍රේල් දහහතරවැනි දා උදේ අටයි දොළහට. එහෙම වුනොත් සිංහල දෙමළ අවුරුද්දට කරන්නෙ මොකක් ද?
තමිල්නාඩුවෙ පවත්වන අවුරුද්දට කියන්නෙ පුතන්ඩු කියලා. කේරළයෙ කියන්නෙ විෂු කියලා. ඒ ඒ සංස්කෘතිවල අවුරුදු සිරිත් විරිත් වෙනස් වෙනවා. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ඒත් අපට ප්‍රශ්නයක් වෙන්නෙ ආන්ද්‍ර ප්‍රදේශය ඇතුළු ද්‍රවිඩ ප්‍රාන්ත කිහිපයක අවුරුද්ද මාර්තු හා අප්‍රේල් මාසවල චන්ද්‍ර වර්ෂ අනුව යුගාදි වන්නෙත් තමිල්නාඩුව හා කේරළයේ එය අප්රේල් 13, 14, 15 වන්නෙත්, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය (චම්පා) ආදී ථෙරවාද බෞද්ධ රටවල හා ථෙරවාදය පවතින චීනයේ යුනානි ප්‍රදේශයේත් අප්‍රේල් 13, 14 අවුරුද්ද පවත්වන්නෙත් මොකද කියන එක.
ඉතා පැහැදිලි ව තමිල්නාඩුව හා කේරළය අනෙක් ද්‍රවිඩ ප්‍රාන්තවලින් වෙන් කෙරී තිබෙනවා. අනෙක් ද්‍රවිඩ ප්‍රාන්ත මහාරාෂ්ට්‍රයත් සමගත් එක් වී දිගට ම යුගාදි පවත්වන විට තමිල්නාඩුව හා කේරළය ථෙරවාද රටවල් සමග එක්වී අප්‍රේල් 13, 14 දිනවල අවුරුදු පවත්වනවා. ඒසේ වන්නේ ඇයි? කලකට ඉහත තමිල්නාඩුව හා කේරළය බෞද්ධ වී ද? තමිල්නාඩුවෙ උතුරෙ බෞද්ධ බලපෑමක් තිබුණෙ පල්ලව කාලෙ. ඒ දෙමළ බෞද්ධ කතාවක් නොවෙයි. පල්ලව බෞද්ධ කතාවක්. එහෙත් බෞද්ධ බලපෑම වැඩියෙන් තිබූ, සිංහලයන් සමග වැඩියෙන් සම්බන්ධකම් පැවැත් වූ ආන්ද්‍ර ප්‍රදේශයේ පැවැත්වෙන්නෙ යුගාදි. යුගාදි අවුරුදු හැටකට වතාවක් චක්‍රයක යනවා. ඒ ග්‍රහයන් තිදෙනකුගේ චලිත මුල් කරගෙන. චීනයේත් අවුරුදු හැටේ චක්‍රය තිබෙනවා.
ඇතැමකු කියන්න පුළුවන් තායිලන්තය ආදී රටවලට අවුරුද්ද ගෙන ගියේ චෝලයන් කියලා. චෝල චෝල රාජ්‍යය කලක දි වියට්නාමය දක්වා පැතිරී තිබෙනවා. රාමායන කතාව තායිලන්තයේ ජනප්‍රියයි. මේ සංස්කෘතික අන්තර් ක්‍රියා ගැන එතරම් අධ්‍යයනයක් කෙරිලා නැහැ. ආන්ද්‍ර ප්‍රදේශයත් සමග අප හයවැනි සියවසෙන් පමණ පසු එතරම් සමීප සම්බන්ධකම් පවත්වලා නැහැ. පොළොන්නරු යුගයේ විශේෂයෙන් ම පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව අපේ ජාත්‍යන්තර සම්බන්ධකම් වැඩි වශයෙන් පාණ්ඩ්‍ය චේර හා ථෙරවාද බෞද්ධ රටවල් සමග පැවතී තිබෙනවා.
අපට පුරුදු වෙලා තියෙන්නෙ අප හැම දෙයක් ම වෙනත් රටවලින් ගත්ත බව කියන්න. අපේ සංගීතය උත්තර භාරතීය ප්‍රස්තාරවල පිහිටුවන්න බැහැ. ඒත් අපේ සංගීතය අද වෙනත් සංගීතවලට යටවෙලා. අපේ ආවේණික සංගීතයක් ගැන කතා කරන්නෙ නැති තරම්. අපේ ශිල්ප ගැන අප කොහේවත් ලියා නැහැ. ශාස්ත්‍ර ගැන ටිකක් ලියවෙලා තියෙනවා. වැව් හා දාගැබ් අපට පේන්න තියෙනවා. ඒත් ඒ ශිල්ප ගැන ලියපු පොත් නැහැ. බැරි වෙලාවත් වැව් හා දාගැබ් නැතිවෙලා ගියා නම් අපට ඉදිකිරීම් සංස්කෘතියක් තිබුණෙ නැහැ කියලා පඬියන් කියාවි. අපේ සංගීතයක් කියලා කියන්න පුළුවන් යමක් පොතක පතක ඉතිරි වෙලා නැති නිසා පඬියන්ට කියන්න බැහැ අපට සංගීතයක් තිබුණෙ නැහැ කියලා. අප සංගීතයෙ හරි වෙන කොහෙ හරි ප්‍රවාද නිර්මාණය කෙළෙ නැහැ. එයින් කියන්නෙ අප කිසිත් ලෝකයට දී නැත කියන එක නො වෙයි. අද ඉන්න පඬියන් තමන් කිසිවක් ලෝකයට දෙන්නෙ නැති නිසා ඔවුන් හිතනවා ඇති අපේ පැරැන්නන් ද ඔවුන් මෙන් හිස් පුද්ගලයන් කියා. අද පඬියන් දන්නෙ බටහිර ආධිපත්‍යයට යටවෙන්න.
නැකැත් කෙළි අප ලෝකයට දුන් දේ. නැකැත් අපේ ම නිර්මාණයක්. අහස නැකැත් විසිහතකට බෙදුවෙ අපි. වෛදිකයො ඒකට අභිජිත් කියලා නැකතක් එතකු කළා. චීනයටත් ඒ නැකැත් විසි අට ගියා. අහස නැකැත්වලට බෙදුවෙ චන්ද්‍රයාගෙ ගමන අනුව. ඒත් සෘතු වෙනස් වෙන්නෙ සූර්ය ගමන අනුව. අපට ඉරත් හඳත් දෙක ම වැදගත්. ඒ දෙක තමයි අපේ ප්‍රධාන ග්‍රහයො. සූර්යයා තාරකාවක් පමණක් කියලා කියන්නෙ බටහිර තාරකා විද්‍යාවට අනුව. හඳ අනුව බෙදපු අහසෙ ඉර ගමන් කරන්නෙ කොහොම ද කියන එක අනුව තමයි නැකැත් කෙළි පවත්වන්නෙ. වෙනත් විධියකට කිවුවොත් නැකැත් අතරින් ඉර ගමන් කිරීම තමයි නැකැත් කෙළිවල පදනම. සිංහලයන් තමයි ඉරේ ගමනයි හඳේ ගමනයි එකතු කෙළේ. සිංහල අවුරුද්ද ආරම්භ වෙන්නෙ ඉර රේවති නැකතෙන් අස්විද නැකතට යෑමත් සමග. ඉර මුවසිරසෙට යන විට දේවානම්පිය තිස්ස රජු මුව දඩයමේ ගියා. ඉර අස්ලිස නැකතට යනකොට අප ඇසළ නැකැත් කෙළිය පැවැත්වුවා. මේ නැකැත් කෙළි ඒ විධියට කේරළයෙ හරි තමිල්නාඩුවෙ හරි නැහැ. ඔවුන් හා ථෙරවාද රටවල් අපේ එක නැකැත් කෙළියක් අරගෙන තිබෙන බව පේනවා. ඒත් වෛදිකයන් ඒක අවුල් කළා. රාශි හා නැකැත් එකතු කරන්න ගිහින් මේෂ රාශියෙ ආරම්භය අස්විද නැකතෙ ආරම්භය එක්ක සමපාත කරලා අවුල් කළා. නිර්මාණශීලි බව නැති කර ගත් සිංහලයන් ඒ අවුල අරගෙන අවුරුදු දාට ඉර මීනයෙන් මේෂයට යවනවා. ඒත් එදාට ඉර මේෂයට ඇවිත් නැහැ.
Vishu 2023: Date,
history, significance and celebration of Malayalam
New Year
ByAkanksha Agnihotri, Delhi
Apr 12, 2023 03:02 PM IST
Vishu 2023: Let's delve
deeper into the history and significance of Vishu and explore the various
rituals and customs associated with Malayalam New Year.
Vishu, the Malayalam New
Year, is a festival that is
celebrated with great fervour and enthusiasm in the southern Indian state of
Kerala. It falls on the first day of the Malayalam month of Medam, which
usually falls in the month of April as per the Gregorian calendar. The festival has a rich history and is
steeped in cultural and traditional significance. Vishu is a time for new
beginnings and is celebrated with traditional rituals, feasts, and colourful
decorations. Throughout Kerala, Vishu is celebrated with
great enthusiasm and is an integral part of the state's culture and traditions.
From history, and significance to date here is all you need to know about this
auspicious festival. So, let's dive into the colourful and vibrant world of
Vishu! (Also read: Vishu 2023: Traditional sweet dishes to include in Vishu Sadya )
Vishu is a vibrant and joyous festival
that marks the beginning of the New Year according to the Malayalam calendar,
which is used in the southern Indian state of Kerala.(Pinterest)
Date, history,
significance and celebration of Malayalam New Year
Vishu 2023 Date:
Vishu, the Malayalam New Year, is
celebrated on the first day of the Malayalam month of Medam. This usually falls
in the month of April as per the Gregorian calendar. The exact date of Vishu
varies each year based on the positioning of the sun, but it typically falls on
or around April 14. This year the festival will be celebrated on Saturday, April
15.
Vishu history:
Vishu has a rich history steeped in
mythology and folklore. According to legend, Lord Krishna killed Narakasura the
demon on this day while another says that it was the day when the Surya Dev
returned. It is said that demon king Ravana did not allow the Sun God to rise
from the east and Vishu marks the day after Ravana's death when the sun could
finally rise from the east.
Signifinace of Vishu:
Vishu is a significant festival in
Kerala that marks the beginning of the New Year according to the Malayalam
calendar. It has deep cultural, spiritual, and social significance and is
celebrated with traditional rituals, feasts, and the exchange of gifts. The festival
symbolizes new beginnings, the victory of good over evil, and the triumph of
light over darkness. It is a time for rejoicing, renewal, and coming together
with loved ones to seek blessings for a happy and prosperous New Year.
Celebration:
Vishu celebrations begin at dawn with
the traditional custom of looking at the Vishu Kani. A day prior to the
festival, an elder member of the household sets up the Vishu Kani, which
includes auspicious items like raw rice, flowers, coins, and other symbolic objects
arranged in a bell-shaped vessel called Uruli. A traditional lamp, Nilavilakku,
is also lit and placed beside the Uruli. On the day of the festival, family
members wake up with closed eyes and look at the Vishu Kani first thing in the
morning to attract good luck and prosperity.
After this ritual, the family reads
verses from the Ramayana, followed by bursting of crackers as part of Vishu
Paddakam. All family members then come together to enjoy a sumptuous Vishu
Sadya, which is a traditional feast served on banana leaves and includes 20-30
dishes. The feast includes a variety of delicacies such as Vishu Thoran, Beans
Thoran, Beetroot Pachadi, Manga Peukku, Tomato Rasam, Aviyal, Sarkara Varatti,
Olan, Chakka Aviyal, and Semiya Payasam. The Vishu Sadya is a special part of
the festival and is enjoyed by all with great enthusiasm.