Main Logo

Monday, 3 April 2023

හල්කිරීම ලැබුණෙ කොහෙන් ද?

හල්කිරීම ලැබුණෙ කොහෙන්

 

 සීගිරිය ගැන තව ප්‍රශ්න තියෙනවා. මුගලන් අවුරුදු දහඅටක්   ඉන්දියාවෙ හරි දඹදිව හරි භාරතයෙ හරි හිටියෙ මොක ? භින්න මාතෘ කියන වචනවල තේරුම මොකක් ? විශේෂයෙන් සමාන මාතෘ සමග යෙදීමේ දී. සීගිරි සිතුවම්වල ඇත්තේ කාශ්‍යප රජුගේ බෝධි හා උප්පලවන්නා දියණියන් සේවිකාවන් සමග පන්සල් යෑම ? සිතුවම් කර තිබූ සිංහ රූපය කාගෙ ? කලින් දා ඇසු ප්‍රශ්නවලටත් කෙටියෙන් හරි පිළිතුරු දෙන්න ඕන.

 

ඒත් අදත් එය කරන්න බැහැ. ශුන්‍යය හා බිංදුව ගැන තව කරුණක් දෙකක් පමණක් කියන්න තියෙනවාවිස්තරය ලබන අටවැනි දා රාත්‍රි අටට පුරාවිද්‍යා උරුම අධ්‍යයන ආයතනය සංවිධානය කරන දේශනයකින් කියන්නම්. ඊජිප්තුවේ පිරමිඩවල සඳහන් ශුන්‍යය ගැන කියන්නම්. මායා ශිෂ්ඨාචාරයේ ශුන්‍යය අමතක කරන්නේ නැහැ. එයට කලින් ගූගල් මගින් ලබා ගන්නා තොරතුරු වේ නම් සඳහන් කරන්න. ඉඩක් තිබුණොත් කරුණු කියන්නම්දේශනය සඳහා පිවිසීමට පළමු ප්‍රතිචාරයේ ඇති තොරතුරු යොදා ගන්න.

 

එමෙන් හැකි අය කාලය මෙටාවෙ හරි වෙබ් අඩවියෙ හරි තියෙන පහත සඳහන් ලිපි තුන කියව ගන්නව නම් හොඳයි. බෞද්ධයන් නැත්නම් ශුන්‍යය නැහැ (2019 ජූනි 10), ශුන්‍යය සංකේතය සිංහලයන්ගේ ? (2019 ජූලි 07), සිංහලයන්ගෙ බිංදුව (2019 දෙසැම්බර් 28). අවශ්‍ය නම් ලිපිවල සඳහන් ඇක්සල් ගැනත් ගූගල් ගිහින් කියව ගන්න. අවුරූදු තුනකට පමණ ඉහත කරන්න තිබුණු සංවාදයක් දැන් හරි කෙරෙන එක හොඳයි.

 

ඊයේ (අප්‍රේල් 02) ලිපියට ඌණ පූරණයක් කරන්නත් තියෙනවා. මා එහි සඳහන් කළා මට විද්‍යාඥයකු වීමට අදහසක් ඇති කෙළෙ අයින්ස්ටයින් කියා. ඔහුගෙ සාපේක්‍ෂතාවාදය ගැන දිනවල මට තේරෙන ආකාරයට ලබා තිබූ දැනුම නිසා. අදත් මා විවේකයක් ඇති විට කරන්නෙ විශ්වවේදය පිළිබඳ ප්‍රශ්න කිරීම හා උත්තර සපයා ගැනීමට උත්සාහ කිරීම. සාපේක්‍ෂතාවාදයට වුණත් හිත ගියෙ ව්‍යවහාරික ගණිතයෙ හා භෞතික විිද්‍යාවෙ ඉගෙන ගත් දේ නිසා. එහි දී අපට ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ වී අරසරත්නම් මහතාත් නිරවුල් හිතන්න පුරූදු කළ රසායන විිද්‍යාව ඉගැන්වූ ක්‍රිස්ටි ගුණසේකර මහතාත් සඳහන් කරන්න අවශ්‍යයයි.

 

ව්‍යවහාරික ගණිතය කියන්නෙ ඉංගිරිසින්ගෙ කතාවක්. ඇමරිකාවෙ ව්‍යවහාරික ගණිතයක් නැහැ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ තියෙනවා ව්‍යවහාරික ගණිතය හා ප්‍රවාදාත්මක ( ෙසෙද්ධාන්තික) භෞතික විද්‍යාව නමින් අධ්‍යනංශයක්. විෂය දෙකට මැද්දෙන් ඕන නම් ගණිතමය භෞතික විද්‍යාව කියා පාඨමාලාවක් නම් කරන්න පුළුවන්. කෑලණිය විශ්වවිිද්‍යාලයෙ එවැනි පාඨමාලාවක් තියෙනවා. කොහොමටත් කිසිවක් ගණිතය නොවෙයි. අප ලංකාවෙ ගණිතය හඳුන්වන්නෙ ශුද්ධ ගණිතය කියා. එය තනිකර වියුක්ත කතාවක්. නැහැ නැහැ පිටින් ඉඳන් බෑලීමක් නො වෙයි.

 

අප ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්නෙ අංක ගණිතය. සමහරවිට සංඛ්‍යා (number) කියාත් කියනවා. සංඛ්‍යා ප්‍රවාදය (number theory) නො වෙයි. මේ සංඛ්‍යා පාඩම්වල දී අපි ඉලක්කම් යොදා ගන්නවා. සංඛ්‍යා ලියන්නෙ ඉලක්කම්වලින්. අද තියෙන විධියට නම් 0 1 2 3 4 5 6 7 8 9 තමයි ඉලක්කම්. ඉලක්කම් යොදා ගෙන ඕන සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. 75046 එවැනි සංඛ්‍යාවක්. එහෙම ලියල සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න බෙදන්න පහසුවෙන් පුළුවන්.

 

මේ ඉලක්කම් කියන්නෙ සංකේත. ඒවා 1 2 3 4 5 6 7 8 9 0  නිරූපණය කරනවා. ඒවා ඉලක්කම් වගේ සංඛ්‍යා වෙනවා. 4 කියන්නෙ ඉලක්කමක් වගේ සංඛ්‍යාවක්. ඒත් 45 කියන්නෙ ඉලක්කමක් නො වෙයි. ඒක සංඛ්‍යාවක්. අකුරු කියන්නෙත් සංකේත. සංස්කෘතියෙ ශබ්දවලට සංකේත තියෙනවා. සංස්කෘතියෙ තියෙන්නෙ ශබ්ද. මෑතක් වන තුරු සිංහලයෙ ශබ්දය තිබුණෙ නැහැ. අපට z ශබ්දයක් නැහැ. සමහරු සූ යනවා කියල zoo යනවා. කමක් නැහැ. ඉස්සර අපි පෑන් කිවුවෙ. අද කියනව ෆෑන් කියල. අපට වෙනත් සංස්කෘතිවල ශබ්දත් ලැබෙනවා. අප ළඟ තියෙන මහාප්‍රාණ ශබ්ද පිටින් ගත්ත ඒවා. අපි අදත් කියනවා මේ මොන මහප්පරාණ කියල. යහපත් අරූතකින් නම් නො වෙයි. අපේ අකුරෙ ශබ්දය වෙනත් භාෂාවල අකුරක් (සංකේතයක්) නෑතුව කියැවෙනවා. ශබ්ද සහ අක්‍ෂර (සංකේත) අතර එකට එක අනුරූපිතයක් නැහැ. ඉංගිරිසියෙහි u අකුර put ලියන්නත් nut ලියන්නත් යොදා ගන්නවා

 

අප කාලෙක දි ඉලක්කම් සඳහාත් අකුරු යොදා ගෙන තියෙනවා. ආර්යභට්ටත් කළෙ ඒකමයි. අවශ්‍ය සංකේත. එහෙත් ආර්යභට්ටට ඉලක්කම් එහෙමත් නැත්නම් අක්‍ෂර දහයකට වැඩිය තිබුණා. ඔහුට ශූන්‍යය සඳහා සංකේතයක් තිබුණෙ නැහැ. රෝමයන්ට තිබුණෙත් නැහැ. එහෙත් අයට ක්‍රමයක් තිබුණා සංඛ්‍යා ලියන්නනවය IX  කියල එකොළහ XI කියල. විස්ස ලිවුවෙ XX කියල.

 

අකුරු ඉලක්කම් ආදිය වියුක්ත සංකේත. සංඛ්‍යා කියන්නෙත් වියුක්ත සංකල්ප. පොල් ගෙඩි දහයක් හා දෙල් ගෙඩි විස්සක් එකතු කරන්න බැහැ. එකතු කරන්න නම් ඒවා ගෙඩි හැටියට සලකන්න ඕන. එවිට ගෙඩි තිහක් ලැබෙනවා. පොල් ගෙඩි තිහක් හරි දෙල් ගෙඩි තිහක් හරි ලැබෙන්නෙ නැහැ. ඔළු ගෙඩි නම් එකතු කරන්න බැහැ.

 

ශුන්‍යයට ඇතැම් සංස්කෘතිවල සංකේත තිබුණ. සමහර සංස්කෘතිවල ස්ථානීය අගය තිබුණෙ නැහැ. අද අප කතා කරන  බිංදුව ස්ථානීය අගය සහිත සංඛ්‍යා ලියන්න යොදා ගන්නවා. බිංදුව සංකේතය සහිත පැරණි සටහන තියෙන්නෙ කාම්බෝජයෙ. කාම්බෝජයට සංකේතය ලැබුණෙ කාගෙන් ?

 

ඔය ඊනියා විද්‍යාත්මක ක්‍රමය කියල උගන්වන  පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන නැහැ. අපි ඉගෙන ගන්නෙ නිරීක්‍ෂණ ප්‍රශ්න කිරීම් හා උත්තර ලබා ගැනීමෙන්. නිරීක්‍ෂණ වුණත් අපට ලැබෙන්නෙ සංස්කෘතියෙන්. පොඩි කාලෙ අපට මලක් පෙන්නල මල කිවුව අපි මලක් නිරීක්‍ෂණය කරනවා. එහෙමත් නැත්නම් නිරීක්‍ෂණයකට නමක් ලැබෙනවා. අපි සමහර වෙලාවට අහනවා අම්මෙ අර මොකක් කියල. ඒකට උත්තරයක් ලැබෙනවා. ඇයි මල් පිපෙන්නෙ කියල ඇහුවොත් උත්තරයක් නැහැ. කොහොමද මල් පිපෙන්නෙ කියල ඇහුවෙත් බටහිර උද්භිද විද්‍යාවෙ තියෙන උත්තරයක් පස්සෙ කාලෙක දී ලැබේවි.

 

සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පෙළෙන් පස්සෙ ප්‍රශ්න අහන එක නවත්තනවා. මා කියන්නෙ අර මිනිහ අතන මොකක් කරන්නෙ වගේ ප්‍රශ්න නො වෙයි. ඒව තමයි ඊට පස්සෙ අපි අහන ප්‍රශ්න. අපිට ප්‍රශ්නත් උත්තරත් දැන් නම් බටහිරින් ලැබෙනවා. අපිට හරි ලෙහෙසියි. ප්‍රශ්න කරන්නවත් උත්තර හොයන්නවත් මහන්සි වෙන්න ඕන නැහැ. කාලෙකට ඉස්සර අපට ප්‍රශ්නත් උත්තරත් ලැබුණෙ භාරතයෙන්. ඒත් භාෂ්කර හත්වැනි සියවසේ බිංදුව යොදා ගන්න කලින් අපි හල්කිරීම යොදා ගත්ත. අපට හල්කිරීම ලැබුණෙ කොහෙන් ?  





එන්න, අපි සීගිරියේ "බින්දුව" ගැන කථා කරමු. 
ආචාර්ය නලින් ද සිල්වා 2023.04.08 රාත්‍රී 8.00 ට 

පුරාවිද්‍යා උරුම අධ්‍යයන ආයතනයේ 2023
 වර්ෂයේ මර්ගගත දේශන මාලාව 

Join Zoom Meeting https://us06web.zoom.us/j/83284335378?pwd=VFh4WEt0MDVTL0FDTkJsYkxzVWJ5UT09 Meeting ID:

 832 8433 5378 Passcode: 095508 

YouTube Live https://youtube.com/live/lRjje8BWblY?feature=share