රේඛීය හා විශ්ලේෂණාත්මක සිතීම
රේඛීය සිතීම (ලීනියර් තින්කින්) හා විශ්ලේෂණාත්මක සිතීම (ඇනැලිටිකල්
තින්කින්) ගැන බටහිරයන්ගේ නිර්වචන තිබෙනවා. ඔවුන්ට අනුව රේඛීය සිතීමේ දී පියවරෙන්
පියවර අනුමාන නීති (රූල්ස් ඔෆ් ඉන්ෆරන්ස්) යොදා ගෙන එක් ප්‍රස්තුතයක සිට තවත් ප්‍රස්තුතයක්
කරා යනවා. එහි මුලක්, පටන් ගැන්මක් තියෙනවා. පටන් ගැන්ම ඇත්ත
ද බොරු ද කියා දන්නේ නැහැ. ඒ බවක් අහන්නෙත් නැහැ. අවශ්‍ය වන්නේ පියවරෙන් පියවරට
අනුමාන නීති යොදා ගැනීමයි. විශ්ලේෂණාත්මක සිතීමේ දී යමක් කොටස්වලට කඩා අධ්‍යයනයක්
කෙරෙනවා. ඉන්පසු ඒ කොටස් එකතු කරනවා. විශ්ලේෂණාත්මක සිතීමේ දී සමස්තය කොටස්වල
එකතුවක් ලෙස සැලකෙනවා. බොහෝ දෙනා රේඛීය සිතීම හා විශ්ලේෂණාත්මක සිතීම බුදුදහමේ
ඇතැයි සිතනවා. එහෙත් එය එසේ නො වෙයි. මෙහි සඳහන් සිතීම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි
චින්තනයෙහි කියැවෙන චින්තනය සමග පටලවා ගන්න එපා. මා සිතීම යන වචනය යොදා ගන්නේ එය
චින්තනය යන්නෙන් වෙනස් බව අවධාරනය කිරීමටයි.